Headlines

    දමිතා රිමාන්ඩ්

    මුල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණී දමිතා අබේරත්න සහ ඇයගේ ස්වාමිපුරුෂයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඊයේ (04) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත ඔවුන් අද (05) දහවල් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි. එහිදී දමිතා අබේරත්න සහ ඇයගේ ස්වාමි පුරුෂයා ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට…

    Read More

    එක්සත් අරාබි රාජ්‍යයෙන් සතුන් කිහිපයක් මහජන ප්‍රදර්ශනයට මෙරටට ගෙන්වයි

    එක්සත් අරාබි රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවලක්, හයිනා යුවලක් හා මියර්කැට් යුවල් 03ක් සත්ව හුවමාරු ජාතික වැඩසටහන යටතේ මෙරට සත්වෝද්‍යානයන්හී ප්‍රදර්ශනය සඳහා ගෙන්වා තිබේ. අදාළ සතුන් ඊයේ (10) දින මෙරටට ගෙන්වා ඇත. හයිනා සතුන් රිදීගම සෆාරි උද්‍යානය වෙතද, අනෙක් සතුන් දෙහිවල සත්ව උද්‍යානය වෙතද මසක කාලයක් සඳහා නිරෝධායනය සඳහා යොමු කර තිබේ. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව…

    Read More

    ඇමෙරිකාවේ තට්ටු 12 ක ගොඩනැගිල්ලක් කඩා වැටේ – පුද්ගලයින් 100 ක් අතුරුදන්..

    ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමී නගරයේ මහල් 12කින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයින් 100 ක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අතුරුදන්වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර මියගිය එක් අයකුගේ සිරුරුක් සොයා ගෙන ඇති බවයි. මියාමී නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ, මෙම ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ එහි පුද්ගලයින් කොපමණ…

    Read More

    නීතිවිරෝධීව කොරියාවේ සිටින පිරිස් ගෙන්වීමට පියවර

    නියමිත වීසා කාලය අවසන්ව දකුණු කොරියාවේ නීතිවිරෝධීව රැඳි සිටින ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමට වහාම අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.  ඔහු පැවසුවේ, එසේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ගේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවය. රැකියා සඳහා යොමුවන පිරිසගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් ඉදිරියේදී මෙරටට…

    Read More

    වාහනවල අලවා ඇති ඡන්ද ස්ටිකර් ගලවන්නැයි කොමිසමෙන් නියෝග

    ජනාධිපති අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයෙන් වාහනවල අලවා ඇති සියලු ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 74 වන වගන්තිය යටතේ එය වරදක් වන බැවිනි. පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල ජනාධිපති අපේක්ෂකයින් සහ පක්ෂ ප්‍රවර්ධනය වන…

    Read More

    මානව හිමිකම් කොමිසමෙන් පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක්

    පොලිස් අත්අඩංගුවේ සිටින අවස්ථාවේ දී සහ පොලීසිය සමග හටගත් ගැටුමක දී සිදුවන මරණ වළක්වා ගැනීම පිළිබඳ පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ. 2025 අංක 1 දරණ පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ යටතේ පොලීසිය වෙත මෙය නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය….

    Read More

    ශිෂ්‍යත්වයේ අයදුම් පත් භාරගැනීම අද සිට

    ශිෂ්‍යත්ව විභාගයට අදාළව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාර ගැනීම අද (27) දිනයේ සිට ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. ඒ අනුව ජුනි මස 14වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාරගැනීම සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. ජුනි මස 14 වන දින මධ්‍යම රාත්‍රී 12න් පසුව මාර්ගගත ප්‍රවේශය අවසන් කෙරෙන…

    Read More

    දිස්ත‍්‍රික්ක 05ක සීමා වසා දමන්නැයි කියයි පොකුරු රට පුරා හැදෙයිලු

    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක පහ කේන්ද‍්‍රව මේ වන විට වෛරස් ව්‍යාපෘති සිදුවෙමින් ඇතැයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. මෙම දිස්ත්‍රික්කවලින් රටේ සෙසු දිස්ත‍්‍රික්කවලට වෛරසය සම්ප්‍රේෂණය…

    Read More

    අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා දේශබන්දුගෙන් රිට් පෙත්සමක්

    2023 වසරේ මාතර වැලිගම ඩබ්ලිව්. 15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින්  ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 12 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණය අද (10) නියෝග…

    Read More

    මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (18) නියෝග කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව…

    Read More