Headlines

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉහළම බදු ආදායම රැස් කරයි

    දේශීය ආදයම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම පසුගිය 2024 වසරේදී රැස් කිරීමට සමත්ව තිබේ. දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනුයේ එය රුපියල් මිලියන 1,958,088ක් බවය. මෙය 2023 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 392,229ක වැඩි වීමක් වන අතර එහි වර්ධන වේගය සියයට 25.1ක් බවද එම නිවේදනයේ සඳහන් ව තිබේ.

    Read More

    ටයිටැනික් මතකය අලුත් කළ රන් ඔරලෝසුව

    සිය මංගල මුහුදු ගමන අතරතුරදී අනතුරට ලක්ව ගිලි ගිය ටයිටැනික් නෞකාව තවමත් විවිධ පුවත් මවයි. එම නෞකාව එංගලන්තයේ සවුතැම්ප්ටන් සිට අමෙරිකාවේ නිව් යෝර්ක් දක්වා ගමන් කරමින් සිටියදී 1912 අප්‍රේල් 12 වනදා උතුරු අත්ලාන්තික් මුහුදේදී අයිස් කුට්ටියක ගැටී ගිලී ගියේය. ඉන් මගීන් 1,500ක් පමණ ජීවිතක්ෂයට පත්විය.  එම නෞකාවේ ගමන් කරමින් සිදී ධනවත්ම මගියා වූයේ ජෝන් ජේකොබ්…

    Read More

    වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර ස්ථාපිත කිරීමට අවබෝධතා ගිවිසුමක්

    වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (16) සිදුවිය. ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ඉන්දීය මහකොමසාරිස් සත්තෝෂ් ජා මහතා අතරය. මෙරට වතුකර ප්‍රජාවන් හී ඩිජිටල් පරතරය පියවීම සඳහා ගත හැකි පියවරක් ලෙස නුවරඑළිය, නුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල වතුකර පාසල් සඳහා…

    Read More

    එන්නත් ගෙන්වීම රජයෙන් පමණයි – ජනාධිපති උපදේශක හා කොවිඩ් එන්නත් සම්බන්ධ මෙහෙයුම් ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසයි.

    මෙරටට කොරෝනා එන්නත් ගෙන්වීම හෝ අලෙවි කිරීමට පුද්ගලික අංශයට අවසර ලබා නොදෙන බව ජනාධිපති උපදේශක හා කොවිඩ් එන්නත් සම්බන්ධ මෙහෙයුම් ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පැවසුවේය. එම එන්නත් හදිසි තත්ත්වයන් යටතේ, මෙරටට ගෙනඑන බැවින්, එම කටයුතු රජයේ පාලනය මත සිදුකිරීමට නියමිත බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි. කෙසේවෙතත්, දැනට ඉන්දියාවෙන් ගෙන්වා ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත…

    Read More

    වාහන ආනයනයට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

    වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. 1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, ඉකුත් 2024 වසරේ දෙසැම්බර් 18 වැනිදා සිට මේ වසරේ ජනවාරි 27 වැනිදා දක්වා…

    Read More

    ජනවාරි තුන්වන සතියේ සිට වී මිලදී ගැනීමට රජය සූදානම් වෙයි

    ජනවාරි 03 වන සතියේ සිට වී මිලදී ගැනීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රජය පවසයි. වී මිලදී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්ලන්ද මහතා සඳහන් කළේ ලක්ෂ තුනක ප්‍රමාණයක් වී මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවය. ඒ සඳහා වී අලෙවි මණ්ඩලය සතුව බහුතික ප්‍රතිපාදන පවතින බවද සඳහන් කරන ඒ මහතා ඉතා ඉක්මනින් ඊට අදාළ…

    Read More

    ලිට්‍රෝ ගෑස් මිල පහළට

    ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ. හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව ඇත. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ සංශෝධිත මිල ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත්කරන බවය.

    Read More

    ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

    දිවයිනේ දකුණු කොටසේ අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී…

    Read More

    රටවල් 35ක පුරවැසියන්ට නොමිලේ වීසා පහසුකම යටතේ මෙරටට ඇතුළුවීමට අවස්ථාව

    නොමිලේ වීසා පහසුකම යටතේ රටවල් 35ක පුරවැසියන්ට මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඊට අයත්ය. එම අවස්ථාව ලැබෙන්නේ 2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහාය. වැඩි විස්තර පහතින් දැක්වෙයි.

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-25) – ඊයේ ආසාදිතයින් 458 යි මරණ 04 යි

    අද දින (25) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 458 දෙනෙකු හදුනාගෙන ඇති අතර එම සියළු දෙනා දේශීය හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (24) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන්වාර්තා වන අතර එම ගණන 94 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 76  ක්…

    Read More