Headlines

    එකම ගිණුමකට බැරවෙන මාලිමාවේ මන්ත්‍රී දීමනා

    ජාතික ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන්ගේ දීමනා එක ගිණුමකට බැර කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි. “නිහාල් ගලප්පත්තිගෙන් ආරම්භ වුණ ඒ ගමන අපි ඉස්සරහට පවත්වාගෙන යනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය. බොරැල්ලේ මහජන බැංකුවේ පවතින බැංකු ගිණුමට අදාළ දීමනා බැර කරන අතර, ඉන් පසුව එම මුදල් ජනතා සේවයට යොදවන බවත් පැවසූ…

    Read More

    බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වූ පින්බර දුරුතු පෝය අදයි.

    ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ පළමු අවස්ථාව සනිටුහන් කිරීමත්, සුමන සමන් දෙවිදුන් සෝවාන් වීම සහ තුන් බෑ ජටිලන් බණ අසා පැවිදි වීම, දුරුතු පුර පසළොස්වක පෝය දිනයේ වැදගත්කමයි. බුද්ධත්වයෙන් මාස නවයකට පසු අද වැනි දිනයක ගෞතම බුදුරජාණන් වහන්සේ යක්ෂ හා නාග ගෝත්‍ර අතර ගැටුමක් නිරාකරණය කිරීම සඳහා ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට පා තැබුවේය….

    Read More

    විදෙස් රැකියා ජාවාරමේ නිරත 132ක් අත්අඩංගුවට

    විදේශ ගතවීම සඳහා නීතිවිරෝධී ආයතන සඳහා මුදල් ලබාදීමේ සිදුවීම්වල වර්ධනයක් තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. එම කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා පවසා සිටියේ, 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වසරේදී වංචනිකයන්ට මුදල් ලබාදීමේ සිදුවීම්වල 27%ක වර්ධනයක් තිබෙන බවයි. 2023 වසරේදී විදේශ ගතවීම සඳහා නීතිවිරෝධී ආයතන සඳහා මුදල් ලබාදීම් සම්බන්ධ පැමිණිලි 3675ක් ලැබී ඇති…

    Read More

    පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවට ජනපතිගෙන් සහතිකයක්

    පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමග අද (06) මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු පාස්කු ප්‍රහාරයෙන් අසරණ වූ…

    Read More

    වතු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහි වුණේ නෑ – පලනි දිගම්බරම්

    තමන් කිසිවිටකත් වතු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට එරෙහිව කටයුතු නොකළ බව කම්කරු ජාතික පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසයි. ඔහු පැවසුවේ ජනාධිපතිවරයා සහ මනූෂ නානායක්කාර මහතා වතු සේවක ජනතාව නොමග යවමින් අසත්‍ය ප්‍රචාර සිදුකරන බවය. හැටන් නගරයේ පැවති රැස්වීමක දී පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. වතු සේවකයින්ගේ වැටුප් වැඩීකිරීමට එරෙහිව පලනි දිගම්බරම්…

    Read More

    රට සම්පූර්ණයෙන් වසා දැමීමේ බලාපොරොත්තුවක් නෑ- යුද හමුදාපති..

    පවතින කොවිඩ්-19 තත්ත්වය හමුවේ එළඹෙන සති අන්තයේ රට සම්පූර්ණයෙන් වසා දැමීමේ බලාපොරොත්තුවක් නොමැති බව  යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොවිඩ් – 19 ව්‍යාප්තිය පාලනය පිළිබඳව පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි. වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා, සති අන්තයේ සංචරණ සීමා පැනවීමක් සිදු නොකරන බවත් ජනතාව රැස්වන ස්ථාන මඟහරිමින්, එළඹෙන…

    Read More

    ලුණු ආනයනයට ටෙන්ඩර් කැඳවයි

    ලුණු ආනයනය කිරීමට අදාළව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා තිබේ. රට තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග 2025 වසරේ පළමු කාර්තුවේ දී ලුණු හිඟයක් ඇතිවිය හැකි බවට නිරීක්ෂණයවීම හේතුවෙන් අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණි. 2025 වසරේ ජනවාරි මස 31 වනදා ට…

    Read More

    නිදන් හෑරීමට තැත් කළ පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට

    නිධන් හෑරීමට උත්සාහ කළ බවට සැකපිට පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (25) පෙරවරුවේ කිලිනොච්චිය – තිරුනගර් ප්‍රදේශයේ දී නිධන් හෑරීමේ චෝදනාව මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.  කිලිනොච්චිය හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පොලිසියේ සහාය ද ඇතිව මෙම වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයන් 10 සතුව තිබී නිදන් හෑරිමට යොදාගත් ස්කෑනර්…

    Read More

    සී ෂෙල්ස් නව නීතිපති ධුරයට ලාංකිකයෙක්

    සී ෂෙල්ස්හි නව නීතිපතිවරයා ශ්‍රී ලාංකිකයෙකු වන වින්සන්ට් පෙරේරා දිවුරුම් දී තිබේ. සී ෂෙල්ස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (16) දිනයේ දී ඔහු රාජ්‍ය මන්දිරයේ දී නීතිපතිවරයා ලෙස දිවුරුම් දී ඇති බවය. ශ්‍රී ලංකාවේ උපත ලැබු වින්ස්න්ට් පෙරේරා කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපති උපාධියක් ලබාගෙන ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ. ඊට අමතරව ෆිජි හී…

    Read More

    තෙවන පාසල් වාරයේ අවසන් අදියර අදින් ඇරඹේ

    2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද (02) සිට ආරම්භ වේ. ඒ අනුව සියලුම පාසල් අද සිට ජනවාරි මස 24 වන දින දක්වා පැවැත්වීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ. පාසල් ආරම්භයෙන් අනතුරුව හෙට (03) සිට අවසන් පාසල් වාර විභාගයන් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. 2025 වසරේ නව…

    Read More