Headlines

    බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට පැමිණීමට තිබූ තහනම වහාම ඉවතට – “අභියෝග ජය ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්න” ජනපති කියයි.

    බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට පනවා තිබූ තාවකාලික සංචාරක තහනම වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කර තිබේ. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවකදී එම තීරණය ගත් බවයි. ඒ අනුව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුකූලව සංචාරකයින් කටයුතු කළ යුතු අතර සංචාරකයින් දිවයිනට පැමිණිමෙන්…

    Read More

    චන්ද්‍රිකා, රනිල්, මෛත්‍රී හිටපු ජනපතිවරුන් තිදෙනා එකම වේදිකාවක

    වරලත් ගනකාධිවරුන්ගේ 45 වන ජාතික සමුළුව හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ පවත්වා තිබේ. කොළඹ දී පැවති මෙම සමුළුව සඳහා හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන අය සහභාගී වී සිටියහ. එම ජාතික සමුළුවේදී හිටපු ජනාධිපතිවරුන් තිදෙනා එකම වේදිකාවක දී ඔවුන්ට ඉදිරිපත් වු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම විශේෂත්වයකි. එහිදි මෙරට…

    Read More

    විදුලිබල පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි නිත්‍යානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමුකරන බව නිවේදනය කළේය.  විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාගය පැවැත්වුණි. පුරා දින තුනක් තිස්සේ පැවැති මෙම පෙත්සම් විභාගය අද…

    Read More

    අතේ තියෙන්නෙ 10 කාසි දෙකයි.. දරුවා බිස්කට් ඉල්ලනවා..

    කොරෝනා අාරම්භ වෙද්දී තමන් අත තිබුණේ රුපියල් හයසීයක් පමණක් බවත් දැන් ඇත්තේ රුපියල් දහයේ කාසි දෙකක් පමණක් බවත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සිරස රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට දුරකථනයෙන් සම්බන්ධ වෙමින් කියාසිටියේය. එම නාලිකාවේ ‘දවස’ වැඩසටහන සමඟ එක්වී සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා වෙත එම පුද්ගලයා කියා සිටියේ තම දරුවා මේ වන විට තමන්ගෙන් බිස්කට් ඇතුළු විවිධ…

    Read More

    රිදියගම හැඩකරන ඩෝරා සහ ලාරාගේ සිංහ පැටව්

    හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට අලුතෙන් සිංහ පැටව් 6 දෙනෙකු මේ වනවිට එක්ව තිබේ. ඒ එම සෆාරී උද්‍යානයේ සිංහ ධේනුවන් දෙදෙනෙකු පැටව් තුන් දෙනා බැගින් බිහි කිරීමත් සමග. මෙලෙස පැවව් බිහිකර ඇත්තේ ලාරා සිංහ සහ ඇගේ දියණිය ඩෝරා වන අතර, පැටව්න්ගේ වයස මසකට වැඩි බව සෆාරි උදානයේ නිලධාරින් පවසයි. ඩෝරා යනු මීට වසර කිහිපයකට පෙර ලාරා…

    Read More

    සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන කටයුතු අත්හිටවනු ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. එම නීති උල්ලංඝනය කරන පුද්ගලයින්…

    Read More

    මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස රිමාන්ඩ්

    මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස එළැඹෙන පෙබරවාරි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඊයේ (28) රාත්‍රියේ අදාළ ධීවරයින් පිරිස මල්ලාකම් මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත. 27 වන දින රාත්‍රී කාලයේදී කන්කසන්තුරය මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයින් පිරිසක් සංචාරයේ යෙදෙමින් මෙරට මුහුදු…

    Read More

    වෙළෙඳපොළේ සියඹලා මිල ඉහළ යයි

    දේශීය වෙළෙඳපොළේ පවතින සියඹලා හිඟය හේතුවෙන් සියඹලා මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව වාර්තා වේ. සාමාන්‍යයෙන් රුපියල් 350ක් 400ක් වැනි උපරිම සිල්ලර මිලකට අලෙවිකළ සියඹලා කිලෝවක් අද (12) දිනයේ හැටන් ප්‍රදේශයේ රුපියල්  2,000ක සිල්ලර මිලකට අලෙවිකර තිබේ. මේ දිනවල සියඹලා ගස්වල අස්වැන්න නොමැති බවත්, මාර්තු මස අග පමණ වන විට සියඹලා ඵලදාව ලබාගන්නා තෙක් මෙම…

    Read More

    කොලොම්බියා ජනපතිට වෙඩි ප්‍රහාරයක්..

    කොලොම්බියා ජනාධිපති අයිවන් ඩියුක් හා  තවත් ප්‍රභූන් කිහිප දෙනෙකු ගමන් ගත් හෙලිකොප්ටර් යානයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි,ජනාධිපතිවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙනිසියුලා දේශසීමාව ආසන්නයෙන් පියාසර කරමින් තිබියදී හෙලිකොප්ටර් යානයට මෙම වෙඩි ප්‍රහාර එල්ල වී තිබෙන අතර ජනාධිපතිනරයට අමතරව එරට ආරක්ෂක අමාත්‍යවරයා, අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ පළාත් ආණ්ඩුකාරවරයෙකු එම යානයේ සිටි බව සඳහන්…

    Read More

    පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්

    2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර එළැඹෙන වසරේ 02 වැනි බ්‍රහස්පතින්දා දින ආරම්භ වන බවය. එමෙන්ම සියලු ම පාසල්වල තෙවන පාසල් වාරය එළැඹෙන ජනවාරි 24 දින අවසන් වන බවත්…

    Read More