Headlines

    අන්තර්ජාල වංචා ඉහළට

    වසරේ ගතවූ මාස 5ක කාලසීමාව තුළ අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් පැමිණිලි 1,093 ක් වාර්තා වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුගල මහතා සඳහන් කළේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පැමිණිලි 7,916 ක් වාර්තා වී ඇති බවය. ඒ පිළිබඳ තවදුරටත් පැහැදිලි කරමින් චරුක දමුණුගල මහතා සඳහන් කළේ මාස දෙකක් ඇතුළත ළමුන්…

    Read More

    නෙළුම් කුලුනේ පැරෂුට් අනතුර

    නෙළුම් කුලුනෙන් පහළට පැරෂුට් ආධාරයෙන් පැනීමේ අවස්ථාවකට එක්වූ පුද්ගලයෙකු ඉන් ඇදවැටී අනතුරට ලක්ව තිබේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විදෙස් ජාතිකයෙකි. නෙළුම් කුලුන මුදුනේ සිට පහළට පැනීමේදී නිසි වේලාවට ඔහුගේ පැරෂුටය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ එම විදෙස් ජාතිකයා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

    Read More

    චීන විද්‍යුත් වාහනවලට පොල්ලක්

    චීන විද්‍යුත් වාහන සඳහා බදු ඉහළ දැමීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම තීරණය ගෙන ඇත්තේ එම කලාපයේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බව යුරෝපා සංගමය පවසයි. ඒ අනුව එක් එක් නිෂ්පාදකයාට 17.4% සිට 37.6% දක්වා බදු පනවා ඇත.  එසේම චීනයෙන් ආනයනය කරන සියලුම විද්‍යුත් වාහන සඳහා…

    Read More

    බැසිල් මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි..

    බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. ඒ අනුව නව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දුන් බව එම මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කළේය. අමාත්‍යංශ විෂය පථ සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම්…

    Read More

    Made in Sri Lanka – වෙළද ප්‍රදර්ශනය 2021

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම, බලගැන්වීම සහ ශක්තිමත් කිරීම යන අරමුණු පෙරදැරිව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සංකල්පයකට අනුව කර්මාන්ත අමාත්‍යාංශය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) එක්ව පසුගිය දෙසැම්බර් 15 වනදා ජනගත කළ Made in Sri Lanka ව්‍යාපෘතියේ ප්‍රමුඛතා යෝජනාවක් ලෙස සදහන්…

    Read More

    ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 3,623ක්..

    ගෙවුණු දිනය (19) තුළ කොවිඩ් අසාදිතයින් 3,623 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම පිරිස අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 32 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්විය. ඊයේ (19) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    55 පැන්නොත් ජනාධිපතිවරණය තරග කරන්න බෑ

    ඉදිරියේදී ගෙන ඒමට සූදානම් වන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරණයට තරග වැදීම සදහා වයස අවුරුදු 55 න් නොඉක්මවිය යුතු බවට වගන්තියක් ඇතුළත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ. අද අරුණ පුවත්පත වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම උපරිම වයස් සීමාව අවුරුදු 55 ක් ලෙස නිශ්චිත කිරීමට යෝජනා වී ඇති බවයි. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය…

    Read More

    ශ්‍රී ලංකා 20/20 කණ්ඩායම පිටත්වෙයි

    20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත්විය. එම තරගාවලිය මෙවර අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලදී පැවැත්වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස වනිඳු හසරංග කටයුතු කරයි.

    Read More

    බිලියන 35ක් රටට අහිමි කළ පාවහන් ජාවාරම

    විදෙස් රටවල නිෂ්පාදිත පාවහන් නීත්‍යානුකූල නොවන අයුරින් මෙරටට ආනයනය කර අලෙවි කිරීමේ මහාපරිමාණ ජාවාරමක් සම්බන්ධවෙන් තොරතුරු අනාවරණය වී තිබේ. නියමිත බදු ගෙවීමකින් තොරව ඇතැම් රේගු නිලධාරීන් හා සම්බන්ධවෙමින් ඔවුන් එම ජාවාරමේ නිරතව ඇති බව සඳහන්ය. විදෙස් රටකින් මෙරටට ආනයනය කරන ලද පාවහන් යුගලයක් සඳහා අවම වශයෙන් රුපියල් 2,000ක බදු මුදලක් අයකරනු ලබයි. දේශීයව නිපදවන පාවහන්…

    Read More

    මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ FR පෙත්සම සලකා බැලීමට දින දෙයි

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා දී තිබූ ආරක්ෂක සංචිතය නිලධාරීන් 60 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණයට එරෙහිව ඒ මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (06) ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන්…

    Read More