Headlines

    මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බ බියක්

    මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව අප වාර්තාකරු පැවසීය. එහි නඩු විභාග කිරීම නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කොට තිබේ. මේ වනවිට බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව සහ පොලීසිය එහි සෝදිසි මෙහෙයුමක නිරතව සිටින බව වාර්තා වෙයි. මේ අතර මහනුවර අධිකරණයේ නඩු කටයුතු ජුලි…

    Read More

    ඩෙංගු අධි අවදානම් තත්ත්වය ඉහළට

    පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනයත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය. මෙම මස ගත වු දින 11 තුළ පමණක් ඩෙංගු රෝගීන් 971 දෙනෙකු වාර්තා වී ඇති අතර මේ දක්වා දිවයිනෙන්…

    Read More

    මහ බැංකුවෙන් අපනයනකරුවන්ට සුබ ආරංචියක්

    භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබේ. සාර්ව ආර්ථික වර්ධනයන්, විශේෂයෙන්ම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය. 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත මඟින් භාණ්ඩ…

    Read More

    තිසර නානායක්කාර යළි රිමන්ඩ්

    හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබේ. ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂණ නානායක්කාර නැමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව පසුගිය 29 වනදා…

    Read More

    ගංවතුරෙන් කඩුවෙල යටවීම වැළැක්වීමට විශේෂ පියවරක් 

    කැලණි ගඟේ ගංවතුර හේතුවෙන් කඩුවෙල නගර සභා ප්‍රදේශ යටවීම පාලනය කිරීම සඳහා විශේෂ පියවර කිහිපයක් ගෙන තිබේ. ඒ අනුව ඒ අවට පහත් බිම් ගොඩ කිරීම සහ ඒ ආශ්‍රිත සිදුකෙරෙන වැලි කැණීම් කටයුතු පෙරේදා (27) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී මේ සම්බන්ධව තීරණය ගත් බව එම කමිටු සභාපති පාර්ලිමේන්තු…

    Read More

    උත්සව සමයේදී හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් ලබා දීමට පියවර

    හිඟයකින් තොරව බිත්තර වෙළෙඳ පොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි. අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ මේ වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල් 35-36ත් අතර අතර පවතින බවය. කෙසේ නමුත් රටේ ඉල්ලුම හා සැපයුම අනුව බිත්තරක මිල තීරණය වන බැවින් ඉදිරි…

    Read More

    ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් ට එරෙහි පෙත්සමට දුන් නියෝගය

    ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම මේ මස 18 වනදා යළි කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය අද (05) නියෝග කළේය. ශ්‍රී ලංකා පාපැදී සම්මේලනයේ හිටපු ලේකම් නලින් අධිකාරී ආරච්චිගේ සහ ශ්‍රී ලංකා අත්පන්දු සම්මේලනයේ සභාපති උපාලි රාජපක්ෂ යන මහත්වරු විසින් මෙම…

    Read More

    ඇස්ට්‍රො සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් තවත් ලක්ෂ 25ක ඇණවුම්ක්

    ඇස්ට්‍රො සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 25ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඉන්දියාවෙන් ඇනවුම් කර ඇති බව කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය. එන්නත් තොගය මසක් ඇතුළත මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවත් තවත් එන්නත් මිලියන 3.5 ක් ඇණවුම් කිරීම සදහා සැලසුම් කර…

    Read More

    ලෝක සංක්‍රමණික පක්ෂී දිනය ( World Migratory Bird Day) අදයි..

    ජාත්‍යන්තර සංක්‍රමණික පක්ෂී දිනය හෙවත් ලෝක කුරුළු පර්යටන දිනය ( World Migratory Bird Day ) අදට (08) යෙදී තිබේ. ලෝක සංක්‍රමණික පක්ෂී දිනය මෙවර සමරන්නේ,“කුරුල්ලෙකු මෙන් ගායනා කරන්න, පියාඹන්න, ඉහළට – Sing, Fly, Soar – Like a bird”  යන තේමාවෙනි. දේශගුණික හේතුන් මෙන්ම ජීව විද්‍යාත්මක හේතුන් මත ලොව විවිධ රටවල වෙසෙන පක්ෂීන් අන් රටවල්වලට සංක්‍රමණය…

    Read More

    දේශබන්දුට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි

    බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් නවයක් විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ. මෙම පෙත්සම් අද (24) ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, ඒ එච්.එම්.ඩී. නවාස් ශිරාන් ගුණරත්න සහ අචල…

    Read More