Headlines

    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

    ‘වෝන් – මුරලි’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ දිවයිනට පැමිණියේය‍. ඩුබායිහිදී පැවැති පුහුණු කඳවුරකට සහභාගිවීමෙන් අනතුරුව ඔවුන් ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ලෝක ටෙස්ට් ශූරතාව යටතේ පැවැත්වෙන තරග 2කින් යුත් මෙම තරගාවලියේ සියලුම තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව ඇත. එහි පළමු තරගය එළැඹෙන 29වනදා ආරම්භ වේ. මෙම ටෙස්ට්…

    Read More

    ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය මැයි 13 සිට යළිත්

    ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය දක්වා මෙම මගී යාත්‍රා සේවය වසර 40කට පසුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී නැවත ආරම්භ කෙරුණි. කෙසේවෙතත් මෝසම් වැසි හේතුවෙන් සතියකට පමණ පසු එම සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ අතර යළිත් ලබන…

    Read More

    ශ්‍රී ලාංකිකයින්ට වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීමට අවසර

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින් සඳහා හෙට (15) සිට වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී තිබේ. වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයට යාම සඳහා අවස්ථාව හිමි වන්‍නේ පළමු වතාවටය. තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව ප්‍රතිපත්තිය යටතේ සංචාරකයෙකුට දින 60ක කාලයක් වීසා රහිතව එරට රැඳී සිටීමට හැකි බව සඳහන්…

    Read More

    ඔහොම යං, IMF ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි

    IMF වැඩසටහන ආරම්භයේ සිට ශ්‍රී ලංකාව දැඩි කැපවීමෙන් උපයාගත් ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින් ඒවා ඉදිරියට පවත්වාගෙන යාමට කැපවන්නැයි එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ. වොෂින්ටන් හි පැවත්වෙන වසර මැද ස්ප්‍රිං සමුළුවට සහභාගී වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුළු පිරිස සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය. අප්‍රේල් 15…

    Read More

    පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිල ඉදිරිපත් කළ වාර්තාව පිළිගන්නේ නෑ – ශ්‍රී ලංකා කතෝලික සභාව 

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විශ්‍රාමික විනිසුරු ඒ. එම්. ජේ ද අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කරන බව ගරු සිරිල් ගාමිණී පියතුමා පවසති. පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තාවක අඩංගු කරුණු ප්‍රසිද්ධ කිරීමට ඊයේ (21) පෙරවරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ හෙළිදරව්වකට ප්‍රතිචාර දක්වමින් ගරු සිරිල් ගාමිණී පියතුමන් ඒ බව…

    Read More

    සජිත් ගැන කලකිරී අජිත් යන්න යයි

    සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.  ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පවසා සිටියේ, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය. “මම මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවේ ඉන්න…

    Read More

    පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහි කරන ‘කළු ඉරිදා’ – සාධාරණය ඉටු වනතුරු විරෝධය දිගටම..

    අප්‍රේල් 21 ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කරන්නැයි බලකරමින් කතෝලික සභාව අද දිනය ‘කළු ඉරිදාවක්’ ලෙස නම් කර තිබෙන අතර දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවල අද (07) පැවැත්වෙන දේව මෙහෙයන් සදහා කිතුනු ජනතාව කළු පැහැති ඇඳුමින් සැරසී පැමිණ තිාබන බව වාර්තා වේ. තවද  අද (08) පෙරවරු 8.45 ට දිවයිනේ සෑම කතෝලික දේවස්ථානයකම සීනු නාද කර අප්‍රේල් 21…

    Read More

    ගෙවුණු දිනයේ වැඩිම වර්ෂාපතනය අල්ගමින් – ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වය වර්ධනය වීමේ අවදානමක්..

    ගෙවුණු දිනයේ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගම්පහ, අල්ගම ප්‍රදේශයෙන් වාර්තාවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එහි අගය මි.මී. 188 ක් වන බවයි. ඊයේ (04) දින ගලිගමුව ප්‍රදේශයට මිලිමීටර් 132 ක් සහ පස්යාල දන්සල්වත්ත ප්‍රදේශයට මි.මී. 130 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කළේ ය. මේ අතර දිවයිනට…

    Read More

    හිටපු ජනපති රනිල් ඉන්දියාවට

    සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දේශනයක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා අද (27) පිටත්ව යෑමට නියමිතව තිබේ. රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේදී සිකුරාදා (28) මෙම දේශනය පැවැත්වෙනු ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්, ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මහත්වරුද මෙහි දේශන පවත්වති….

    Read More

    හිටපු ජනපති රනිල් ට අපරාධ චෝදනාවක් – ඩලස් ජනපති අනුරට ලියයි

    හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මැතිවරණය කල්දැමීම සාමුහික දුෂණයකට පසුව කරනු ලැබු දේශපාලනික ගබ්සාවක් සේම මූල්‍යමය වශයෙන් කළ ආර්ථික ඝාතනයක් බව නිදහස් ජනතා සභාව පවසයි. එහි නායක ඩලස් අලහප්පෙරුම මහතා විසින් ජනාධිපති, විපක්ෂ නායක, ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙන්ම අල්ලස් හා දුෂණ කොමිසම වෙත ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කර ඇත….

    Read More