Headlines

    ජනපතිගේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළට ඔස්ට්‍රේලියාවේ ප්‍රසාදය

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ  “ක්ලීන් ශ්‍රී ලංකා”  වැඩපිළිවෙළ අගය කරන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා පවසයි. ඒ සඳහා ඕනෑම අවස්ථාවක අවශ්‍ය සහාය ලබා දීමට ද කටයුතු කරන බව පැවසූ ඔහු අල්ලස් දූෂණවලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කිරීමට හේතුවන බව පැවසීය. අද (27) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය…

    Read More

    බුර්කාව තහනම් කිරීමේ නියෝගයට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අත්සන් කෙරේ..

    බුර්කාව තහනම් කිරීමට අදාළ නියෝගය සහිත කැබිනට් පත්‍රිකාවට තමා අත්සන් තැබු බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (13) කළුතර මුණසිංහ ආරාමයේ පැවති උත්සවයක් අමතමිනි. අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙරට ජාතික ආරක්ෂාවට බුර්කාව ඍජුව බලපානු ලබන බවයි. “ අපි දන්නවා අපි පුංචි කාලයේ…

    Read More

    මහ බැංකුවෙන් අපනයනකරුවන්ට සුබ ආරංචියක්

    භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබේ. සාර්ව ආර්ථික වර්ධනයන්, විශේෂයෙන්ම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය. 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත මඟින් භාණ්ඩ…

    Read More

    සත්ත්ව සංගණනයේ වාර්තාව හෙට – සතුන් කළමනාකරණයටත් වැඩපිළිවෙලක්

    වන සතුන් සම්බන්ධයෙන් සිදුකළ සංගණනයට අනුව එම සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි.ලාල්කාන්ත මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, වගා හානි සිදුකරන රිළවුන්, වඳුරන්, මොනරුන්, දඬුලේනන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ සංගණනයේ වාර්තාව හෙට (28) දිනයේ එළිදැක්වීමට බලාපොරොත්තු වන බවය.  මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ…

    Read More

    ඉරාන ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

    ඊශ්‍රායලය විසින් ඉරාන භූමියට එල්ල කරන මහා පරිමාණ ප්‍රහාරයකදී ආරක්ෂක භූමිකාව කැපී පෙනෙන ලෙස වෙනස් වනු ඇති බවත්, එහිදී ඊශ්‍රායලය මුළුමනින්ම විනාශකර දමන බවත් ඉරාන ජනපති ඊබ්‍රහීම් රයිසි ප්‍රකාශ කර තිබේ. එවැනි වාතාවරණයකදී ඊශ්‍රායලයේ සියොන්වාදී රෙජීමයේ කිසිවක් ඉතිරි නොවනු ඇති බව ඔහු සඳහන් කර ඇත.  ඉරාන නායකයා පාකිස්තාන සංචාරයේ නිරතවන අතරතුර, ඔහු මෙම ප්‍රකාශය සිදුකළ…

    Read More

    ශ්‍රී ලංකා සංචාරය කමින්ස්ට අහිමි වෙයි

    ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය ඔවුන්ගේ නිත්‍ය නායක පැට් කමින්ස්ට අහිමිවනු ඇති බව වාර්තා වේ. ඒ කමින්ස්ගේ දෙවන දරුවාගේ උපත හේතුවෙන් බව සඳහන්. මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වැඩබලන නායක ලෙස ස්ටීවන් ස්මිත් කටයුතු කරනු ඇති බව වාර්තා වේ. වෝන් – මුරලි කුසලානය වෙනුවෙන් තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා ඔස්ට්‍රේලියානු…

    Read More

    චීන විද්‍යුත් වාහනවලට පොල්ලක්

    චීන විද්‍යුත් වාහන සඳහා බදු ඉහළ දැමීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම තීරණය ගෙන ඇත්තේ එම කලාපයේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බව යුරෝපා සංගමය පවසයි. ඒ අනුව එක් එක් නිෂ්පාදකයාට 17.4% සිට 37.6% දක්වා බදු පනවා ඇත.  එසේම චීනයෙන් ආනයනය කරන සියලුම විද්‍යුත් වාහන සඳහා…

    Read More

    පෙති රංග අත්අඩංගුවට

    කළුතර හා අවට ප්‍රදේශ රැසක අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති ජාවාරමේ නිරතත වූ “පෙති රංග” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර උතුර පොලිස් වසමේ දෙදියවල සුනාමි නිවාස සංකීර්ණයේදී කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් ඊයේ (24) සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ජම්බුවාගේ මදුරංග සිල්වා නොහොත්  “පෙති රංග” යන…

    Read More

    වෙළෙඳ ඇමති ආනයනකරුවන්ට දුන් පොරොන්දුව

    සහල් හිඟය තවමත් පැවතීම හේතුවෙන් එළැඹෙන ජනවාරි මස 10 වැනිදා දක්වා සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට වෙළෙඳ අමාත්‍යවරයා එකඟ වූ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඊයේ (23) පැවති සාකච්ඡාවකින් පසු ආනයනකරුවන් පැවසුවේ, ඊට අදාළ යෝජනාව අමාත්‍යවරයා අද රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවය. වෙළෙඳපොළේ පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස සහල් ආනයනය…

    Read More

    පළාත් කිහිපයකට වැසි

    නැගෙනහිර පළාතේත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත…

    Read More