Headlines

    දුම්රිය වර්ජනයේ අලුත්ම තත්ත්වය – කෙටි ගමන්වාර කිහිපයක් පමණයි

    අද (17) දිනයේ ගාල්ල, මීගමුව හා වේයන්ගොඩ වැනි කෙටි මාර්ගවල පමණක් දුම්රිය ධාවනයට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. ඒ අනුව දුරගමන් දුම්රිය ධාවනය නොකෙරෙන බව වාර්තා වෙයි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි. ඒ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ බඳවාගැනීමේ ක්‍රියාවලිය යථාවත්…

    Read More

    ජාත්‍යන්තර කාන්තා දිනය අද

    කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ. සම කාන්තා අයිතීන් සම්බන්ධ ඉල්ලීම් 20 වැනි සියවස මුල් භාගය දක්වා දිවයයි. කාන්තා වෘත්තීය අයිතීන් ඉල්ලා 1857 වසරේ මාර්තු 08 වනදා අමෙරිකාවේ නිව්යෝර්ක් හි ඇඟලුම් කම්හලක සේවිකාවන් පිරිසක් විරෝධතා කළ බව නොනිල වාර්තා පළවුවත්, පසුව හඳුනා ගැණුනේ එය නිර්මාණය කළ සිදුවීමක් ලෙසය. කාන්තාවන්ට සම…

    Read More

    බ්‍රිතාන්‍යය ට නව අගමැතිවරයෙක්

    බ්‍රිතාන්‍යයේ ඊයේ (04) පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත්වෙමින් පවතියි. ඒ අනූව කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වෙයි. එබැවින් එම පක්ෂයේ Keir Starmer එරට අගමැති ලෙස පත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. කම්කරු පක්ෂය ආසන 410 ක් සහ පාලන බලය හිමිකරගෙන සිටි කොන්සර්වෙටිව් පක්ෂය ආසන 131ක් ලබාගැනීමට ඉඩ ඇති බව වාර්තා වෙයි

    Read More

    ෆේස්බුක් සාදයක් වටලයි

    ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 15  දෙනෙකු ඇතුළු 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) රාත්‍රී කාලයේ සීදූව පොලිස් වසමේ කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටලක් තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිට ඇති බව වාර්තා වෙයි. සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය,…

    Read More

    පාරින්ද රණසිංහ ට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

    නීතිපතිවරයා ලෙස ඡ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතාව පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර තිබේ. නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වැනිදායින් අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණි. අනතුරුව එම ධුරයේ වැඩ බැලීම සඳහා රණසිංහ මහතාව පත්කළේය.   පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ.පාරින්ද රණසිංහ…

    Read More

    අමෙරිකානු ඩොලරයේ ආධිපත්‍යයට තර්ජනයක් ?

    ලොව පුරා මහ බැංකු තමන්ගේ විදේශ මුදල් සංචිත සඳහා අමෙරිකානු ඩොලර් පමණක් නොව දැන් වෙනත් විකල්ප විනිමය භාවිත කිරීමටත් පෙළඹී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. මෙම තත්ත්වය ජාත්‍යන්තර වශයෙන් අමෙරිකානු ඩොලරයේ ආධිපත්‍ය හීනවීමක් ලෙස හැඳින්විය හැකිය. ජාත්‍යන්තර වශයෙන් වඩාත් පිළිගැනීමට ලක්වූ මුදල් වර්ග හතර ලෙස සැලකනු ලබන්නේ, අමෙරිකානු ඩොලර්, යුරෝ, ජපාන යෙන් සහ…

    Read More

    දවසේ කොරෝනා වාර්තාව (2021-jan-24) – ඊයේ ආසාදිතයින් 724 යි මරණ 280 දක්වා ඉහල යයි.

    අද දින (24) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 724 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 09 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිත පුද්ගයින් වන අතර සෙසු 715 දෙනා දේශීයව හදුනාගත් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (23) දේශීයව හදුනාගත් ආසාදිතයින් 715 දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ. පසුගිය පැය 24 තුළ ශ්‍රී…

    Read More

    විශ්ව රූ රැජිණ (Miss Universe) ඇන්ඩ්‍රියා මේසා..

    විශ්ව රූ රැජිණ තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණත් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එය මේ වසර දක්වා කල් දැමුණි. මෙවර විශ්ව රූ රැජිණ අවසන් මහා තරගය පැවැත්වුණේ අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේදීය. ඒ අනුව විශ්ව රූ රැජිණ තරගයේ කිරුළ මෙක්සිකෝ රූ රැජිණ වූ ඇන්ඩ්‍රියා මේසා ජයග්‍රහණය කළේය. ලොවපුරා රටවල් රැසක රූ රැජිණියන් 73 න්…

    Read More

    ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

    2024 මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු අද (14)අවසන්වීමත් සමග ඒ ඒ ගණන්කිරීමේ මධ්‍යස්ථානවලට ඡන්ද පෙට්ටි ළඟා වූ පසු ප.ව. 7.15න් පසුව ප්‍රධාන ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ඡන්ද ගණනය කිරීමේ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතා පවසා සිටියේ, තේරිම්භාර නිලධාරීන්ගෙන් ඡන්ද ප්‍රතිඵල ලද…

    Read More

    ජනපති කොළොන්නාවට

    අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිව තිබෙන ගංවතුර ඇතුළු ආපදාවන්ගෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට කොළඹ, කොළොන්නාව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී සිටින බව වාර්තා විය. විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස එහිදී ඔහු නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

    Read More