ගලගොඩ අත්තේ ඥානසාර හිමි ගැන කොළඹ මහාධිකරණය දුන් නියෝගය
ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්රකාශයක් සිදුකළේ යැයි වසර හතරක සිරදඬුවමක් ලබාසිටින බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයකට අනුව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (22) නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නේය. සිර දඬුවම් නියමවීමෙන් පසුව ඥානසාර හිමි ඊට එරෙහිව…