Headlines

    හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

    හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය. 2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් හැටඑක් ලක්ෂ 46,110ක මුදලක් ලබාගෙන, එම කටයුත්ත…

    Read More

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන කාර්යංශ අලෙවි කවුළුව හෙට සිට වසා දැමේ..

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන කාර්යාංශයට අයත් අලෙවි කවුළුව අප්‍රේල් 28 දින එනම් හෙට දින සිට නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබේ.

    Read More

    වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද..

    මේ වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද(26) මෙරට ජනතාවට දිසවෙනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේ ය. ඒ, ඡායා චන්ද්‍රග්‍රහණයක් ලෙසය. ජයරත්න මහතා සඳහන් කළේ, අද (26) පස්වරු 06.23 සිට පස්වරු 7.20 දක්වා සඳෙහි කොටසක පමණක් දීප්තිය තරමක් අඩු වී ඡායා චන්ද්‍රග්‍රහණය මෙරට…

    Read More

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අමෙරිකාවේදී අමිහිරි අත්දැකීම්

    ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට අමරිකාවට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ගැටලු රැසකට මුහුණ දී තිබේ. ඒ, ගුවන් යානා ප්‍රමාදවීම්, නවාතැන් ගන්නා හෝටල් සහ ක්‍රීඩාංගන අතර පවතින දුර මෙන්ම ක්‍රීඩාංගන තණතීරු සම්බන්ධයෙනි. ශ්‍රී ලංකා පිල පළමු අත්දැකීමට මුහුණදුන්නේ, අයර්ලන්තය සමග පැවැති පුහුණු තරගයෙන් පසුව ෆ්ලොරිඩා සිට නිව්යෝර්ක් දක්වා පැමිණීමේදී සිදුවූ ගුවන් ගමන් ප්‍රමාදයයි.  එහිදී ශ්‍රී ලංකා, අයර්ලන්තය සහ දකුණු…

    Read More

    කොලොම්බියා ජනපතිට වෙඩි ප්‍රහාරයක්..

    කොලොම්බියා ජනාධිපති අයිවන් ඩියුක් හා  තවත් ප්‍රභූන් කිහිප දෙනෙකු ගමන් ගත් හෙලිකොප්ටර් යානයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි,ජනාධිපතිවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙනිසියුලා දේශසීමාව ආසන්නයෙන් පියාසර කරමින් තිබියදී හෙලිකොප්ටර් යානයට මෙම වෙඩි ප්‍රහාර එල්ල වී තිබෙන අතර ජනාධිපතිනරයට අමතරව එරට ආරක්ෂක අමාත්‍යවරයා, අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ පළාත් ආණ්ඩුකාරවරයෙකු එම යානයේ සිටි බව සඳහන්…

    Read More

    මහින්දගේ ආරක්ෂක තත්ත්වය ගැන අලුත්ම හෙළිදරව්ව

    රාජ්‍ය බුද්ධි තොරතුරු අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (26) BIG FOCUS වැඩසටහනට එක්වෙමිනි. එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ අදාළ ආරක්ෂක තත්ත්වයත් තුළ අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට හැකියාව පවතින බවය. “මනෝජ් ගමගේ මහතා කියලා තිබුණා ඩ්‍රෝන…

    Read More

    යෝෂිතට දුන් ඇපය ගැන අධිකරණ ඇමති කරුණු පැහැදිලි කරයි

    යෝෂිත රාජපක්ෂට ඇප ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා කරුණු පැහැදිලි කළේය. එහිදී අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ, යෝෂිත රාජපක්ෂ මේ දක්වා අදාළ නඩුවේ සැකකරුවෙක් ලෙස නම්  කර නොමැති බවය.  “යෝෂිත රාජපක්ෂ සම්බන්ධ වූ මුදල් විශුද්ධිකරණ සිද්ධිය දැනට අවුරුදු 8කට පමණ කලින් තමයි සිදුවෙන්නේ. මේ දක්වා යෝෂිතව නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කෙරුණේ නැහැ. එතකොට යම් පුද්ගලයෙක්ට…

    Read More

    ප්‍රියන්ත කොළඹගේ සහ මම….!!!

    “මන්දාරා”ප්‍රියන්ත කොළඹගේ සහ මම….!!!මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා, මගේ මතකය නිවැරදි නම් 2006දි විතර දවසක මට ඇමතුමක් ආවා නොදන්නා අංකයකින්. මම ඒ වෙලාවෙ හිටියෙ කොළඹ ශාන්ත පීතර විදුහලේ ප්‍රාථමික අංශයට ඇතුළු වෙන තැන පඩිපෙල නගිමින්.“වජිර… මට ඔයාව හම්බ වෙන්න ඕනැ… මම කතා කරන්නේ ප්‍රියන්ත කොළඹගේ කියල කෙනෙක්…” ඇමතුමේ සාරාංශය එයයි…! ඒ වෙනකොට මම ප්‍රියන්තව දැනගෙන හිටියා….

    Read More

    හොංකොං සික්සස් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට

    පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය කර වසර 7කට පසුව පැවැත් වූ හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (3) සමත් විය. අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 3.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 72ක් පමණි. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු…

    Read More

    මාරක බස් අනතුරක් – සිව්දෙනෙක් මරුට

    දොරටියාව පොලිස් වසමේ දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී සිදුවු මාරක බස් අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, කඳුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන පුද්ගලික බස් රථයක්, මගීන් නංවා ගැනීම සඳහා නවතා තිබියදී එම දිශාවටම ධාවනය වූ තවත් පුද්ගලික බස් රථයක් නවතා තිබූ බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය….

    Read More