Headlines

    ඉන්දුනීසියාවේ කිතුණු දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්..

    ඉන්දුනීසියාවේ, මකාසර් ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් අසළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇති බවට වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දුනීසියාවේ කිතුණු දේවස්ථානයක් ඉලක්කකර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ලෙස මෙම ප්‍රහාරය සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. එහි දී ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද සඳහන් වේ. බෝම්බකරු යතුරුපැදියකින් දේවස්ථානයට ඇතුළුවීමට කළ…

    Read More

    මෙරට දෛනික කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2000 සීමාවට ඉක්මවයි – ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,672 හදුනා ගැනේ..

    මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (09) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ගෙවුණු (09) දිනය තුළ කොවිඩ් අසාදිතයින් 2,672 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඒ අනුව මෙරට දෛනික කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2000 සීමාව පළමු වරට ඉක්මවා…

    Read More

    සූකර උණ පැතිරීම වැළැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්

    ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න මහත්මිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව පසුගිය 25 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදි නිකුත්…

    Read More

    පොල් හිඟයට හේතුව හෙළි වෙයි

    රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20 තුළ පොල් නිෂ්පාදනය පහත වැටීම බව රුහුණු විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසයි. මහාචාර්යවරයා පැවසුවේ 2000 වසර වන විට පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3000ක අගයක පැවති බවත් ඒ අවස්ථාව වන විට මෙරට ජනගහනය මිලියන 18ක අගයක්…

    Read More

    73 වන ජාතික නිදහස් සැමරුම් දිනය අදයි

    වර්ෂ 1948 පෙබරවාරි 04 වෙනි දින ශ්‍රී ලංකාවට අරුණ නැගුනේ එකසිය තිස් තුන් වසරක් බ්‍රිතානයන්ගේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව නිදහස් බිමක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත් වුයේ ඩොමිනියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙනුයි. එම ව්‍යවස්ථාව යටතේ 1948 පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07.30 ට එළබුනු සුබ මොහොතින් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම…

    Read More

    ප්‍රසන්න මහින්දට ලියයි

    එළැඹෙන ජනාධිපතිවරණයේ දී තමා සහාය දක්වන්නේ කවුරුන්ට ද යන්න පිළිබඳව ප්‍රසන්න රණතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම්දී තිබේ. එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස නැවත පත්කිරීමෙන් මිස පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් රැකගත හැකි වෙනත් විකල්පයක් මේ මොහොතේ තමන්ට නොපෙනෙන බවය. එනිසා හෘද සාක්ෂියට එකඟව රට ගැන සිතා තමා…

    Read More

    මැතිවරණය කල්දැමීම සුදුසු නැහැ – නාමල්

    මැතිවරණ කල්දැමීම කිසිම ප්‍රජාතන්ත්‍රවාදයකට යහපත් නොවන බව නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ප්‍රතිපත්තිවලට හානි කරන බවය. ස්ථාවරත්වය ඇති විය යුත්තේ ජනතා කැමැත්තෙන් මිස ඔවුන්ගේ හඬ ප්‍රමාද කිරීමෙන් නොවන බවද…

    Read More

    (PET) ප්ලාස්ටික් බෝතල් මඟින් ජනතාවට මුදල් ඉපැයීමට අවස්ථාවක්

     මධ්‍යම පළාත් සභාවේ එක් වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීයකරණ නව ව්‍යාපෘතියක් ආරම්භකර ඇත. ඒ අනුව සොලිඩේට් පුද්ගලික ආයතනයේ සම්බන්ධීකරණය යටතේ විදේශීය ආයතනයන්ගේද සහයෝගය මත ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ, පළාත් පාලන ආයතන, පාසැල් සහ ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධ කර ගනිමින් ඉවතලන PET බෝතල් බේල් මැෂින් මගින් සකස් කර නැවත ව්‍යාපෘති…

    Read More

    වතු ගැන ජනපති ගෙනා විශේෂ යෝජනාවට අනුමැතිය

    ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනවලට අදාළ හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම පිණිස අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය වෙතින් සලසා දීමට ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම හිඟ ව්‍යවස්ථාපිත දීමනා නිරවුල් කිරීමෙන් පසුව 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදලට අනුව ආයතනයන් විසින්…

    Read More

    අද සහ හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

    හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර හේතුවෙන් මාර්ග අවහිරතාවයක් සිදුවනු ඇතැයි පොලීසිය නිවේදනය කරයි. විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර අද (11) සහ හෙට (12) දිනවල රාත්‍රී 7.30 සිට රාත්‍රී 10.30 දක්වා වීථි සංචාරය කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. පෙරහැර විහාරස්ථානයෙන් ආරම්භ වී ජිනරතන මාවත ඔස්සේ ගමන් කර හුණුපිටිය වැව…

    Read More