Headlines

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අමෙරිකාවේදී අමිහිරි අත්දැකීම්

    ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට අමරිකාවට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ගැටලු රැසකට මුහුණ දී තිබේ. ඒ, ගුවන් යානා ප්‍රමාදවීම්, නවාතැන් ගන්නා හෝටල් සහ ක්‍රීඩාංගන අතර පවතින දුර මෙන්ම ක්‍රීඩාංගන තණතීරු සම්බන්ධයෙනි. ශ්‍රී ලංකා පිල පළමු අත්දැකීමට මුහුණදුන්නේ, අයර්ලන්තය සමග පැවැති පුහුණු තරගයෙන් පසුව ෆ්ලොරිඩා සිට නිව්යෝර්ක් දක්වා පැමිණීමේදී සිදුවූ ගුවන් ගමන් ප්‍රමාදයයි.  එහිදී ශ්‍රී ලංකා, අයර්ලන්තය සහ දකුණු…

    Read More

    රිෂාඩ් බදියුදීන් මේ මොහොතේත් ආණ්ඩුවේ රැකවරණය ආරක්‍ෂාව යටතේ

    හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයාට මේ වන විටත් ආණ්ඩුවේ පූර්ණ රැකවරණය සහ ආරක්ෂාව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. තමන් වගකීමෙන් තොර ප්‍රකාශ සිදු කර නැතැයි ද මන්ත්‍රීවරයා පැවසීය. කෙසේ නමුත් ඔවුන් ආණ්ඩු විසින් සඟවා ගෙන සිටින්නේදැයි තමන් නොදන්නා බවත් එය විමසිය යුත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් බවත් ඔහු…

    Read More

    චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටියන් පිරිසක් සොයා ගැනේ

    චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. උණ, හන්දිපත් රුදාව, ඇඟපත වේදනාව සහ නාසය අවට කළු පැහැ ගැන්වීමේ ස්වභාවයක් පවතින්නේ නම් එය චිකුන්ගුන්යා රෝගයේ ලක්ෂණ විය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය. මෙවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් හැකි ඉක්මනින් රෝහල්…

    Read More

    විදෙස් නිරීක්ෂකයන්ගේ අවසන් වාර්තාව කොමිසමට භාර දෙයි

    මහමැතිවරණය නිරීක්ෂණය සඳහා මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් දිවයිනට පැමිණි විදෙස් නිරීක්ෂකයින් සිය අවසන් වාර්තාව භාර දී තිබේ. මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී ඔවුන් අදාළ වාර්තාව මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී ඇති බව සඳහන් වේ. මෙවර මහ මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනයෙන් විදෙස් නිරීක්ෂකයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබුණි. ඒ අනුව…

    Read More

    නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය ශර්මාට

    නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා ඔලී තේරිපත් වී තිබේ. නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරු පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට පත් ව තිබුණි. ඒ අනුව නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා තේරී පත්ව ඇති බව වාර්තා වේ. කේ.පී ශර්මා 72 හැවිරිදි වියේ පසුවන අතර ඔහු මීට පෙර අවස්ථා දෙකකදී නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දරා ඇති බව සඳහන්…

    Read More

    ඉදිරි වසර 10 ගැන නාමල්ගේ සැලැස්ම

    ඉදිරි වසර 10 ඇතුළත රැකියා ලක්ෂ 20ක් ඇති කිරීම සඳහා සැලැස්මක් තමා සතුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. මාතලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. “ඔබේ දරුවා තවදුරටත් පාස්පෝට් ගන්න පෝලිමේ ඉන්නේ නැතුව, තරුණ පිරිසට හැඳුනුම්පත හදාගන්න, රියදුරු බලපත්‍රය හදාගන්න පෝලිම්වල ඉන්න යුගයක් ගැන…

    Read More

    කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

    අද (2) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  බස්නාහිර, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල වෙරළබඩ…

    Read More

    නව ජනාධිපති ට්‍රම්ප් ගැන චීනයේ ස්ථාවරය

    එළැඹෙන ජනවාරි මාසයේදී විශ්‍රාම යාමට නියමිත අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් ඊයේ (16) සිදුවිය. ඒ පේරු හිදී පැවැත්වෙන ආසියා – පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුව අතරතුරදීය. එහිදී චීන ජනාධිපතිවරයා පවසා තිබුණේ තේරීපත්ව සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සහයෝගීතාවෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවය. කෙසේ නමුත් ට්‍රම්ප්ගේ පළමු ධුරකාලය අතරතුර චීන…

    Read More

    කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-10) – ඊයේ ආසාදිතයින් 976 යි මරණ 05 යි

    අද දින (10) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 976 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 975 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (09) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. පසුගිය…

    Read More

    ෆාම් ඔයිල් ආනයනය තහනම්..

    මෙරටට ෆාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (05) දිනයේ දී ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ඇත්තේ, ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන ලෙසය. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ දැනට ආනයනය කර ඇති ෆාම් ඔයිල් නිකුත් කිරීම…

    Read More