Headlines

    අද මිත්‍යාවෙන් ඉවත්වී විද්‍යාවට නැඹුරු වෙනවා – ජනපති

    විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටළු සඳහා ථේරවාද බුදුදහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ථේරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගනිමින් එය ලෝකය වෙත ගෙන යාමට කටයුතු කළයුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (23) පෙරවරුවේ මාතලේ…

    Read More

    අධිවේගේ පාලම යට අභිරහස් මළ සිරුරක්

    බණ්ඩාරගම ගැලනිගම අධිවේගී මාර්ග පාලම අසළ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවී තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බවය. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බණ්ඩාරගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.  අඩි 05යි අඟල් 4ක් පමණ උසැති ඔහු තලෙළු පුද්ගලයෙකු බව පොලීසිය පවසයි. ඔහු උඩු කයට නිල්පාට අත්කොට කමිසයක්…

    Read More

    පොල්වතු හිමියන්ට සහනාධාරයක්

    වර්තමානයේ පවතින පොල් අර්බුදයට විසඳුමක් ලෙස පොල් වතුහිමියන්ට පොහොර සහනාධාර ලබාදීමට පියවර ගන්නා බව සමන්ත විද්‍යාරත්ත නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කළේ, දිවයිනට ආනයනය කළ පොහොර මෙට්ට්‍රක්ටොන් 55,000න්  මෙට්ට්‍රක්ටොන් 27,500ක් පොල් වගාකරුවන් සඳහා ලබා දීමට නියමිත බවය. “අපේ අමාත්‍යාංශයේ අක්කර දස දහස් ගණනක තියෙන පොල් වතුවල අවුරුදු 5කින් පොහොර දාලා නෑ. ඒ කියන්නේ අස්වැන්න අඩුයි….

    Read More

    ඉරාන රැප් ගායකයා ට මරණ දඬුවම

    ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සඳහා සහාය දුන් බවට චෝදනා එල්ල වූ එරට ප්‍රකට රැප් ගායකයෙක් වන ටූමාජ් සලෙහි ට ඉරාන අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබේ. ඒ සම්බන්ධයෙන් වාර්තා කළ එරට රාජ්‍ය මාධ්‍ය පැවසුවේ සලෙහි ට ඔහුට එරෙහිව ලබාදී ඇති දඬුවම ලිහිල්කර ගැනීමට අවස්ථාවක් ඇති බවයි. 2022-23 කාලයේදී ඉරානයේ පැවති කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් සලෙහි…

    Read More

    ශ්‍රී ලංකා 20/20 කණ්ඩායම පිටත්වෙයි

    20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත්විය. එම තරගාවලිය මෙවර අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලදී පැවැත්වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස වනිඳු හසරංග කටයුතු කරයි.

    Read More

    රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට

    2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2024 ජනවාරි මාසයේ වාර්තා වූ ප්‍රේෂණ ප්‍රමාණය වන ඩොලර් මිලියන 487.6 හා සැසදීමේ දී 17.5%ක කැපීපෙනෙන වර්ධනයකි. මේ අතර පසුගිය 2024 සමස්ත වර්ෂය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් බිලියන 6.57ක ප්‍රේෂණ…

    Read More

    දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘතයි..

    කොවිඩ් – 19 සංගත තත්ත්වය හේතුවෙන්, පසුගිය 26 වැනිදා සිට වසා දැමුණු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද (05) යළි විවෘත කෙරුණි. ඒ අනුව අලුයම 5.00 සිට පස්වරු 5.00 දක්වා අද(05) සිට එය විවෘතව තැබෙන බව, දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති ශාන්ත ඒකනායක මහතා සඳහන් කළේය. මේ අතර ආර්ථික මධ්‍යස්ථානය වෙත අද (05) සහ හෙට (06)…

    Read More

    මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළං තත්ත්වයේ ඉහළ යාමක් – බහුදින ධීවර යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක්..

    ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළං තත්ත්වයේ ඉහළ යාම හමුවේ බහුදින ධීවර යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බව සඳහන් වේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ(28) සිට දින තුනක කාලයක් එම නිවේදනය වලංගු වන බවයි. තව ද ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන්…

    Read More

    කෙහෙළිය යළි රිමාන්ඩ්

    රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනා මැයි මස හය දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ. ඊට අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචිනි අබේවික්‍රම මහත්මිය මෙම නියෝගය කලාය. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ ඇප ඉල්ලීම එහිදී ප්‍රතික්ෂේප කෙරිණි.

    Read More
    නීතිවිරෝධී මාර්ග ඔස්සේ රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම් දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. රුසියානු හමුදාවට මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් එක්වන බවට තොරතුරු අනාවරණය වන අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ කිසිදු සබඳතාවයක් නොමැති බව එම අමාත්‍යංශය සඳහන් කළේය. රුසියානු හමුදාවට එක්වු මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පසුගිය දා මියගොස් ඇති බවට අල්ජසීරා පුවත් සේවය සිදුකළ අනාවරණයත් සමග ඒ සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබේ. කෙසේවෙතත් මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු එලෙස මියගොස් ඇති බවට මේ දක්වාත් තානාපති කාර්යාල හරහා මෙරටට දැනුම් දී නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය. ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් රුසියාවේ සේවයට යොමු කිරීම සඳහා මෙරට හමුදාව සහ රුසියානු හමුදාව අතර කිසිදු එකඟතාවක් නොමැති පසුබිමක මෙවැනි සිදුවීම් මෙරට කීර්තිනාමයට හානියක් එල්ල කරන බව ද ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේය. මෙම තත්ත්වය තුළ මෙරට හමුදා සාමාජිකයින්ට රුසියානු හමුදාව සමග එක්නොවන ලෙස දැනුම් දී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය. මේ අතර යුක්‍රේන හමුදාවේ සේවය කරමින් සිටිය දී කපිතාන්වරයෙකු ඇතුළු ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයින් තිදෙනෙකු මියගොස් ඇති බවට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී තොරතුරු වාර්තා වුණි.

    ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

    නීතිවිරෝධී මාර්ග ඔස්සේ රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම් දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

    රුසියානු හමුදාවට මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් එක්වන බවට තොරතුරු අනාවරණය වන අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ කිසිදු සබඳතාවයක් නොමැති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

    රුසියානු හමුදාවට එක්වු මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පසුගිය දා මියගොස් ඇති බවට අල්ජසීරා පුවත් සේවය සිදුකළ අනාවරණයත් සමග ඒ සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබේ.

    කෙසේවෙතත් මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු එලෙස මියගොස් ඇති බවට මේ දක්වාත් තානාපති කාර්යාල හරහා මෙරටට දැනුම් දී නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

    ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් රුසියාවේ සේවයට යොමු කිරීම සඳහා මෙරට හමුදාව සහ රුසියානු හමුදාව අතර කිසිදු එකඟතාවක් නොමැති පසුබිමක මෙවැනි සිදුවීම් මෙරට කීර්තිනාමයට හානියක් එල්ල කරන බව ද ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේය.

    මෙම තත්ත්වය තුළ මෙරට හමුදා සාමාජිකයින්ට රුසියානු හමුදාව සමග එක්නොවන ලෙස දැනුම් දී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

    මේ අතර යුක්‍රේන හමුදාවේ සේවය කරමින් සිටිය දී කපිතාන්වරයෙකු ඇතුළු ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයින් තිදෙනෙකු මියගොස් ඇති බවට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී තොරතුරු වාර්තා වුණි.

    Read More