Headlines

    ප්‍රදේශ කිහිපයක වායු ගුණ මට්ටම ගැන නිවේදනයක්

    දිවයින වටා නගර සහ ප්‍රදේශ 06ක වායු ගුණත්ව තත්ත්වය සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා පැමිණ තිබුණි.  ඒ  යාපනය නගරය, කොළඹ නගරය, ගාල්ල කරාපිටිය, ත්‍රිකුණාමලය නගරය,  පොළොන්නරුව නගරය සහ අනුරාධපුර නගරය  යන ප්‍රදේශවලය. වායු ගුණ තත්ත්ව දර්ශකය හෙවත් SL AQI හි අගය 0ත් 50ත් අතර යනු යහපත් මට්ටම වන අතර, එය 51 -100 අතර මධ්‍යස්ථ මට්ටමක්…

    Read More

    විදෙස් නිරීක්ෂකයන්ගේ අවසන් වාර්තාව කොමිසමට භාර දෙයි

    මහමැතිවරණය නිරීක්ෂණය සඳහා මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් දිවයිනට පැමිණි විදෙස් නිරීක්ෂකයින් සිය අවසන් වාර්තාව භාර දී තිබේ. මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී ඔවුන් අදාළ වාර්තාව මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී ඇති බව සඳහන් වේ. මෙවර මහ මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනයෙන් විදෙස් නිරීක්ෂකයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබුණි. ඒ අනුව…

    Read More

    කොළඹ උද්ධමනය ඉහළ යයි

    2024 ජූලි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  2024 ජූලි මාසය සඳහා 2.4% ක් දක්වා වැඩි වී ඇත.  එය 2024 ජුනි මාසය සඳහා 1.7% ක් ලෙස වාර්තා වී තිබුණි. 2024  ජුලි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික…

    Read More

    ජනපති අද ජාතිය අමතයි..

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතව බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඒ අනුව අද (25) රාත්‍රී 8.30 ට ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය. එහි දී ජනාධිපතිවරයා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය අද (25) රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී, ගුවන් විදුලි නාලිකා සහ සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සජීවිව විකාශය…

    Read More

    බන්ධනාගාරවල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීමට ජනපතිගෙන් උපදෙස්

    බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඩ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.  ජනාධිපතිවරයා එම උපදෙස් ලබා දුන්නේ ජනාධිපති කාර්යාලයේ අද (30) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධ රැඳවියන්ගේ නඩු කටයුතු කඩිනමින් නිම කරන ලෙස මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා මාර්ගගත ක්‍රමය…

    Read More

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට සරසවි ඇදුරෝ විරෝධයේ

    යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මඟින් මෙරට අධ්‍යාපන පද්ධතිය වැඩි වශයෙන් පෞද්ගලික අංශයට පැවරීම සඳහා යෝජනා කර ඇති බව කොළඹ විශ්වවිද්‍යාල ශාස්ත්‍රපීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ, අදාළ ප්‍රතිපත්ති රාමුවට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර එය පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමුකර ඇති බවය. එම ප්‍රතිපත්ති රාමුව මේ…

    Read More

    ඉන්ධන බෙදුම්කරුවන් ලැබූ සියයට 3 වට්ටම් මුදල අහෝසි කරයි

    ඉන්ධන බෙදුම්කරුවන් මේ වන විට ලබා ගන්නා සියයට 03ක වට්ටම් මුදල අහෝසි කර හෙට (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදී නව සමීකරණයකට අනුව ගෙවීම් සිදුකරන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා පවසයි. අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා පැවසුවේ මෙතෙක් ඔවුන් ලබා ගත් 03%ක මුදල අනීතික බවය. “මේ ගොල්ලන්ට…

    Read More

    කොටහේන වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    කොටහේන ප්‍රදේශයේදි වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරුවන් දෙදෙනා නිතීඥවරුන් මාර්ගයෙන් පොලීසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. පසුගිය 16වන දින කොටහේන ප්‍රදේශයේදි  යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පුද්ගලයෙකුට සහ කාන්තාවකට බරපතළ තුවාල සිදුකර තිබුණි….

    Read More

    පුද්ගලයෙකු ලොරියක් කොල්ලකා පලායයි

    වත්තල ප්‍රදේශයේදී ලොරි රථයක් පැහැරගෙන පලායමින් සිටියදී කඩුවෙලදී එම රථයට වෙඩිතබා නවතාගෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගත්බව කඩුවෙල පොලිසීය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී මෙරට නිශ්පාදිත අත්බෝම්බයක්ද හමු වූ බවද පොලීසිය සඳහන් කළේය. අදාළ ලොරි රථය නොරොච්චෝලේ සිට සුපිරි වෙළෙඳසැලක් සඳහා එළවළු පටවාගෙන යන අතරතුර, වත්තල ප්‍රදේශයේ තේ කඩයක් අසල නවත්වා තිබේ. එහිදී රියදුරු තේ බීමට…

    Read More

    ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කෙරේ

    ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දෙන්නේ සිය නිල වෙබ් අඩවිය හරහා ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇති බවය.

    Read More