Headlines

    ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අතර හමුවක්

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (13) පෙරවරුවේ පවත්වා තිබේ.  විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වන විට මුහුණ දී ඇති ගැටලු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳව ද සාකච්ඡා කර ඇත.  මේ වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට…

    Read More

    පුනාකරි, මන්නාරම සහ දෙහිඅත්තකණ්ඩිය ඡන්දයත් මැයි 6

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පුනාකරි, මන්නාරම සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රාදේශීය සභාවන්හි ඡන්දය මැයි 6 වනදාම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව අද (27) නියෝජනය කළේය.  අදාළ ආයතන තුනෙහි නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද මධ්‍යහන 12.00ට අවසන් විය. නාමයෝජනා භාරගැනීමේදී ඇති වූ ගැටලු සහගත සිදුවීම් කිහිපයක් පදනම් කරගනිමින් මෙම පළාත් පාලන ආයතනයන්හි ඡන්දය පැවැත්වීමට එරෙහිව නඩු…

    Read More

    රණසිංහ ප්‍රේමදාස ගුණ සැමරුම අද

    මෙරට දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31වන ගුණ සැමරුම අදට (01) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වූ සැමරුම් උත්සවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ අලුත්කඩේ උසාවිය අසල ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස පිළිරුව අභියසදී පැවැත්වුණි. 1993 වසරේ මැයි 01 වනදා එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානකර තිබූ මැයි දින ‍පෙළපාළියට එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස…

    Read More

    මෙරට දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළඟා වෙමින් පවතී..

    මෙරට දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළඟා වෙමින් ඇතැයි කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේය. වෛද්‍ය සැපයුම් අංශය සදහන් කළේ, ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින දැඩි සත්කාර ඒකක ඇදන් ප්‍රමාණය 700ක් පමණ වන අතර කොවිඩ් වසංගත තත්ත්වය තුළ නව ඇඳන් 70ක් පමණ ප්‍රමාණයක් ඊට එක් කළ හැකිව තිබේ. තරුණ ප්‍රජාවට වැඩි…

    Read More

    මෙසීනා නෞකාවේ ගින්න මැඩ පවත්වයි..

    පසුගිය 22 වනදා  කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබියදී ගිනි ගැනීමට ලක් වූ MSC මෙසීනා නෞකාවේ ගින්න මැඩ පවත්වා ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේය. එම අධීකාරයි සඳහන් කළේ, ගින්න නිවා දමා ඇත්තේ නෞකා කාර්ය මණ්ඩලය විසින් බවයි. MSC මෙසීනා නෞකාව දකුණු මුහුදේ මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480 ක්…

    Read More

    මියන්මාර කුමන්ත්‍රණ විරෝධී විරෝධතාවයේ දී හිසට වෙඩි වැදුනු කාන්තාව මිය යයි – බලධාරීන් නඩුවක් විභාග කරන බව පවසයි.

    පසුගිය සතියේ මියන්මාරයේ පැවති කුමන්ත්‍රණ විරෝධී පෙලපාලිවලින් මියගිය පළමු විරෝධතාකාරිය බවට තරුණියක් පත්ව තිබේ. මියා ට්වේ ට්වේ කයිං වන ඇය ඉකුත් සතියේ අඟහරුවාදා (09) දින පොලිසිය විරෝධතාකරුවන් විසුරුවා හැරීමට තැත් කිරීමේදී හිසට වෙඩි වැදී තුවාල ලැබීය. එය සිදුවී ඇත්තේ ඇගේ 20 වන උපන්දිනයට දින දෙකකට පෙරය. මේ අනුව අසාධ්‍ය තත්වයේ පසු වූ ඇය ඊයේ (20)…

    Read More

    ගෑස් සිලින්ඩරේ ගිනි ගනී – රවීගේ නිවසට ආරක්ෂාව

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සභිකයින් නම් කිරීම මේ වනවිට අභ්‍යන්තර අර්බුදයක් දක්වා ඔඩුදුවා තිබේ. ඒ, ඔවුන්ට හිමිවූ සීමිත මන්ත්‍රී ධුර සංඛ්‍යාව නියෝජනය කිරීම සඳහා විශාල පිරිසක් කැමැත්තෙන් පසුවීම හේතුවෙනි.  ඊට අමතරව, සන්ධානගතව තරග කළ පාර්ශ්වයන්ගේ අනුමැතියකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා නම් කළ රවී…

    Read More

    පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද

    ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (15) වීදි සංචාරය කෙරේ. මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර පසුගිය 10 වැනිදා සිට ඊයේ (14) දිනය දක්වා වීදි සංචාරය කෙරුණි. අද දිනයේ සිට රන්දෝලී පෙරහැර වීදී සංචාරය සිදුකෙරෙන අතර අවසන් රන්දෝලී පෙරහැර 19 වන දින රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන…

    Read More

    මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණයට අදට වසර 12..

    තිස් වසරක පුරා මෙරට පැවති කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය පත් කර අදට (18) වසර 12ක් සපිරෙයි. “ශ්‍රී ලාංකීය ජනතාවට යහපත් හෙට දිනයක් උදා කරලීමේ උත්තරීතර කාර්යය වෙනුවෙන් දිවි පිදූ සහ තාරුණ්‍ය කැප කළ සියලුම විරෝධාර රණවිරුවන් හදවතින්ම අදවන් දිනක සිහිපත් කළ යුතුව තිබෙනවා,” – 12වන යුද සැමරුම පිළිබඳව අදහස් දක්වමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා…

    Read More

    උසස් පෙළ ගැන අමාත්‍ය මණ්ඩලයෙන් තීරණයක්

    අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සිසුන්ගේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගෙන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ අනුව උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට ගුරුවරුන්ට ප්‍රමාණවත් කාලයක් සලසා දීමට හැකි වන…

    Read More