Headlines

    කොළඹ – නුවර මාර්ගයේ බස් රථ දෙකක් ගැටී 35කට තුවාල

    කොළඹ නුවර මාර්ගයේ වරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. මීට සුළු මොහොතකට පෙර අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට පියවර ගනිමින් සිටින බව පොලීසිය සඳහන් කළේය. කොළඹ මහනුවර අතර ධාවනය වන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මෙලෙස…

    Read More

    නිදන් හෑරීමට තැත් කළ පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට

    නිධන් හෑරීමට උත්සාහ කළ බවට සැකපිට පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (25) පෙරවරුවේ කිලිනොච්චිය – තිරුනගර් ප්‍රදේශයේ දී නිධන් හෑරීමේ චෝදනාව මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.  කිලිනොච්චිය හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පොලිසියේ සහාය ද ඇතිව මෙම වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයන් 10 සතුව තිබී නිදන් හෑරිමට යොදාගත් ස්කෑනර්…

    Read More

    අසාම් අමීන් ව බීබීසීයෙන් ඉවත් කිරීම ගැන කම්කරු විනිශ්චය සභාව දුන් තීන්දුව

    බීබීසී පුවත් සේවයේ මෙරට මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කිරීමට බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව (බීබීසී) ගත් තීරණය ‘අසාධාරණ සහ යුක්ති සහගත නොවන’ බව ශ්‍රී ලංකා කම්කරු විනිශ්චය සභාව තීන්දු කර තිබේ. අප්‍රේල් 26 වනදා අදාළ නියෝගය ප්‍රකාශයට පත්කරමින් කම්කරු විනිශ්චය සභාව පෙන්වා දුන්නේ බීබීසී පුවත් සේවයේ, විශේෂයෙන් බීබීසී නියෝජිත ඉයන්…

    Read More

    අමෙරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. එහිදී අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා වී ඇති බව සඳහන් ය.  එසේම, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සමාජයීය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳවද එහිදී…

    Read More

    රාජ්‍යතාන්ත්‍රික කටයුතු ගැන ජනාධිපති කාර්යාලයෙන් විශේෂ චක්‍රලේඛයක්

    විදෙස් රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය දූත මණ්ඩලය සහ එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමග රජයේ අමාත්‍යාංශ සහ ආයතන පවත්වනු ලබන අන්තර් ක්‍රියා සම්බන්ධව ජනාධිපති කාර්යාලය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. අමාත්‍යංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, පළාත් ආණ්ඩුකාර ලේකම්වරු වෙත මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ. එහි දක්වා ඇත්තේ පසුගිය ජනවාරි 01 වැනිදා සිට…

    Read More

    මීට වසර ලක්ෂයකට පෙර ජීවත් වූ මානව වර්ගයක් සොයා ගනී..

    මීට වසර ලක්ෂයකට පමණ පෙර ජීවත් වූ මානව වර්ගයක  පොසිල කොටස් ඊශ්‍රායලයේ රම්ලා නගරයේ තිබී‍ සොයාගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මීට වසර එක් ලක්ෂ 40,000ත් එක් ලක්ෂ 20,000ත් අතර කාලයකට පෙර ජීවත් වූ පුද්ගලයෙකුගේ අර්ධ හිස් කබලක් සහ හකු කොටසක් පර්යේෂකයින් විසින් සොයාගනු ලැබ ඇති බවයි. ඒ අනුව එම අලුතින් සොයාගත් හිස් කබල අයත්…

    Read More

    ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන IMF ප්‍රධානියාගෙන් ඇගයීමක්‍

    ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්රිස්ටලීනා ජෝර්ජිඒවා විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.  ඇය පවසන්නේ ශ්‍රී ලංකා බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව බලාපොරොත්තු සහගත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවය. එමඟින් ණය තිරසරබව ඇතිකර ගැනීම, වඩාත් පුළුල් සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිකර ගැනීම මෙන්ම, ආර්ථිකය වඩාත් හොඳින් පාලනය සහ විනිවිඳබව…

    Read More

    හකීම්ගේ සහාය සජිත්ට 

    මුස්ලිම් කොංග්‍රසයේ සහාය කොන්දේසි සහිතව සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බව එම පක්ෂය ඊයේ (04) පැවසීය. කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි මුස්ලිම් කොංග්‍රස් ප්‍රධාන කාර්යාලයෙදී එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය අද රැස්විය.  එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පැවසුවේ “සජිත් ප්‍රේමදාස මහතාට කොන්දේසි සහිතව සහායදීමට මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කළා,”…

    Read More

    ලෝක ප්‍රසිද්ධ ගායක Aloe Blacc දිවයිනට

    සංගීතයෙන් ඔබ්බට විහිදුණු ඉතා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ කීර්තිමත් ගායකයෙකු, ගීත රචකයෙකු සහ ව්‍යවසායකයෙකු වන ඇලෝ බ්ලැක් (Aloe Blacc) මහතා තෙදින සංචාරයක් සඳහා අද (10) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය. විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධයෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර…

    Read More

    ලාංකිකයින් දිනකට රු බිලියන 6.5කින් ණයකරුවන් වන හැටි

    පසුගිය මාස 26ක කාලයේ දී පාලකයින් දේශීය වශයෙන් ලබාගත් ණය ප්‍රමාණය සැලකිමේ දී මෙරට ජනතාව සෑම දිනකම රුපියල් බිලියන 6.5ක පමණ මුදලකින් ණයකරුවන් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ණය සම්බන්ධයෙන් රට පත්ව ඇත්තේ දැඩි අර්බුදයක බවය. මේ හේතුවෙන් නව…

    Read More