Headlines

    මෝදි පැය 45ක භාවනාවක

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැය 45ක භාවනාවක් ආරම්භ කර තිබේ. ඒ 1892 වර්ෂයේදී ඉන්දීය දාර්ශනික ස්වාමි විවේකානන්ද තපස් වැඩූ කන්‍යකුමාරිහි විවේකානන්ද ගිරිකුළ අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයේදීය. අගමැති මෝදී හෙට සවස් කාලය තෙක් මෙලෙස භවනානුයෝගීව සිටීමට නියමිත අතර ඉන්දීය මහ මැතිවරණය අවසන් වීමට නියමිතව ඇත්තේ ද හෙට (01) දිනයේදී වීම විශේෂත්වයකි.

    Read More

    ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ගන්න අලුත් ගැසට් පත්‍රයක්

    මෙරට පුරවැසිභාවය අත්හැර දැමූ අය ඇතුළු ශ්‍රි ලාංකික සම්භවයක් සහිත පුද්ගලයින්ට සහ විදේශීය කාලත්‍රයන්ට ස්ථිර පදිංචිය ලබාගත හැකිවන පරිදි නව රෙගුලාසි ගැසට් පත්‍රයක් මගින් ඉදිරිපත් කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ රෙගුලාසි ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර මෙම නියෝග 2024 ස්ථීර වාස වීසා පත්‍ර නියෝග ලෙස හදුන්වා ඇති බව සඳහන් වෙයි. ඒ…

    Read More

    හිරුණිකාට වරෙන්තු

    2022 වසරේ මෑතකදී කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් අද (10) කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි සැකකාරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය. අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී…

    Read More

    වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර ස්ථාපිත කිරීමට අවබෝධතා ගිවිසුමක්

    වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (16) සිදුවිය. ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ඉන්දීය මහකොමසාරිස් සත්තෝෂ් ජා මහතා අතරය. මෙරට වතුකර ප්‍රජාවන් හී ඩිජිටල් පරතරය පියවීම සඳහා ගත හැකි පියවරක් ලෙස නුවරඑළිය, නුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල වතුකර පාසල් සඳහා…

    Read More

    ශ්‍රි ලංකාවේ නම බබළවන්නට රොෂාන් අබේසුන්දරගෙන් නව වාර්තා..

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර ඊයේ (11) නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඒ ඔහු තලෙයිමන්නාරම සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා ගොස් නැවත තලෙයිමන්නාරමට කිලෝමීටර 59යි මීටර් 300ක දුරක් පැය 28යි විනාඩි 19යි තත්පර 43ක පැමිණෙමිනි. රොෂාන් අබේසුන්දර ඊයේ (11) බිඳ දැමුවේ 1971 වසරේදී කුමාර් ආනන්දන් කිලෝ මීටර 59යි දශම 3ක…

    Read More

    පළාත් පාලන නාමයෝජනා ගැන ජනපති ගන්න යන තීරණය

    පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ නාමයෝජනා අවලංගු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නාමයෝජනා භාර දී වසරක් ගතවීමෙන් පසු නැවත ඡන්දය විමසීම පැවැත්විය නොහැකි බවත් නව අපේක්ෂකයින්ට ද අවස්ථාව ලබාදීමේ අරමුණින් එම පියවර ගැනීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිපතිවරයා සමග…

    Read More

    විදෙස්ගත ශ්‍රමිකයින්ගේ තීරුබදු සහනය වැඩි වෙන ලකුණු

    ශ්‍රී ලංකාවේ විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් මෙවර අයවැයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිරිගැන්වීම හා ත්‍යාග පිරිනැමීමේ ක්‍රම ගවේෂණය කරමින් සිටින බව ජනාධිපතිවරයා පැවසීය. ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී මංගල අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එහි පළමු පියවර ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව දිවයිනට පැමිණෙන විට ගුවන්තොටුපොළේ දී ලබාදෙන තීරුබදු…

    Read More

    ලෝක කුසලානයේ තීරණාත්මක තරගයක් ගැන සුවිශේෂී තීරණයක්

    2024 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය වෙනුවෙන් අතිරේක දිනයක් ලබානොදෙන බව ක්‍රික් බස් වෙබ් අඩවිය වාර්තා කරයි. එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් පැය 4ක අමතර කාලයක් පමණක් ලබාදීමට ICCය හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතන තීරණ කර ඇත. 2024 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි  2 වනදා ආරම්භවීමට නියමිත…

    Read More

    දිස්ත්‍රික්ක 08ක ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානමක්..

    දිවයිනේ තුළ පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 08 ක ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා සඳහන් කළේ, පවතින මහ වැස්සත් සමඟ කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ඩෙංගු ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් මතුව ඇති බවයි. මෙම වසරේ…

    Read More

    ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

    2024 මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු අද (14)අවසන්වීමත් සමග ඒ ඒ ගණන්කිරීමේ මධ්‍යස්ථානවලට ඡන්ද පෙට්ටි ළඟා වූ පසු ප.ව. 7.15න් පසුව ප්‍රධාන ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ඡන්ද ගණනය කිරීමේ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතා පවසා සිටියේ, තේරිම්භාර නිලධාරීන්ගෙන් ඡන්ද ප්‍රතිඵල ලද…

    Read More