Headlines

    මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

    කොළඹ අගරදගුරු පදවි විශ්‍රාමික සහායක රදගුරු අති උතුම් මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ. විශ්‍රාමික සහයක රදගුරු හිමිපාණන් ස්වර්ගස්ථ වන විට 83 හැවිරිදි වියේ පසුවිය.

    Read More

    පසුගිය වසරේදී ආර්ථිකයට වැඩිම දායකත්වය බස්නාහිරින්

    පසුගිය 2023 වසරේ ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදනය සඳහා ඉහළම දායකත්වය ලබා දීමට බස්නාහිර පළාත සමත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ එහි අගය 43.7%ක් වන බවය. කෙසේ නමුත් එම දායකත්වය පෙර වසර හා සසඳන විට සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇති බවද එහි සඳහන් වේ….

    Read More

    රේගුවෙන් රිංගූ තවත් මෝටර් රථ 12ක් අල්ලස් කොමිසම භාරයට 

    රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලට අදාළව තවත් වාහන 12ක් කොමිෂන් භාරයට ගෙන තිබේ. මෙම වාහන රේගුවේ නිශ්කාෂනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරමින් දූෂණ අක්‍රමිකතා සිදු කිරීම සම්බන්ධව චෝදනා යටතේ අල්ලස් කොමිසම භාරයට ගෙන ඇත. ඒ අනුව ජීප් රථයක්, මිට්ෂුබිසී මොන්ටේරෝ ජීප් 06ක්, ටොයොටා ජීප්…

    Read More

    සාමාන්‍ය ජනතාවට ලැබෙන වාසිය ජනපති පහදයි

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹ ඇති ගිවිසුම්වල මූලික ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට ලැබෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, කොළඹදී අද (13) පැවති සාර්ක් කලාපීය රටවල 45 වැනි මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීම හා සමුළුව අමතමිනි. එම අවස්ථාවට සාර්ක් මහලේකම් ගොලාම් සර්වාර් මෙන්ම සාර්ක් රටවල මහ බැංකු අධිපතිවරුන් සහ නියෝජ්‍ය අධිපතිවරුන්…

    Read More

    මගී ප්‍රවාහන බස් රථ පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක්

    දිවයිනේ රිය අනතුරු අවම කර ගැනීම සඳහා උත්සව සමය මූලික කරගනිමින් විශේෂ රථවාහන මෙහෙයුමක් පොලීසිය විසින් ක්‍රියාවට නංවා තිබේ. මෙම මෙහෙයුම මගින් දුර ගමන් සේවා බස් රථ රියදුරන් මාර්ග නීති උල්ලංඝනය කරමින් අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධවය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර තිබේ. එහිදී මගී බස් රථ පරික්ෂාව සඳහා සිවිල් ඇඳුමින් නිලධාරීන් රාජකාරි යොදවා…

    Read More

    දේශබන්දුට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි

    බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් නවයක් විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ. මෙම පෙත්සම් අද (24) ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, ඒ එච්.එම්.ඩී. නවාස් ශිරාන් ගුණරත්න සහ අචල…

    Read More

    ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින්..

    ගෙවුණු දිනය (14) තුළ කොවිඩ් අසාදිතයින් 2,289 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඒ අනුව මෙරට දෛනික කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව අඛණ්ඩව 2000 සීමාව ඉක්මවා ගිය හයවන දිනය ලෙස සටහන් වේ. මේ අතර ඊයේ (14) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 555…

    Read More

    පුංචි ඡන්දෙ ඇප තැන්පත් කිරීම අද දහවල් 12න් අවසන්

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් කිරීමේ කටයුතු අද (19) මධ්‍යහ්න 12න් අවසන් වීමට නියමිතය. මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ ඇප තැන්පත් කිරීමේ කටයුතු භාරගැනීම පසුගිය 03 වනදා ආරම්භ කෙරුණු අතර කිසිම හේතුවක් මත එය අවසන් කිරීමේ දිනය දීර්ඝ නොකරන බවය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාරගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්…

    Read More

    රන්ජන්ගේ සමුළුවට පැමිණි පිරිසට මුදල් නොගෙවූ බවට චෝදනා

    රංජන් රාමනායක මහතා නායකත්වය දරන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මංගල සම්මේලනය අවසන් වීමෙන් පසු සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය ඉදිරිපිට ඊයේ (27) නොසන්සුන් තත්ත්වයක් හට ගැනුණි. ඒ, සම්මේලනයට සහභාගී වූ තරුණ තරුණියන් දෙසියකට අධික පිරිසක් එම පක්ෂය තමන්ට පොරොන්දු වූ පරිදි මුදල් නොගෙවූ බවට චෝදනා කරමිනි. මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් ‘අද දෙරණ’ විමසීමක් සිදු කරනු ලැබීය….

    Read More

    චිත්‍රපට සංස්ථාවට සහ පදනම් ආයතනයට අලුත් අධ්‍යක්ෂ මණ්ඩල

    ජාතික චිත්‍රපට සංස්ථාව නූතන යුගයට සරිලන පරිදි සකස් කළයුතු බවත්, පෞද්ගලික ආයතන හා සමඟ තරඟකාරිත්වය ජයග්‍රහණය කරමින් ඉදිරියට යායුතු බවත්, බුද්ධ ශාසන ආගමික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.   ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයට අධ්‍යක්ෂ මණ්ඩල පත්කරමින් ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (18) පැවැති රැස්වීම් සභාව…

    Read More