Headlines

    වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද..

    මේ වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද(26) මෙරට ජනතාවට දිසවෙනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේ ය. ඒ, ඡායා චන්ද්‍රග්‍රහණයක් ලෙසය. ජයරත්න මහතා සඳහන් කළේ, අද (26) පස්වරු 06.23 සිට පස්වරු 7.20 දක්වා සඳෙහි කොටසක පමණක් දීප්තිය තරමක් අඩු වී ඡායා චන්ද්‍රග්‍රහණය මෙරට…

    Read More

    නීතිපති රැක ගැනීමට නීති නිලධාරීන් සැරසෙයි

    නීතිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව නීතිපතිවරයා ආරක්ෂා කිරීමට පසුබට නොවන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින්ගේ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් නීති නිලධාරින්ගේ සංගමයේ වැඩබලන ලේකම් ටෂ්යා ගජනායක මහතා සඳහන් කළේ මෑත කාලීනව නීතිපතිවරයා සම්බන්ධයෙන් පැතිර යන වැරදි සහ නොමග යවන සුළු ප්‍රකාශ පිළිබඳව සිය සංගමය දැඩි කණස්සල්ල පල කරන බවය. නඩුවක සැකකරුවන්…

    Read More

    මියන්මාරයේ තත්වය තව තවත් දරුණු අතට – ඊයේ ජීවිත 38ක් වෙඩි උණ්ඩ වලට බිලි වේ..

    මෙම වසරේ පෙබරවාරි 1 දින මියන්මාර හමුදා කුමන්ත්‍රණය සිදු වූ දා සිට මේ දක්වා එරට වැසියන් අඛණ්ඩ විරෝධතා ක්‍රියාත්මක කළ අතර  විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ නායිකාව වන අවුන් සාන් සුකී නිදහස් කර නැවතත් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන ලෙසය. නමුත් හමුදා පාලකයින්ගෙන්  විරෝධතාකරුවන්ට ලැබෙන ප්‍රතිචාරය දිනෙන් දින දරුණු අතට හැරෙන අතර විරෝධතාකරුවන්ට උත්තර ලැබෙනුයේ වෙඩි උණ්ඩ වලිනි. ඊයේ…

    Read More

    ලෝකෙම බලන සූර්යග්‍රහණය

    ඉතාමත් කලාතුරකින් දැකගත හැකි වන පූර්ණ සූර්ය ග්‍රහණය බටහිර යුරෝපයේ, උතුරු අමෙරිකාව, පැසිෆික් සාගරය, අත්ලාන්තික් සාගරය සහ ආක්ටික් ප්‍රදේශයේ රටවලට දෘශ්‍යමාන වීම ඇරඹි තිබුණි.

    Read More

    ගෑස් මිල ඉහළ යයි ද ?..

    මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, රට තුළ ගෑස් හිඟයක් නොමැති බවත් එළඹෙන උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවත්ය. ඊයේ (17) අරලියගහ මන්දිරයේ පැවති වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළඳපොළ සම්බන්ධ සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය. එහි දී  සහල්, පොල්, කිරිපිටි, මාළු,මස්, බිත්තර, පරිප්පු හා…

    Read More

    පුංචි ඡන්දය පැවැත්වීමට අදාළ නිවේදනය උසස් පෙළ විභාගයෙන් පසුව

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නිවේදනය නිකුත් කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. මීට අදාළ නිවේදනය නිකුත් කළහොත් විභාගය අතරතුර අපේක්ෂකයින් සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. එය විභාගයට බාධාවක් වන බැවින් විභාගය අවසන් වනතුරු මැතිවරණය සම්බන්ධයෙන්…

    Read More

    මාර්තු 03 වනදා සිට රුපියල් 20 නව කාසියක් ජනතාව අතර සංසරණයට

    අළුතින් නිකුත් කරන ලද රුපියල් 20 නව කාසියක් මාර්තු 03වනදා සිට මුදල් සංසරණයට එකතු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් “සමරු සංසරණ” කාසියක් ලෙස මෙය නිකුත් කරනු ලබන මෙම කාසි මිලියන 05ක් ලබන මාර්තුවේ සිට මුදල් සංසරණයට නිකුත් කරනු ලබන අතර කාසිය පැති…

    Read More

    කොවිඩ් ආසාදිතව සුවය ලැබූ සිසුවෙක් මියයයි – ඊයේ ආසාදිතයින් 286 යි මරණ 02 යි..

    අද දින (17) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 286 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 12 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 274 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (16) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    දුම්වැටි භාවිතය නිසා දෛනික මරණ 50කට ආසන්නයි

    දුම්වැටි භාවිතය හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් මරණයට පත් වන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය පෙන්වාදෙන්නේ වසරකට පුද්ගලයින් 20,000ක් පමණ දුම්වැටි භාවිතයෙන් මරණයට පත් වන බවය. හෙටට (31) යෙදී ඇති ලෝක දුම්වැටි නිවාරණ දිනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මේ බව සඳහන් කරයි. දුම්කොළ කර්මාන්තයේ…

    Read More

    ඉදිකෙරෙන මධ්‍යම අධිවේගයේ ආධාරකයක් කඩාවැටෙයි

    ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් ආධාරකයක් කඩාවැටී තිබේ. මෙලෙස කඩාවැටී ඇත්තේ බෙම්මුල්ල කඳඔළුවාව ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ආධාරක කොටසකි. ප්‍රදේශවාසීන් පවසන්නේ ඊයේ පස්වරුවේ මෙම කොන්ක්‍රීට් ආධාරකය කඩා වැටී ඇති බවය.

    Read More