Headlines

    මෙසීනා නෞකාවේ ගින්න මැඩ පවත්වයි..

    පසුගිය 22 වනදා  කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබියදී ගිනි ගැනීමට ලක් වූ MSC මෙසීනා නෞකාවේ ගින්න මැඩ පවත්වා ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේය. එම අධීකාරයි සඳහන් කළේ, ගින්න නිවා දමා ඇත්තේ නෞකා කාර්ය මණ්ඩලය විසින් බවයි. MSC මෙසීනා නෞකාව දකුණු මුහුදේ මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480 ක්…

    Read More

    මුද්‍රණය ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර 130,000 ගැන තීරණයක්

    මෙතෙක් කල් මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස්වී ඇති රියදුරු බලපත්‍ර මසක් ඇතුළත මුද්‍රණය කර නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පවසයි. ඔහු පැවසුවේ ඒ අනුව මුද්‍රණය ප්‍රමාද වී ඇති රියදුරු බලපත්‍ර 130,000ක් පමණ ජනවාරි මස ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බවය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා…

    Read More

    විදෙස් රැකියා ජාවාරමේ යෙදෙන පිරිසට රතු එළියක්

    අනුරාධපුරයට ආසන්න විහාරස්ථානයක විහාරාධිපති ප්‍රමුඛ පොලිස් සාජන්වරයෙකු මුල් වි විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. අදාළ පැමිණිල්ලට අනුව ඊට සම්බන්ධ පාර්ශව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා විමර්ශන කණ්ඩායම් වෙත උපදෙස් ලබා දී ඇති බව ද වාර්තා වේ. බලපත්‍රලාභී විදේශ රැකියා ආයතනයකට හැර…

    Read More

    ITAK ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පි.සත්‍යලිංගම්ට

    ඉලංකෙයි තමිල් අරුසු කච්චිය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ මහ ලේකම් වෛද්‍ය පි.සත්‍යලිංගම් මහතා නම් කර තිබේ. පි.සත්‍යලිංගම් මහතා වන්නි දිස්ත්‍රික්කයෙන් ඉලංකෙයි තමිල් අරුසු කච්චිය නියෝජනය කරමින් තරග කළ අයෙකි.

    Read More

    කුලියාපිටිය පුද්ගලයෙකු මියයයි

    නිරෝධායනය වෙමින් සිටි කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.  එලෙස මියගොස් තිබුණේ කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබූ නිවසක පදිංචිකරුවෙකු වූ 80හැවිරිදි පුද්ගලයෙකිි. අදාළ මියගොස් ඇති තැනැත්තාද මනමාලයා ආසාදිතවූ මංගල උත්සවයකට සහභාගී වූ අයෙකුගේ පියෙකු වූ අතර කලක් රෝගාතුරව ප‍්‍රතිකාර ලබමින් සිටි අයෙක් බවද වාර්තාවේ. කෙසේවෙතත් මනමාල මහතා…

    Read More

    73 වන ජාතික නිදහස් දිනයේ පෙරහුරු කටයුතු අද – කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්

    ජාතික නිදහස් දිනයේ පෙර පුහුණුවීම් කටයුතු හේතුවෙන් අද (30) සිට ලබන 03 වැනි දා පෙරවරු 6 සිට පස්වරු 1 දක්වා නිදහස් චතුරශ්‍රය අවට මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. තව ද නිදහස් උත්සවය යෙදෙන ලබන 04 වැනි දා පෙරවරු 4 සිට පස්වරු 1 දක්වා…

    Read More

    හජ් උත්සවය අදයි

    ඉස්ලාම් ජනතාව මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (17) යෙදී තිබේ. පසුගිය සතියේ නව සද බැලීමෙන් පසු කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ අද දිනයේ එම උත්සවය සැමරීමට කටයුතු කරන බවය. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේ දී පවත්වන උත්සවය මෙම නමින් හැදින්වේ. ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්‍රධාන වගකීම් පහ අතරින්…

    Read More

    සැකකරු අත්අඩංගුවට ගත්තත් වෛද්‍ය වර්ජනය හෙට දක්වා

    වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් ආරම්භ කළ වැඩවර්ජනය හෙට (13) උදෑසන 8 දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරින් සංගමයේ ලේකම් සුගත් සුගතදාස මහතා මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, “අපි සංකේත වැඩවර්ජනයක් කරන්නේ අද උදෑසන 8…

    Read More

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අද සිට…

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2020) විභාගය අද (01) සිට ආරම්භ වේ. මේ මස 01වන දින සිට මාර්තු 10 වන දින දක්වා විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර කොවිඩ් -19 වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් විභාග මධ්‍යස්ථාන තුළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වන බැවින් විභාගය සඳහා සියලුම අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සහිතව පැමිණිය…

    Read More

    අදානි ගෙන් විදුලිය මිලදීගැනීමට වසර 20ක ගිවිසුමක්

    අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිලදී ගැනීම සඳහා වූ ටෙන්ඩරයට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. අදාළ ටෙන්ඩරය අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ඉදිරිපත්කර තිබූ අතර ඒ අනුව වසර 20ක් සඳහා ඔවුන්ගෙන් එම ව්‍යාපෘතිය යටතේ නිපදවෙන විදුලිය මිලදී ගැනෙයි. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන…

    Read More