Headlines

    නීතිවිරෝධීව කොරියාවේ සිටින පිරිස් ගෙන්වීමට පියවර

    නියමිත වීසා කාලය අවසන්ව දකුණු කොරියාවේ නීතිවිරෝධීව රැඳි සිටින ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමට වහාම අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.  ඔහු පැවසුවේ, එසේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ගේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවය. රැකියා සඳහා යොමුවන පිරිසගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් ඉදිරියේදී මෙරටට…

    Read More

    දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය

    අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය  විසඳීමට බලධාරීන් මේ වනතෙක් පියවර ගෙන නොමැති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ සහකාර ප්‍රවාහන අධිකාරීවරයෙකුගේ බලතල යටතේ මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරන බවය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් සුමේධ සෝමරත්න මහතා පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුව වංචා දූෂණ රැසක් සිදුවන ස්ථානයක්…

    Read More

    ගෑස් මිල ඉහළ යයි ද ?..

    මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, රට තුළ ගෑස් හිඟයක් නොමැති බවත් එළඹෙන උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවත්ය. ඊයේ (17) අරලියගහ මන්දිරයේ පැවති වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළඳපොළ සම්බන්ධ සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය. එහි දී  සහල්, පොල්, කිරිපිටි, මාළු,මස්, බිත්තර, පරිප්පු හා…

    Read More

    NMRA හිටපු CEO රිමාන්ඩ්

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව එළඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අද පෙරවරුවේ රැගෙනවිත් තිබුණි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව ඊයේ (08) අත්අඩංගුවට ගැනුණි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැය 10කට ආසන්න…

    Read More

    වෛද්‍ය සාෆිට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කෙරේ

    වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම මහෙස්ත්‍රාත්වරයා අද (06) නියෝග කළේය. ඒ අදාළ නඩුව අද කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේ දීය. එහිදී වෛද්‍ය සාෆිට එරෙහිව ගොනුකර තිබු චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් වී ඇති බව මහෙස්ත්‍රාත්වරයා පෙන්වා…

    Read More

    හජ් උත්සවය අදයි

    ඉස්ලාම් ජනතාව මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (17) යෙදී තිබේ. පසුගිය සතියේ නව සද බැලීමෙන් පසු කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ අද දිනයේ එම උත්සවය සැමරීමට කටයුතු කරන බවය. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේ දී පවත්වන උත්සවය මෙම නමින් හැදින්වේ. ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්‍රධාන වගකීම් පහ අතරින්…

    Read More

    2015 සිට ලබාදුන් ඉඩම් ගැන විමර්ශනයක්

    2015 වසරේ සිට මේ දක්වා විවිධ අවශ්‍යතා සඳහා ලබා දුන් ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. විමර්ශනයෙන් අනතුරුව ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉඩම්…

    Read More

    රෙමාල් ඉන්දියාව ට සහ බංග්ලාදේශය ට බැටදෙයි

    රෙමාල් සුළි කුණාටුව හේතුවෙන් අද (27) ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ වෙරළබඩ කලාපයට දැඩි සුළඟ සහ වාර්ෂාව ඇතිවූ බව වාර්තා වෙයි. ඒ හේතුවෙන් සිව් දෙනෙක් මියගොස් ඇති අතර බොහෝ ප්‍රදේශවල විදුලි බලය ඇනහිට තිබුණි. නමුත් එම සුළි කුණාටුවේ බලපෑම මේ වනවිට දුර්වල වෙමින් පවතින බව සඳහන් ය. රෙමාල් සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 135ක වේගයෙන් ඊයේ රාත්‍රියේ…

    Read More

    විජිත හේරත් අගමැති හරිනිගේ වාර්තාව අලුත් කරයි

    2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ විජිත හේරත් මහතා මනාප ඡන්ද 716,715ක් ලබාගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ. එය මෙවර මැතිවරණයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව වන අතර ලංකා ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාවද වේ. මීට පෙර මැතිවරණයක දී එම වාර්තාවට හිමිකම් කිවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා…

    Read More

    X-Press Pearl නැව ඉදිරි පැය කිහිපය තුළදී මුහුදුබත් වන ලකුණු? – දික්ඕවිට සිට හලාවත දක්ව මුහුදු තීරයේ ආරක්ෂක වැඩ පිළිවෙළක්..

    පසුගිය 20 වන දා සිට මෙරට මුහුදේ ගිනිබත් වන X-Press Pearl නෞකාව ඉදිරි පැය කිහිපය තුළදී මුහුදුබත් වනු ඇතැයි අපේක්ෂා කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ප්‍රකාශ කළේ, නෞකාවේ ගින්න තවදුරටත් පැතිරීම හමුවේ එවැනි අනතුරක් සිදුවීමේ වැඩි අවදානමක් පවතින බවයි. මේ අතර වත්තල සිට මාරවිල…

    Read More