Headlines

    තවත් පිරමීඩ ජාවාරමකට පුද්ගලයන් 5500ක් හසු වෙයි

    පිරමීඩ ජාවාරමක් හරහා රුපියල් කෝටි 350ක මුදලක් වංචා කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් එම මුදල වංචා කර ඇත්තේ R3Fයන යෙදුම භාවිත කරමිනි. Ride To Three Freedom Sri Lanka නොහොත් R3F යන යෙදුම මගින් ඩිජිටල් මුදල් භාවිතය හරහා සිදුකරන පිරමීඩ ජාවාරමකින් සිදුකරන මුල්‍ය වංචාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන…

    Read More

    ත්‍රීරෝද රථවලට රථවාහන නියෝජ්‍ය පොලිස්පතිගෙන් දැනුම්දීමක්

    ත්‍රීරෝද රථවල අමතර උපාංග සවිකිරීම හා අලංකරණය සඳහා ‌මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දී ඇති කාණ්ඩ යටතේ පමණක් අවශ්‍යතාවය මත අවසර ලබාදී ඇතැයි රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි. “යම් ත්‍රිරෝද රථයක වෙනසක් කළොත් අනිවාර්යෙන්ම මුල් අකෘතිය සම්බන්ධයෙන් වෙනසක් සිදු නොවී, වාහනයේ පොතේ ඒ පිළිබඳව ඇතුළත් කළ…

    Read More

    අඛණ්ඩව තුන්වන දිනටත් වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගම්පහින් – ඊයේ ආසාදිතයින් 342 යි මරණ 04 යි

    අද දින (11) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 342 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 42 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 300 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (10) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    ප්‍රථම වරට ඊයේ වැඩිම අසාදිතයින් මාතරින් – මොරවක නගරයේ කඩ සාප්පු වසා දැමේ..

    අද දින (14) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 314දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 33 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 281 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (13) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර…

    Read More

    මාර්තු 03 වනදා සිට රුපියල් 20 නව කාසියක් ජනතාව අතර සංසරණයට

    අළුතින් නිකුත් කරන ලද රුපියල් 20 නව කාසියක් මාර්තු 03වනදා සිට මුදල් සංසරණයට එකතු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් “සමරු සංසරණ” කාසියක් ලෙස මෙය නිකුත් කරනු ලබන මෙම කාසි මිලියන 05ක් ලබන මාර්තුවේ සිට මුදල් සංසරණයට නිකුත් කරනු ලබන අතර කාසිය පැති…

    Read More

    පාකිස්ථාන අගමැති අද ශ්‍රී ලංකාවට

    පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ඒ මහතා අද (23) සහ හෙට (24) ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයට පැමිණ තිබේ. අද (23) දිනයේ පැමිණි අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…

    Read More

    මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්

    ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අනාවරණය කරයි. අද (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම අනාවරණය කරමින් ඔහු කියා සිටියේ, මෙම කරුණු සඟවමින් වැටුප් වැඩි කරගත් මහබැංකු අධිපතිවරයා සහ පාලනාධිකාරිය ඉල්ලා අස්විය යුතු බවය.  මෙහිදී වැඩිදුරටත්…

    Read More

    මරණ සියයට 70කට හේතුව අධි රුධිර පීඩනය

    මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි. එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් මහත්මිය සඳහන් කළේ, බෝ නොවන රෝග සම්බන්ධයෙන් 2021 වර්ෂයේ සිදුකළ සමීක්ෂණය මඟින් මෙරට ජනතාවගෙන් සියයට 34.8ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවට හඳුනාගෙන ඇති බවය. ඒ…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-27) – ඊයේ ආසාදිතයින් 497යි මරණ 05 යි

    අද දින (27) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 497 දෙනෙකු හදුනාගෙන ඇති අතර න් පුද්ගලයින් 10 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 487 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (26) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    මැතිවරණයෙන් එමානුවෙල් මැක්‍රෝන්ට දැවැන්ත පසුබෑමක්

    ප්‍රංශ මහා මැතිවරණයේ පෙරමුණ ගැනීමට මරීන් ලා පෙන්ගේ අන්ත දක්ෂිණාංශික පක්ෂය සමත්ව තිබේ. එහිදී ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ සන්ධාන පක්ෂය දැවැන්ත පසුබෑමක් ලබා තිබීම ද විශේෂත්වයකි. මේ අතර දක්ෂිණාංශික පක්ෂය ලැබූ ජයග්‍රහණයට එරෙහිව දහස් සංඛ්‍යාත පිරිසක් පැරිස් අගනුවර වෙත රැස්ව සිටී. ඔවුන් සහ කැරලි මර්දන නිලධාරීන් අතර ගැටුමක් ද හටගත්තේ තිබුණි.

    Read More