Headlines

    උතුරු – නැගෙනහිර ඇතුළු ප්‍රදේශ කිහිපයකට වැසි

    උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වයඹ පළාතේත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත්…

    Read More

    ලෙබනනයේ සංචාරය නොකරන්න – අලි සබ්රි

    අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් නිකුත් කර තිබේ. විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඒ බව දැනුම්දී ඇත. එරට තුළ ශ්‍රී ලාංකිකයන් 6000ක් පමණ රැඳී සිටින බවද වාර්තා වෙයි.

    Read More

    තවත් කණ්ඩායමක් වර්ජනය අත්හරී

    විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සිය වර්ජනය අත්හැරීමට තීරණය කර තිබේ.  ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සිය ඉල්ලීම් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය කර ඇති බව වාර්තා වේ. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මාස 2කකට අධික කාලයක් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වර්ජනයේ නිරතව…

    Read More

    රණවිරුවන්ට හිමි සහන අප්‍රේල් මස සිට..

    මෙරට තුළ පැවති කුරිරු ත්‍රස්තවාදී හේතු නිසා මිය ගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත කැබිනට් අනුමැතියෙන් හිමි සහන 2021 අප්‍රේල් මස සිටම ලබාදීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඊට අදාල කැබිනට් පත්‍රිකාව යෝජනා 7ක් සහිතව ජනාධිපතිවරයා අප්‍රේල් 27 වන දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇති අතර එහිදී එයට අනුමැතිය හිමිව තිබේ. ඒ…

    Read More

    බ්‍රිතාන්‍යයේ සිටින සරණාගතයින්ට සහනයක්

    පසුගිය බ්‍රිතාන්‍ය රජය විසින් ක්‍රියාවට නැංවූ “සරණාගතයින් රුවන්ඩාවට යැවීමේ” වැඩසටහන අත්හිටුවන බව බ්‍රිතාන්‍ය නව අගමැති කියා ස්ටාමර් පවසයි. ඔහු මේ බව පැවසුවේ මැතිවරණය ජය ගැනීමෙන් අනතුරුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කරමිනි. පසුගිය රජය 2022 වසරේදී නිවේදනය කළේ නීත්‍යානුකූල නොවන ලෙස එරටට පැමිණෙන සංක්‍රමණික පිරිස් රුවන්ඩාවට යවන බවයි.

    Read More

    යුද හමුදාපති ධුරයට මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු

    යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කර තිබේ. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා වනු ඇත. මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කරමින් සිටියේය. වත්මන් යුද හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අද වනතුරු ඔහුගේ දෙවන සේවා දිගුවේ කටයුතු කරමින්…

    Read More

    අතුරුගිරියේ වෙඩිතැබීමක් – ක්ලබ් වසන්ත මරුට 

    අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබේ. ඒ සමගම තවත් පස්දෙනෙකුට තුවාල සිදුවී ඇති බව පොලීසිය පවසයි. තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බව පොලීසිය සඳහන් කළේය.

    Read More

    රාත්‍රී 11 සිට අලුයම 04 දක්වා රට පුරා ක්‍රියාත්මක වන පරිදි ගමන් තහනමක්..

    හෙට (13) රාත්‍රී 11 සිට ක්‍රියාත්මක වන පරිදි සෑම දිනකම රාත්‍රී 11 සිට අලුයම 04 දක්වා මුළු රටටම බලපැවැත්වෙන පරිදි ගමන් තහනමක් පනවන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව මෙම ගමන් තහනම එළඹෙන සදුදා දිනය එනම් මැයි 17 වැනිදා දක්වා බලපැවැත්වෙන බව යුද හමුදාපතිවරයා කියා සිටියේ. එහි දී රාත්‍රි 11…

    Read More

    රනිල් – සජිත් සාකච්ඡා SJB කළමනාකරණ කමිටු රැස්වීමෙන් පසු

    සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඉදිරි සාකච්ඡා සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව සිදුකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙම සාකච්ඡා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමේදී ගැනීමට නියමිතය. පසුගිය බදාදා දිනයේ අදාළ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණද එදින නිවාඩු දිනයක් බැවින් එම රැස්වීම නොපැවැත්විණි. ඒ අනුව ඉදිරි…

    Read More

    දමිතා යළි රිමාන්ඩ්

    විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මේ මස 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය නිකුත්…

    Read More