Headlines

    මහ මැතිවරණ අපේක්ෂකයින්ට මනාප අංක ලබා දීම අද

    පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දිනයේදී අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, සියලු දිස්ත්‍රික්කවල මනාප ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති අතර එම මනාප ලැයිස්තු පරීක්ෂා කර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යැවීමට පියවර ගෙන ඇති බවය. මහ…

    Read More

    අද ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව..

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, සබරගමුව, දකුණ, බස්නාහිර, මධ්‍යම හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි. ඒ අනුව ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇති වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Read More

    ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන්

    මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පවත්වනු ලබන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අනිද්දා පැවැත්වීමට නියමිතව තිබේ. අනිද්දා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක ඡන්ද විමසීම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රි 12.00න් අවසන් වු අතර මැතිවරණය පැවැත්වෙන කාලසීමාව දක්වා…

    Read More

    රාජ්‍ය සේවක අවම මූලික වැටුප රු 15,750කින් ඉහළට

    වැටුප් ව්‍යුහය සංශෝධනය කරමින්, රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනයට රජය යෝජනා කර තිබේ. ඒ අනුව රාජ්‍ය අංශයේ අවම මුලික වැටුප රු 24,250 සිට රු 40,000ක් දක්වා රු 15,750කින් වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇත. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මුලික වැටුපට ඒකාබද්ධ කරන අතර රු…

    Read More

    මෝදි පැය 45ක භාවනාවක

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැය 45ක භාවනාවක් ආරම්භ කර තිබේ. ඒ 1892 වර්ෂයේදී ඉන්දීය දාර්ශනික ස්වාමි විවේකානන්ද තපස් වැඩූ කන්‍යකුමාරිහි විවේකානන්ද ගිරිකුළ අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයේදීය. අගමැති මෝදී හෙට සවස් කාලය තෙක් මෙලෙස භවනානුයෝගීව සිටීමට නියමිත අතර ඉන්දීය මහ මැතිවරණය අවසන් වීමට නියමිතව ඇත්තේ ද හෙට (01) දිනයේදී වීම විශේෂත්වයකි.

    Read More

    පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

    පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම ගෙන ඇති තීරණය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව අද (5) පස්වරුවේ මාධ්‍ය වෙන නිවේදනයක් යොමුකරමින් මේ බව දන්වා සිටියේය. ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගෙන…

    Read More

    අධිවේගී මාර්ගයේ යන රියදුරන්ට උපදෙස්

    අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීමේදී  විද්‍යුත් පුවරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙස රියදුරන්ට දැනුම්දෙයි. මාර්ග සංවර්ධන අධිකාරිය ඒ බව පැවසීය. වාහන අතර පරතරය මීටර් 50ක් තබාගන්නා ලෙසත්, විද්‍යුත් පුවරුවලින් උපදෙස් ලබාදී ඇති වේගය ඉක්මවා නොයන ලෙසත් දැනුම්දී තිබේ.

    Read More

    විදේශ අමාත්‍යවරයා ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතයි.

    විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ඊයේ (23) දින අමතනු ලැබීය. “සභාපතිතුමියනි, මහ කොමසාරිස්තුමියනි, සම්භාවනීය තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, 1. අද මා ඔබ අමතන අවස්ථාවේ දී, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම වාර්තාව පිළිබඳ පෙර…

    Read More

    ප්ලාස්ටික් සහ පොලිතීන්වලින් තොර වෙසක්..

    සම්බුදු තෙමඟුල සමරමින් පවත්වන මෙවර වෙසක් උත්සවයේදී ප්ලාස්ටික් හා පොලිතීන් වලින් නිමවන ලද වෙසක් සැරසිලි භාවිතා නොකර පරිසර හිතකාමීව කටයුතු කරන මෙන් පරිසර අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එම අමාත්‍යාංශය සඳහන් කළේ, වාර්ෂිකව පොලිතීන් හා ප්ලාස්ටික් ආනයනය සඳහා වැය කරන මුදල රුපියල් කෝටි 5,800 ක් පමණ වන අතර වාර්ෂිකව මෙරටට ආනයනය කරන පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රමාණය…

    Read More

    තැපැල් මුද්දරයක මිල ඉහළට

    තැපැල් මුද්දරයක අවම මිල රුපියල් 100 දක්වා වැඩිකිරීමට යෝජනා කර තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා පවසයි. ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව ඔහු පැවසීය. 2022 වන තෙක් රුපියල් 15ක්ව පැවති මුද්දරයක අවම මිල මේ වනවිට රුපියල් 50කි. තැපැල් දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවන බව ඔහු කීය.

    Read More