Headlines

    කුලියාපිටිය පුද්ගලයෙකු මියයයි

    නිරෝධායනය වෙමින් සිටි කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.  එලෙස මියගොස් තිබුණේ කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබූ නිවසක පදිංචිකරුවෙකු වූ 80හැවිරිදි පුද්ගලයෙකිි. අදාළ මියගොස් ඇති තැනැත්තාද මනමාලයා ආසාදිතවූ මංගල උත්සවයකට සහභාගී වූ අයෙකුගේ පියෙකු වූ අතර කලක් රෝගාතුරව ප‍්‍රතිකාර ලබමින් සිටි අයෙක් බවද වාර්තාවේ. කෙසේවෙතත් මනමාල මහතා…

    Read More

    පාස්කු ප්‍රහාරය ගැන මෙතෙක් නොකී කතාව

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් ලබාදුන්, මෙතෙක් හෙළිදරව් නොවූ තොරතුරු හා මූලාශ්‍ර පිළිබඳ සිරිල් ගාමිණි පියතුමන් අද (20) මාධ්‍යයට අනාවරණය කළේය. හිටපු පොලිස් නිලධාරියකු යුටියුබ් නාලිකාවකට ලබාදුන් බව කියන සම්මුඛ සාකච්ඡාවක්ද උපුටා දක්වමින් පියතුමන් මෙම කරුණු ප්‍රකාශ කර තිබුණි. පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා “ඥානාර්ථ ප්‍රදීපය“ කතෝලික පුවත්පතේ ප්‍රධාන…

    Read More

    ජනාධිපති අරමුදල නව වසරේ සිට නව නිවහනකට

    ජනාධිපති අරමුදල නව ස්ථානයකට ගෙන යාම පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ මෙතෙක් කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ, ලේක්හවුස් ගොඩනැගිල්ලේ 3 වන මහලේ පවත්වාගෙන ගිය ජනාධිපති අරමුදලේ කාර්යාලය  එළැඹෙන 2025 නව වසරේ ජනවාරි 01 වන දා සිට නව ස්ථානයක ස්ථාපිත කිරීමට නියමිතය බවය. ඒ අනුව, ජනාධිපති අරමුදලේ නව කාර්යාල…

    Read More

    මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප තැන්පත් කරයි

    මෙවර මහ මැතිවරණය අදාළව ඊයේ (04) දිනය වනවිට ස්වාධීන කණ්ඩායම් 122 ක් ඇප මුදල් තැන්පත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඊයේ දිනය තුළ පමණක් ස්වාධීන කණ්ඩායම් 36 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බවය. මේවන විට මැතිවරණ කොට්ඨාස 22 න් 21 ක් සඳහා ස්වාධින කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇත. කෙසේ නමුත්…

    Read More

    දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

    දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් ගමන්කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී-56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව වාර්තා වේ. ඝාතනය වූ තරුණයින් දෙදෙනාගේ යහළුවෙකුගේ උපන්දින සාදයක්…

    Read More

    හොර පාරෙන් රට පනින්න හැදූ 20 කට වැඩ වරදී..

    නීතිවිරෝධීව ලෙස මුහුදු මගින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 20 දෙනෙකු කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ. නාවික හමුදාව ප්‍රකාශ කළේ, සිලාවතුර කොණ්ඩච්චිකුඩා ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවටගත් බවයි. මෙහිදී අත්අඩංගුවටගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 14 ක්, වයස අවුරුදු 13 ක ගැහැනු ළමයෙක් සහ වයස අවුරුදු…

    Read More

    EPF ගැන රජය හදිසියේම තීරණයක් ගනී

    සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, “සේවක අර්ථසාධක අරමුදල අපේ රටේ තියෙන දැවැන්තම අරමුදල, ලක්ෂ 27ක් සාමාජිකයෝ…

    Read More

    ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 29ක්

    මීට වසර 29කට පෙර ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගන්නේ අද (17) වැනි සුවිශේෂී දිනයක වීම ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට නම් කිසිදා අමතක නොවනු ඇත. 1996 වසරේ පැවති එක්දින ලෝක කුසලන අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 07කින් පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළේය. පාකිස්තානයේ ලාහෝර් නුවර…

    Read More

    රුපියල් කෝටි 36ක හෂීස් සමග විදෙස් ජාතික කාන්තාවක් අත්අඩංගුවට

    රුපියල් කෝටි 36ක් පමණ වටිනා “හෂීස් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කාන්තාව කැනඩාවේ ටොරෙන්න්ටෝ නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර වෙත පැමිණ ඊයේ රාත්‍රී මෙරටට පැමිණි අවස්ථාවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව “අද දෙරණ ගුවන්තොටුපොළ” වාර්තාකරු පැවසීය. රේගු මත්ද්‍රව්‍ය පාලන…

    Read More

    වසරක් තුළ රුපියල් මිලියන 18,000කට අධික මත්ද්‍රව්‍ය නාවික හමුදා භාරයට

    මේ වසරේ ගතවූ කාලය තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 18‍,000කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව නාවික හමුදාව පවසයි. නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සදහන් කළේ පසුගියදා සිය නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයත් සමග රුපියල් මිලියන 18,790කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බවය. පසුගිය නොවැම්බර් 16 වන…

    Read More