Headlines

    ඇමති විජයදාසගේ නම මැතිවරණ කොමිසමට

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස තම පාර්ශ්වයෙන් තෝරා පත් කරගත් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දීමට පියවර ගන්නා බව එම පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය පවසයි. ඒ අනුව නිදහස් පක්ෂ වැඩබලන මහලේකම්වරයා විසින් විජයදාස රාජපක්ෂ මහතාගේ නම සහ විධායක සභාවේ දී ගත් තීරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම්…

    Read More

    කාලගුණයෙන් පීඩාවට පත් පිරිස ලක්ෂය ඉක්මවයි

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් ගණන ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දිස්ත්‍රික්ක 12ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69ක පුද්ගලයින් මෙලෙස අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවය.  ඒ අනුව පවුල් 34,492කට අයත් පුද්ගලයින් 134,484 දෙනෙකු පීඩාවට පත් ව ඇති බව වාර්තා වේ. ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින්…

    Read More

    බදියුදීන් ගමන් ගත් රථය අනතුරකට ලක්වෙයි

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථය කරුවලගස්වැව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ. මාර්ගයට ප්‍රවේශ වුණු පාපැදිකරුවෙකු රථයේ ගැටීම වළක්වා ගැනීමට උත්සාහ කිරීමේදී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී ඇත.  සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

    Read More

    මහ බැංකුවෙන් අපනයනකරුවන්ට සුබ ආරංචියක්

    භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබේ. සාර්ව ආර්ථික වර්ධනයන්, විශේෂයෙන්ම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය. 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත මඟින් භාණ්ඩ…

    Read More

    හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික නායකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.බේ. කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 82 වන වියේ පසු විය. දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන හෙවත් හැරී ජයවර්ධන මහතා 1942 අගෝස්තු 17 වැනි දින ජා-ඇළ ප්‍රදේශයේ දී උපත ලබා ඇත. 2008 වසරේදී ශ්‍රී ලංකාවේ පොහොසත්ම පුද්ගලයා ලෙස ලැයිස්තු අතරට…

    Read More

    අමෙරිකානු ඩොලරයේ ආධිපත්‍යයට තර්ජනයක් ?

    ලොව පුරා මහ බැංකු තමන්ගේ විදේශ මුදල් සංචිත සඳහා අමෙරිකානු ඩොලර් පමණක් නොව දැන් වෙනත් විකල්ප විනිමය භාවිත කිරීමටත් පෙළඹී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. මෙම තත්ත්වය ජාත්‍යන්තර වශයෙන් අමෙරිකානු ඩොලරයේ ආධිපත්‍ය හීනවීමක් ලෙස හැඳින්විය හැකිය. ජාත්‍යන්තර වශයෙන් වඩාත් පිළිගැනීමට ලක්වූ මුදල් වර්ග හතර ලෙස සැලකනු ලබන්නේ, අමෙරිකානු ඩොලර්, යුරෝ, ජපාන යෙන් සහ…

    Read More

    COPF සභාවෙන් රෙගුලාසි තුනකට සහ නියෝගයකට අනුමතිය

    රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සැලකිල්ලට ගනු ලැබූ රෙගුලාසි 4න් 3ක් සහ නියෝගයක් සලකා බැලීමෙන් පසු අනුමත කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ, සභාපතීත්වයෙන් පෙරේදා (07) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය ලබාදීම සිදුකර තිබුණි.  මෙහිදී 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ විධිවිධාන ප්‍රකාරව ඉදිරිපත්…

    Read More

    ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්

    හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබේ. අද (17) මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම ඇත.

    Read More

    කාලගුණය ගැන අලුත්ම නිවේදනය

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බවය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

    Read More

    බිත්තර ගැන රජයෙන් අලුත් තීරණයක්

    මෙරට බිත්තර මිල පාලනය කිරිම සදහා යළිත් වරක් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේය. ඔහු පෙන්වාදෙන්නේ බිත්තර ආනයනය කිරීම සඳහා රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට අවසර ලබාදී ඇති බවය.

    Read More