Headlines

    සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක්

    ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත්විය. ඒ, F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

    Read More

    කාලගුණය ගැන අලුත්ම නිවේදනය

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බවය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

    Read More

    මම ready – ධම්මික පෙරේරා

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ව ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමන් ඊට සූදානමින් පසුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිකයින්ගේ මධ්‍යස්ථානය අද (05) පෙරවරුවේ කොළඹදී විවෘත කළ අවස්ථාවේදීය. එම අවස්ථාවට පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා…

    Read More

    කංසා තෙල් පන්නන්න ගිය රේගු පරීක්ෂක අත්අඩංගුවට

    රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් පාර්සලයක් නිදහස් කරගැනීමට උත්සාහ කළ රේගු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ සිට මාලඹේ ප්‍රදේශයේ පුද්ගලයකු වෙත එවා තිබූ අදාළ පාර්සලය රේගු පරීක්ෂකවරයා විසින් ඉවත් කරගැනීමට උත්සාහ කර ඇති බව සඳහන් ය. කෙසේවෙතත් කංසා තෙල් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම්200ක් සමග ඔහු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක,…

    Read More

    සබරගමු සරසවියේ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේ දී හෙළිවෙයි

    සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණය වී තිබේ. ඒ අනුව එම අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂාකර බලා කඩිනමින් වාර්තාවක් සකස් කර ලබා දෙන ලෙස එම කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරියට නිර්දේශ කර ඇත. එම ලබාදෙන වාර්තාවෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බව කෝප්…

    Read More

    දවසේ කොරෝනා වාර්තාව (2021-jan-27) – ඊයේ ආසාදිතයින් 775 යි මරණ 01 යි

    අද දින (27) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 775 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 07 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 748 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (26) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා…

    Read More

    ත්‍රීරෝද රථවලට රථවාහන නියෝජ්‍ය පොලිස්පතිගෙන් දැනුම්දීමක්

    ත්‍රීරෝද රථවල අමතර උපාංග සවිකිරීම හා අලංකරණය සඳහා ‌මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දී ඇති කාණ්ඩ යටතේ පමණක් අවශ්‍යතාවය මත අවසර ලබාදී ඇතැයි රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි. “යම් ත්‍රිරෝද රථයක වෙනසක් කළොත් අනිවාර්යෙන්ම මුල් අකෘතිය සම්බන්ධයෙන් වෙනසක් සිදු නොවී, වාහනයේ පොතේ ඒ පිළිබඳව ඇතුළත් කළ…

    Read More

    ජලගැලූම් නිම්න ජාතික උද්‍යානය දෙකඩ කර වැලි නිධි වලට ඉව ඇල්ලීම

    2020/12/20 දිවයින ඉරිදා ලිපිය පීඩිත ජනතාවකට සංවර්ධනය යන වචනය පවා මිහිරිය. එවැනි විටෙක කූඨ පාලකයන් තම හිතැඟි ඉටුකර ගැනීමට තොරොම්බල් කරන ලාභම වචනය බවට පත්වන්නේද සංවර්ධනයයි. කලකදී නම් එය දේශපේ‍්‍රමී විය. නමුත් දැන් එය සංවර්ධනය වී ඇත. පීඩිතයන් ගොනාට ඇන්ඳු මේ ඇන්දවිල්ලට හසුවන අලූත්ම ඉලක්කය වී ඇත්තේ ජලගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට සංවර්ධනයේ නාමයෙන් අත තැබීමය….

    Read More

    පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි චීනයෙන් ලැබෙයි

    චීනය විසින් ලංකාවට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි අද (10) නිල වශයෙන් මෙරටට ලබා දුන්නේය. ඒ කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකදී ය. එම අවස්ථාව ට අගමැතිනී හරිනි අමරසූරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම චීන තානාපති චී ජන් හොන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙහිදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා රුපියල් බිලියන 5.2ක් පමණ වටිනා රෙදි…

    Read More

    නිල ඡන්ද පත්‍රිකා සියයට 77ක් බෙදා අවසන්

    ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 77% පමණ මේ වන විට බෙදාහැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ මේ වන විට එක්කෝටි තිස් දෙලක්ෂයකට ආසන්න නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැර ඇති බවය. හෙට සහ අනිද්දා යන දෙදින තුළ ද නිවෙස්වලට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදුකරන බවද…

    Read More