Headlines

    කෝටි 4ක අයිස් මත්ද්‍රව්‍ය කොරතොටින් සොයාගනී

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු කොරතොට, වැලිහින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු නවගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් මත්ද්‍රව්‍යවලට අමතරව හෙරෝයින් ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් තිබී සොයා ගත් බව පොලීසිය පවසයි. පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 04කට අධික බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර…

    Read More

    මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

    කොළඹ අගරදගුරු පදවි විශ්‍රාමික සහායක රදගුරු අති උතුම් මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ. විශ්‍රාමික සහයක රදගුරු හිමිපාණන් ස්වර්ගස්ථ වන විට 83 හැවිරිදි වියේ පසුවිය.

    Read More

    ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකාවෙන්

    ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර සහිත එම මුද්දරය දිගින් මිලි මීටර් 205ක් වෙයි. එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පිරිනමා තිබේ.

    Read More

    ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කළ මගියා කොටුවෙයි

    ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකු, එම ගුවන් යානය තුළ සිටි මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ. අද (12) අලුයම ගුවන් තොටුපොළ පොලීසිය මඟින් අදාළ මගියාව එලෙස අත්අඩංගුවට ගෙන ඇත. මොහු ස්වීඩනයේ සහ යාපනය, නාගද්වීපය ප්‍රදේශයේ පදිංචි, දෙරටෙහිම ද්විත්ව පුරවැසිභාවයහිමි 65 හැවිරිදි…

    Read More

    ජාතික යොවුන් සේනාංකයට නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්

    ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ගාමිණී වික්‍රමපාල මහතා පත් කර තිබේ. ඔහු ඊයේ (20) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යය සුනිල් කුමාර ගමගේ අතින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ දී සිය තනතුරේ පත්වීම් ලිපිය ලබා ගත්තේය.  ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස සේවය කොට වසර තිහකට වැඩි අත්දැකීම් ඇති ගාමිණී වික්‍රමපාල මහතා,…

    Read More

    මාස 5ක් තුළ මෙරටට පැමිණි සංචාරකයින් මිලියනය ඉක්මවයි 

    2025 වසරේ මුල් මාස 5 තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන මිලියනය ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මැයි මාසයේ 25 දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,006,097ක් බව එම අධිකාරිය පවසයි. තවද එම අධිකාරිය පැවසුවේ මැයි මාසයේදී මැයි 25 දක්වා තවත් සංචාරකයින් 109,213 පැමිණ ඇති බවය.

    Read More

    ශ්‍රී ලංකාවේ ණය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඇතිවූ විශ්වාසය 

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ වනවිට වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට එළැඹීමට ශ්‍රී ලංකාවට හැකිවෙතැයි “දැඩි විශ්වාසයක්” ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසීය.  ඩොලර් බිලියන 12ක ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව මේ වනවිට බැඳුම්කරහිමියන් සමග සාකච්ඡා කරමින් පවතියි. එය ආරථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය ම පියවරක් ලෙස සැලකෙයි.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකා ජූලි කොසැක්…

    Read More

    කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරින් මරුට..

    ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන “කොස්ගොඩ තාරක“ පොලිස් අත්අඩංගුවේ සිටිය දී සිදුකළ මෙහෙයුමක් අතරතුර පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අනුව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටිය දී අද (13) අලුයම මීරිගම, රේන්දපොළ ප්‍රදේශයට විශේෂ මෙහෙයුමක් සඳහා රැගෙන ගොස් ඇති බවද එම අවස්ථාවේ දී ඇති වු සිදුවීමක…

    Read More

    මෙරට වැඩිම දෛනික ආසාදිතයින් අද වාර්තා වේ – කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව හෙට සිට..

    දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 997 දෙනෙකු ඊයේ (26) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. මීට පෙර මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව හඳුනා ගැනුණේ පසුගිය පෙබරවාරි මස 09 වනදා ය. ඊයේ (26) දිනයේ හඳුනා ගැනුණු ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 944 දෙනෙකු සහ…

    Read More

    නිදහස් වූ පලස්තීන සිරකරුවන්

    ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ආරම්භ වු සටන් විරාම ගිවිසුම යටතේ පලස්තීන සිරකරුවන් 90 දෙනෙකු නිදහස් කර ඇති බව ඊශ්‍රායල බන්ධනාගාර සේවය ප්‍රකාශ කර තිබේ. ඊයේ (19) දිනයේ ආරම්භ වු සටන් විරාම කාලය යටතේ පළමු අදියරේ කොටසක් ලෙස මෙම පලස්තීන සිරකරුවන් නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. අදාළ සිරකරුවන් අතර කාන්තාවන් 69…

    Read More