Headlines

    ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

    තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (25) අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කරු වෙනුවෙන්…

    Read More

    හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි

    හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන්ව අද (27) සිට යළි කැඳවා ඇති බව පොලීසිය පවසයි.  හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායක හැර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා තිබූ සියලුම පොලිස් නිලධාරීන් ව නැවත කැඳවීමට පියවර ගෙන ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය අඟහරුවාදා (24) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-17) – ඊයේ ආසාදිතයින් 756 යි මරණ 06 යි

    අද දින (17) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 756 දෙනෙකු හදුනාගෙන ඇති අතර එම සියළුදෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (16) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 172 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 168 ක්…

    Read More

    ලොහාන් රත්වත්තේ ගේ පෞද්ගලික ලේකම්වරයෙකුගේ සිරුර හමුවෙයි

    හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකුගේ සිරුර මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේ දී හමුව තිබේ. ඔහුගේ සිරුරේ වෙඩි සලකුණු ඇති බවත් එ් අසල තිබී ගිනි අවියක් ද සොයාගත් බව පොලීසිය පවසයි. ඒ අනුව මෙම ඝාතනයක් ද නැතිනම් වෙඩිතබාගෙන සියදිවි නසාගැනීමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති බව පොලීසිය වැඩිදුරටත් පවසයි. මෙම පුද්ගලයා 49 හැවිරිදි කටුගස්තොට…

    Read More

    අදානි ගෙන් විදුලිය මිලදීගැනීමට වසර 20ක ගිවිසුමක්

    අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිලදී ගැනීම සඳහා වූ ටෙන්ඩරයට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. අදාළ ටෙන්ඩරය අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ඉදිරිපත්කර තිබූ අතර ඒ අනුව වසර 20ක් සඳහා ඔවුන්ගෙන් එම ව්‍යාපෘතිය යටතේ නිපදවෙන විදුලිය මිලදී ගැනෙයි. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන…

    Read More

    ගතවූ මාස 06ට මත්ද්‍රව්‍ය කිලෝ 600ට අධික තොගයක් නාවික හමුදා භාරයට

    මේ වසරේ ගතවූ කාලය තුළ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 600කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි. රුපියල් මිලියන 9,460කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය එලෙස සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා සඳහන් කළේය. බහුදින යාත්‍රාවක සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 3,250කට අධික වටිනාකමකින්…

    Read More

    ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපාවලී සමරයි

    ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උත්සවය අද (31) සමරනු ලබයි. ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපාවලී දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකේ. විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කර ආලෝකය පැතිරවීම සිහිපත් කිරීම දීපාවලී උත්සවයේ අරමුණයි. අඳුර පහව ගොස් ආලෝකය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් හින්දු බැතුමතුන් විසින් තම නිවෙස්වල පහන්…

    Read More

    රුසියානු බුද්ධි අංශ නිලධාරියාට බෝම්බ ප්‍රහාරයක්

    රුසියානු හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙක් ඉලක්ක කර කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර තිබේ. අද (24) උතුරු මොස්කව් ප්‍රදේශයේදී එම ප්‍රහාරය එල්ලකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම පිපිරීමෙන් දෙදෙනකු තුවාල ලබා තිබුණි. එම බුද්ධි අංශ නිලධාරියා සිය බිරිඳ සමග ඔහුගේ මෝටර් රථයට නැගීමෙන් අනතුරු එම බෝම්බර පුපුරා ගොස් තිබේ. එම පිපිරීම හේතුවෙන් එම නිලධාරියාගේ පාදවලට දැඩි…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-jan-29) – මරණ 300 ඉක්මවයි – ඊයේ ආසාදිතයින් 859 යි මරණ 08 යි

    අද දින (30) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 859 දෙනෙකු හදුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 08 ක් වාර්තා වී ඇති අතර එලෙස මිය ගොස් ඇත්තේ,කොළොන්නාවේ පදිංචි 65 හැවිරිදි පුද්ගයෙකු, ගාල්ල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙකු,…

    Read More

    රජය සතු අධි සුඛෝපභෝගී වාහන ඉවත්කිරීමට යයි

    රාජ්‍ය ආයතනවලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව ඉවත්කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. අද (03) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ බව පැවසීය. රාජ්‍ය ආයතනවල භාවිත වන ඇතැම් අධි සුඛෝපභෝගී වාහනවල නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගෙන මෙම තීරණය…

    Read More