Headlines

    වැසි රහිත කාලගුණයක්

    උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

    Read More

    කතරගම දේවාලයේ පඬුරුවලින් ඉඳිකළ මෙරට ප්‍රථම ඇටමිදුළු බද්ද කිරීමේ ඒකකය විවෘත වෙයි

    ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රාහකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ද කිරීමේ ඒකකයක් මහරගම අපේක්ෂා රෝහලේ දී අද (02) විවෘත කෙරුණි. පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් රජයේ රෝහලක් තුළ ඉදිකරනු ලැබු පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ ඒකකය ද මෙය වේ….

    Read More

    සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක්

    සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා දැනුම් දෙයි

    Read More

    වැටුප් විෂමතා ගැන සොයන්න කමිටුවක්

    රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. මේ වන විට රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර රැසක නිලධාරීන් වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී…

    Read More

    ශ්‍රී ලංකාවට ලකුණු 83ක ජයක් 

    ශ්‍රී ලංකාවට ලකුණු 83ක ජයක්  20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (17) පැවති තරගය ලකුණු 83කින් ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙය මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසාන තරගය යි. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 201ක් රැස්කළේය….

    Read More

    සරසවි තුළින් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතුයි  – ජනපති

    විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ අනුව ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දරුවන් නිදහසේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නම් විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිසංධාන කළ යුතු බවය. මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය කඩාකප්පල් නොකර විධිමත් අධ්‍යාපන ආයතන බවට පත් කළ යුතු කාලය එළඹ තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

    Read More

    ටෙස්ලා අරන් ඊලොන් මස්ක් ඉන්දියාව ට 

    ලොව ධනවත් ම පුද්ගලයෙක් ලෙස සැලකෙන ඊලොන් මස්ක්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ව හමුවීම සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිත බව මස්ක් ‘X” පණිවුඩයක් නිකුත්කරමින් පවසයි. ඔහු පැමිණෙන නිශ්චිත දිනයක් එහි සඳහන් කර නැත. ඔහුගේ මෙම සංචාරයේ අරමුණ ටෙස්ලා කර්මාන්ත ශාලාවක් ස්ථාපනය කිරීම සඳහා ආයෝජනය කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම බව වාර්තා විය. පසුගිය සතියේදී විද්‍යුත් වාහන ආනයන…

    Read More

    COPF සභාවෙන් රෙගුලාසි තුනකට සහ නියෝගයකට අනුමතිය

    රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සැලකිල්ලට ගනු ලැබූ රෙගුලාසි 4න් 3ක් සහ නියෝගයක් සලකා බැලීමෙන් පසු අනුමත කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ, සභාපතීත්වයෙන් පෙරේදා (07) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය ලබාදීම සිදුකර තිබුණි.  මෙහිදී 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ විධිවිධාන ප්‍රකාරව ඉදිරිපත්…

    Read More

    නව EPF කළමනාකරණ පද්ධතියක්

    නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ශ්‍රී ලංකාවේ විශාලතම විශ්‍රාම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ මුළු සාමාජික ගිණුම් සංඛ්‍යාව මේ වන විට මිලියන 21.5ක් පමණ වන අතර, දායක මුදල් ප්‍රේෂණය කරනු ලබන ක්‍රියාකාරි සේවා‌ යෝජකයින් සංඛ්‍යාව 77,000ක් පමණ වේ. 2024 ඔක්තෝබර් මාසය…

    Read More

    සබරගමු සරසවියේ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේ දී හෙළිවෙයි

    සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණය වී තිබේ. ඒ අනුව එම අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂාකර බලා කඩිනමින් වාර්තාවක් සකස් කර ලබා දෙන ලෙස එම කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරියට නිර්දේශ කර ඇත. එම ලබාදෙන වාර්තාවෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බව කෝප්…

    Read More