Headlines

    විෂ එන්නත් කර කාන්තාවක් ඝාතනය කළ බව කියන සිද්ධියක් ගැන පොලිස් විමර්ශන

    විෂ එන්නත් කර 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් ඝාතනය කළ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මියගිය කාන්තාවගේ ඥාතීන් පවසන්නේ, ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වන පසුබිමක මෙම මරණය සිදුවීම සැකසහිත බවය. දික්වැල්ල වත්තේගම දකුණ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් විෂ සහිත එන්නතක් ශරීරගත වූ බව පවසමින් මාතර,…

    Read More

    සුපිරි නළුවෙක් දිවියෙන් සමුගනී

    ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පී බර්නාඩ් හිල් දිවියෙන් සමුගෙන තිබේ. මියයන විට ඔහු 79 හැවිරිදි වියේ පසුවිය. ලෝක අතිශය ජනප්‍රිය නිර්මාණ වූ ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපටවලට ඔහු එක්කළ විශිෂ්ඨ රංගනය ලෝකයේම කතාබහට ලක්විය.

    Read More

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරයට විජයදාස

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාව පත්කර ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය අද පෙරවරුවේ ඇතුල්කෝට්ටේ ප්‍රසිද්ධ හෝටලයකදී කැඳවා තිබූ විධායක සභා රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇතිබව වාර්තාවිය.

    Read More

    සජිත් ඡන්දය ප්‍රකාශ කළ අයුරු

    සමගි ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් සාමයෙන්, මිත්‍රශීලීත්වයෙන් සහ එකමුතුකමින් කටයුතු කිරීම සැමගේම යුතුකම සහ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය. “ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවමින් සාමයෙන්, මිත්‍රශීලිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව මේ මැතිවරණය කටයුතු ක්‍රියාත්මක කිරීම අප සැමගේම…

    Read More

    ඇස්ට්‍රො සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් තවත් ලක්ෂ 25ක ඇණවුම්ක්

    ඇස්ට්‍රො සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 25ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඉන්දියාවෙන් ඇනවුම් කර ඇති බව කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය. එන්නත් තොගය මසක් ඇතුළත මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවත් තවත් එන්නත් මිලියන 3.5 ක් ඇණවුම් කිරීම සදහා සැලසුම් කර…

    Read More

    පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයැදුම්පත නිකුත් කෙරේ..

    2022 වර්ෂය සඳහා පාසල් වලට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයැදුම්පත හා උපදෙස් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේය. ඒ අනුව නව වර්ෂයේ පාසල් සඳහා අයැදුම් කළ හැකි අවසන් දිනය ජුනි 30 වැනි දා බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    Read More

    ඉදිකෙරෙන මධ්‍යම අධිවේගයේ ආධාරකයක් කඩාවැටෙයි

    ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් ආධාරකයක් කඩාවැටී තිබේ. මෙලෙස කඩාවැටී ඇත්තේ බෙම්මුල්ල කඳඔළුවාව ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ආධාරක කොටසකි. ප්‍රදේශවාසීන් පවසන්නේ ඊයේ පස්වරුවේ මෙම කොන්ක්‍රීට් ආධාරකය කඩා වැටී ඇති බවය.

    Read More

    පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන හිටපු ජනාධිපති කී දේ

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා දිනන අපේක්ෂකයෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (03) කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය. එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා තම පක්ෂයේ සහාය මේවන තෙක් ඉල්ලා නොමැති බවද ඔහු එහිදී සඳහන් කළේ ය. මේ අතර…

    Read More

    ශ්‍රී ලංකාවේ ණය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඇතිවූ විශ්වාසය 

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ වනවිට වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට එළැඹීමට ශ්‍රී ලංකාවට හැකිවෙතැයි “දැඩි විශ්වාසයක්” ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසීය.  ඩොලර් බිලියන 12ක ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව මේ වනවිට බැඳුම්කරහිමියන් සමග සාකච්ඡා කරමින් පවතියි. එය ආරථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය ම පියවරක් ලෙස සැලකෙයි.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකා ජූලි කොසැක්…

    Read More

    පාරින්ද රණසිංහ වැඩබලන නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

    ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම්දී තිබේ. අගවිනිසුරුවරයා ඉදිරියේ එම දිවුරුම් දීම සිදුකර ඇත. නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වැනිදායින් අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත්කිරීමට පියවර ගෙන තිබේ….

    Read More