Headlines

    කතරගම දේවාලයේ පුද පඬුරුවලින් අපේක්ෂා රෝහලට ළමා වාට්ටු සංකීර්ණයක්

    රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන්ගෙන් ලද පුද පඬුරු මගින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීම අද (03) සිදුකෙරුණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ‘හුස්ම’ ව්‍යාපෘතිය යටතේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් මාස 10ක කාලයක් තුළ එහි ඉදිකිරීම් නිම කර ඇත. මෙම වාට්ටු සංකීර්ණය සඳහා වියදම් වී ඇති මුදල දල වශයෙන් රුපියල් මිලියන 160කි. එසේම…

    Read More

    දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම්

    දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ ඒ අනුව අදියර 1 යටතේ අද (15) පස්වරු 4 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවය. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, පස්සර, හාලිඇල, හපුතලේ, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ…

    Read More

    පුටින් ට අනතුරු ඇඟවීම්

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නුදුරේදීම උතුරු කොරියාවේ සංචාරය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.    මේ අතර අමෙරිකාව සහ දකුණු කොරියාව පවසන්නේ එමගින් උතුරු කොරියාව සහ රුසියාව අතර යුද සබඳතා තවත් වර්ධනය විය හැකි බවත් එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවලට එරෙහි ක්‍රියාවක් බවත් ය. රුසියානු ජනපතිවරයාගේ සංචාරය හේතුවෙන් උතුරු කොරියාව සහ රුසියාව අතර…

    Read More

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට තවත් ප්‍රකාශයක්

    අමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රො සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් සමූහය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 56 වන සැසිවාරයට සමගාමීව ඊයේ (19) දිනයේ එම ප්‍රකාශය ඉදිරිපත් කර ඇති බව සඳහන්ය. එමඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම…

    Read More

    ශ‍්‍රී ලංකාව කොරෝනා ආසාදිත ප‍්‍රදේශයක් ලෙස නම් කෙරේ..

    ශ්‍රී ලංකාව කොරෝනා රෝගී ආසාදිත බල ප්‍රදේශයක් ලෙස නම් කරන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. නමුත් රට පුරාම පුද්ගලික හා රාජ්‍ය ආයතන ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත පවත්වාගෙන යා හැකි යැයි ද ඔහු පවසයි. පවත්වාගෙන යන ඕනෑම ආයතනයක සිටින සේවකයන් සංඛ්‍යාව ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් විසින් නිර්දේශ කරනු ඇති…

    Read More

    කොළඹ මැයි රැළි පැවැත්වෙන්නේ මෙහෙමයි

    ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම පොලීසිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. එම මාර්ග සිතියම් පහතින්. සිතියම by poornima on Scribd

    Read More

    පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි චීනයෙන් ලැබෙයි

    චීනය විසින් ලංකාවට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි අද (10) නිල වශයෙන් මෙරටට ලබා දුන්නේය. ඒ කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකදී ය. එම අවස්ථාව ට අගමැතිනී හරිනි අමරසූරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම චීන තානාපති චී ජන් හොන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙහිදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා රුපියල් බිලියන 5.2ක් පමණ වටිනා රෙදි…

    Read More

    ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකියක්

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබේ. අද (15) දින සවස 04:00 ට නිකුත් කරන ලද එම නිවේදනය අනුව දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද දින සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වෙයි. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

    Read More

    දවසේ කොරෝනා වාර්තාව (2021-jan-28) – ඊයේ ආසාදිතයින් 772 යි මරණ 02 යි – බස්නාහිර පළාතේ දෛනික ආසාදිතයින් වැඩිවීමක්

    අද දින (28) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 772 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 30 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 742 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (27) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා…

    Read More

    ව්‍යවසාය සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ( NEDA ) නව සභාපතිවරයා ලෙස ලක්ෂ්මන් අබේසේකර මහතා පත්කර තිබේ.  පුද්ගලික අංශය හා රාජ්‍ය අංශය යන දෙකෙහිම වසර 35කට අධික කළමණාකරන අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන අබේසේකර මහතා, වරලත් ගණකාධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් කළමනාකරණය ආයතනයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය හිමි කරගෙන…

    Read More