Headlines

    උසස් පෙළ විශිෂ්ටයෝ මෙන්න

    උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ජෛව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පහන්මා උපනි ලෙනෝරා හිමිකර ගෙන ඇති අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ ඩව්. ඒ. චිරාත් නිරෝධ ගණිත අංශයෙන් පළමු ස්ථානය දිනාගෙන ඇත. කලා විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය ගාල්ල…

    Read More

    මැතිවරණ පැමිණිලි සියය ඉක්මවයි

    ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පවසන්නේ ජුලි 31 වනදා සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 121ක් වාර්තා වී ඇති බවය.

    Read More

    10 වන පාර්ලිමේන්තුවට සභිකයන් තෝරා පත් කර ගැනීම අද

    10 වන පාර්ලිමේන්තුව සදහා සභිකයින් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීමේ කටයුතු (අද) පෙරවරු 7.00ට ආරම්භ වුණි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඒ අනුව අද උදෑසන 7 සිට පස්වරු 04 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම පවත්වන බවය.  ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සදහා ඡන්දදායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස්…

    Read More

    දකුණු අප්‍රිකාව Oxford-AstraZeneca කොවීෂීල්ඩ් එන්නත දීම අත්හිටුවයි.

    දකුණු අප්‍රිකාව, Oxford-AstraZeneca කොරෝනා මර්දන එන්නත ලබාදීම අත්හිටුවා තිබේ. ඒ එරටින් හමුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයට එරෙහිව එම එන්නතෙන් ලබාදෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පවසමින් දකුණු අප්‍රිකා බලධාරීන් මෙම තීරණය ගෙන ඇති හෙයිනි. එරට විශ්විවිද්‍යාලයක් විසින් පුද්ගලයන් 2,000 ක් පමණ යොදා ගනිමින් සිදු කරන ලද අධ්‍යනයකින් පසු සෞඛ්‍ය බලධාරීන් මෙම තීරණය ගෙන ඇති අතර ඇස්ට්‍රා…

    Read More

    නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය අද

    අද (08) දිනය 2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා අද පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වාම එම කටයුතු සිදු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 03 වනදා ආරම්භ වු අතර, මේ වනවිට ලක්ෂ 30ක පමණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා…

    Read More

    ලොවම ලෙඩ කරන ලොවටම පිළිලයක් වී තිබෙන ප්ලාස්ටික්

    වර්තමානය වනවිට අප රට පමණක් නොව මුළු ලොවම ලෙඩ කරන පිළිලක් වී තිබෙන්නේ ප්ලාස්ටික් සහ මයික්‍රෝප්ලාස්ටික් (Microplastics)ය. ඒ ජෛව අජෛව සියලු සංරචකයන්ට එකසේ බලපෑම් කරන බැවින් ය. මයික්‍රො ප්ලාස්ටික් ප්‍රධාන වශයෙන් ප්‍රාථමික හා ද්විතී­යික ලෙස පරිසරයට එකතු වන අතර ඒ දෙවිදියට නිකුත් වන ප්ලාස්ටික් පරිසරයේ පවතින්නේ කුඩු ලෙසය. “මයි‍ක්‍රො ප්ලාස්ටික් යනු ප්ලාස්ටික්වලින් කැඩුණු මිලිමීටර් 5ක්…

    Read More

    ජනපතිගේ තීරු බදු ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය

    2025 ජනවාරි මස සිට අදියර තුනක් යටතේ ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ අතර පාර්ශ්වකරුවන්ගේ දැනුවත්භාවය සහ අනුකූලතාව සහතික කිරීමේ අරමුණින් රේගු ආඥාපනතේ 101 වන වගන්තිය යටතේ එම බදු ප්‍රතිපත්තිය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහාත් අනුමැතිය හිමිව ඇත. රටක් තුළ වෙළෙඳ හා…

    Read More

    පොලීසිය සීරුවෙන්

    ‍මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා අද (12) දිනයේ සිට පොලිස් නිලධාරීන් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසයි. ඔහු පවසන්නේ ඒ සඳහා දිවයිනේ මුළු ඡන්ද කොට්ඨාසවල පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 64,000ක් පමණ පිරිසක් යෙදවීමට කටයුතු කරන බවය.  “මුළු ඡන්ද කොට්ඨාස 13,314 සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,383ක්…

    Read More

    ගම්මන්පිල ට චෝදනාවක්

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණවල විභාගවන නඩුවල ප්‍රධාන සාක්ෂිකරුවන් වී සිටින රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකරගේ විශ්වසනීයත්වය බිඳහෙළීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා උත්සාහ දරන බව ජාතික ජන බලවේගය පවසයි. පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන් අද (21) පෙරවරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා සිදුකළ හෙළිදරව්වට ප්‍රතිචාර දක්වමින් ජාතික ජන බලවේගයේ…

    Read More

    බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

    බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය ජුලි සහ අගෝස්තු මාසවලදී බංග්ලාදේශයේ පැවති ශිෂ්‍ය විරෝධතා අතරතුර සිදු කළ බව කියන අපරාධ සම්බන්ධයෙන් ඇයට එරෙහිව එරට ප්‍රාදේශීය අධිකරණයක් මගින් වරෙන්තුව නිකුත් කර ඇති බවය. අවාමි ලීගයේ ප්‍රධාන ලේකම්වරයා මෙන්ම හසීනාගේ දේශපාලන පක්ෂයේ අනෙකුත් ඉහළ නායකයින් ඇතුළු…

    Read More