Headlines

    මහින්ද සමරසිංහගේ තානාපති ධුරය ගැන තීරණයක්

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා හේතුවෙන් අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා තවදුරටත් එම තනතුරේ කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. පසුගිය කාලසීමාවේ දී දේශපාලන පත්වීම් ලැබු තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු 16 දෙනෙකු යළි කැඳවීමට රජය තීරණය කළේය. කෙසේවෙතත් මහින්ද සමරසිංහ මහතාව එම තනතුරේ තවදුරටත් රැඳවා තැබීමට රජය තීරණය කළ බව “අද…

    Read More

    කොවිඩ්වලින් බේරෙන්න ගත් එන්නත ගැන සෞඛ්‍ය අංශ වෙතින් දැනුම්දීමක්

    කොවිඩ් වසංගතය පාලනය සඳහා ඇස්ට්‍රාසෙනෙකා සමාගම හඳුන්වාදුන් එන්නතින් අතුරු ආබාධ ඇතිවන බවට බ්‍රිතාන්‍ය මහාධිකරණයක් ඉදිරියේ එම සමාගම පිළිගත් පසුබිමක එන්නත සම්බන්ධයෙන් සැකසංකා මතුව පවතියි.  කෙසේවෙතත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසන්නේ ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත සම්බන්ධයෙන් මෙරට ජනතාව කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නොවන බවය. කොවිඩ් වසංගතය පාලනය සඳහා නිපදවූ…

    Read More

    ජනපතිගේ තීරු බදු ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය

    2025 ජනවාරි මස සිට අදියර තුනක් යටතේ ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ අතර පාර්ශ්වකරුවන්ගේ දැනුවත්භාවය සහ අනුකූලතාව සහතික කිරීමේ අරමුණින් රේගු ආඥාපනතේ 101 වන වගන්තිය යටතේ එම බදු ප්‍රතිපත්තිය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහාත් අනුමැතිය හිමිව ඇත. රටක් තුළ වෙළෙඳ හා…

    Read More

    ආරුගම්බේ විමර්ශන පිළිබඳ අතිශය රහසිගත වාර්තාවක් බාරදෙයි 

    ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳ අතිශය රහසිගත වාර්තාවක් අද (29) විමර්ශන නිලධාරින් විසින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත් කළේය. එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දී ඇත්තේ මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනෙකු රැඳවුම් නියෝග මත රඳවාගෙන පරීක්‍ෂණ සිදු කරන බවය. එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත්…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-28) – ඊයේ ආසාදිතයින් 460 යි

    අද දින (28) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 460 දෙනෙකු හදුනාගෙන ඇති අතර න් පුද්ගලයින් 35 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 425 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (27) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

    අද (2) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  බස්නාහිර, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල වෙරළබඩ…

    Read More

    ප්‍රතික්ෂේප කළ නාමයෝජනා භාරගන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝගයක්

    ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද (04) අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියෝග කර තිබේ. සිය නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යන…

    Read More

    ගතවූ මාස 06ට මත්ද්‍රව්‍ය කිලෝ 600ට අධික තොගයක් නාවික හමුදා භාරයට

    මේ වසරේ ගතවූ කාලය තුළ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 600කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි. රුපියල් මිලියන 9,460කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය එලෙස සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා සඳහන් කළේය. බහුදින යාත්‍රාවක සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 3,250කට අධික වටිනාකමකින්…

    Read More

    ඉහළ යන යුද ගැටුම් හමුවේ ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයින්ට යළි දැනුම්දීමක්

    ඊශ්‍රායලයේ ඉලක්ක වෙත හිස්බුල්ලා සංවිධානය එල්ල කරන ෂෙල් සහ රොකට් ප්‍රහාර හේතුවෙන් එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඉල්ලීමක් කර තිබේ. ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ සිට හිස්බුල්ලා සංවිධානය විසින් ෂෙල් හා රොකට් ප්‍රහාර ගණනානවක් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ පිහිටි  හයිෆා, ගැලිලි, ගෝලන්, හා නාසරිත් යන ප්‍රදේශවල ඉහළ අහසේ සිට…

    Read More

    මැතිවරණ වියදම් විස්තරය ගැන අනාවරණයක්

    ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණයේදී අනාවරණය වුවහොත් ඔහුගේ ධුරය අහිමිවෙනවා මෙන්ම අපේක්ෂකයාගේ ප්‍රජා අයිතියද වසර තුනක් සඳහා අහෝසි වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. පසුගියදා මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකදී වියදම් විස්තර ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු…

    Read More