Headlines

    මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමට අලුත් වැඩක් 

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වළක්වාලීම අරමුණු කරගනිමින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන  සමග එකඟතා ගිවිසුම්වලට එළඹීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබේ. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, මධ්‍යම පරිසර අධිකාරිය සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සමග මේ වනවිටත් එකඟතා ගිවිසුම්වලට එළඹ ඇති බව වාර්තා විය….

    Read More

    ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

    කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව, හෙට (26) දින පෙරවරු 09 සිට අනිද්දා (27) අලුයම 03 දක්වා අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත. ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ සිදුවී ඇති බිඳවැටීමක් හේතුවෙන් සිදුකළ යුතු හදිසි අලුත්වැඩියාවක්…

    Read More

    CID වැඩවලට අලුත් විමර්ශන කොට්ඨාසයක් එක්වෙයි

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති නොයෙකුත් විමර්ශන සඳහා නව විමර්ශන කොට්ඨාසයක් ඇති කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. ඒ අනුව මෙතෙක් කල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වූ ඇතැම් විමර්ශන අලුතින් පිහිටුවන ලද අපරාධ විමර්ශන දිශාව යන අලුත් ඒකකයක් යටතේ ක්‍රියාත්මක වනු ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව විමර්ශනය කරනු ලබන අපරාධ, විමර්ශන ගොනු, විමර්ශන සිදුවීම් විශාල…

    Read More

    ද්විත්ව පුරවැසි වගන්තිය පරදන්නැයි හිමිවරුන් දන්වයි..

    නිදහස් පක්ෂ නියෝජිතයන් පිරිසක් නාරාහෙන්පිට අභයාරාමයේදී 20 වන සංශෝධනය ගැන සාකච්ඡාවක් පවත්වා තිබේ. එම සාකච්ඡාව කැඳවා තිබුණේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු හිමිවරුන් කිහිප දෙනෙකගේ ප්‍රධානත්වයෙනි. ඔවුන් එහිදී ඉල්ලා ඇත්තේ 20 වෙනි සංශෝධනයට පක්ෂ වුවද ද්විත්ව පුරවැසියන් සම්බන්ධ වගන්තිය සංශෝධනය කළ යුතු බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ද මාධ්‍ය අමතමින් කියා…

    Read More

    පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද

    ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (15) වීදි සංචාරය කෙරේ. මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර පසුගිය 10 වැනිදා සිට ඊයේ (14) දිනය දක්වා වීදි සංචාරය කෙරුණි. අද දිනයේ සිට රන්දෝලී පෙරහැර වීදී සංචාරය සිදුකෙරෙන අතර අවසන් රන්දෝලී පෙරහැර 19 වන දින රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන…

    Read More

    ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු අනුර කළ ඉල්ලීම

    ලංකා ඉතිහාසය වෙනස්කරන මැතිවරණයක් බවට මෙම  මැතිවරණය පත්වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයේ ස්ථාපනය කර තිබූ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය. “මම හිතනවා ලංකා ඉතිහාසය වෙනස්කරන මැතිවරණයක් බවට මේ මැතිවරණය පත්වේවී. කාලාන්තරයක් තිස්සේ ආණ්ඩු…

    Read More

    E-8 වීසා කාණ්ඩයේ රැකියා ජාවාරමක් ගැන දැනුම්දීමක්

    දැනට ක්‍රියාත්මක නොවන කොරියානු  E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව වාර්තා වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යංශය පැවසුවේ E-8 රැකියා කාණ්ඩය යටතේ රැකියා හෝ ඊට අනුබද්ධ පුහුණුවකට කිසිදු පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට, පුද්ගල කණ්ඩායමකට කිසිදු අනුමැතියක්…

    Read More

    2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

    2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබේ. නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 49,312 දෙනෙකු අයදුම් කර ඇති අතර පිළිතුරුපත්‍ර 250,311ක් නැවත සමීක්ෂණයට ලක්කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk  යන වෙබ් අඩවිය හරහා එම ප්‍රතිඵල ලබා ගත හැකිය. මේ අතර 2023 අධ්‍යයන…

    Read More

    ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි ශ්‍රී ලංකා රජයට දැනුම්දෙයි

    දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා රජය අර්ථාන්විත පියවර අනුගමනය කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඊයේ (17) වාර්තාවක් නිකුත් කරමින් දන්වා තිබේ. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, එම අපරාධ සඳහා රාජ්‍ය ආරක්ෂක අංශවල සහ අනුබද්ධ සන්නද්ධ කණ්ඩායම්වල…

    Read More

    හිටපු ජනාධිපති ගෝඨාභයට CIDයෙන් කැඳවීමක්

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බව සඳහන්ය. මේ අතර හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාටද අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

    Read More