Headlines

    රවී කරුණානායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාව නම් කර තිබේ. පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අනෙක් නම ඉදිරියේදී මැතිවරණ කොමිසමට දැනුම්දීමට නියමිත බවය. ගෑස් සිලින්ඩරය සලකුණ යටතේ 2024 මහමැතිවරණයට ඉදිරිපත් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එහිදී ඡන්ද 500,835 හිමි කර ගත් අතර ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 02ක් හිමිවිය. ඊට අමතරව එම…

    Read More

    සූචී අත්අඩංගුවට ගෙන මියන්මාර හමුදාව කුමන්ත්‍රණයකින් එරට බලය අල්ලා ගනී.

    මියන්මාරයේ හමුදාව කුමන්ත්‍රණයකින් රට පාලන බලය අල්ලා ගෙන රටේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ ඊයේ (01) පාන්දර වැටලීම් වලදී අවුන් සාන් සූ කී සහ රජයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රඳවා තබා ගැනීමෙන් පසුව. මියන්මාරයේ විශාලතම නගරය වන යැන්ගොන් හි වීදිවල මුර සංචාරයේ යෙදෙන පුළුල් අන්තර්ජාල හා සන්නිවේදන අවහිර කිරීම්, බැංකු වසා දැමීම සහ හමුදා සොල්දාදුවන්…

    Read More

    කැලණි සහ කළු ගංගා අවදානම් මට්ටමට

    කැලණි සහ කළු ගංගාවල ධාරා ප්‍රදේශ වෙත අද දිනයේ අධික වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු spc සුගීෂ්වර මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර මහතා පැවසුවේ කළු සහ කැළණි ගංගාවල ඉහළ ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය…

    Read More

    පුත්තලමේ පාසල් හෙට වැසෙයි

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්  හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත්  ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත.  හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි දින පිළිබඳ තීරණය කර බව ඔහු දැනුම්දෙයි. වයඹ පළාත් ප්‍රධාන ලේකම් විසින් මේ පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය දැනුවත් කර ඇත.

    Read More

    බැසිල් එහෙම ලැජ්ජ නැති වැඩක් කරන එකක් නෑ..

    බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව පිවිසීමට තමන්ගේ කිසිදු විරෝධයක් නැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. නමුත් තමන්ගේ විරෝධතාවය ඇත්තේ ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුව පිවිසීම සම්බන්ධයෙන් බවද ඔහු පැවසීය. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඒමට කිසිදු අදහසක් නැතැයි තමන් හා පැහැදිලිව ප්‍රකාශ කළ බවද ඔහු සඳහන් කළේය. බැසිල් රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවය අතහැර ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවට පැමිණිය…

    Read More

    අතුරු සම්මත ගිණුමේ මුදල් තවදුරටත් වලංගු නෑ – මුදල් අමාත්‍යංශය

    මේ වසරේ පළමු මාස 04 සඳහා අතුරු සම්මත ගිණුම මගින් වෙන් කෙරුණු ප්‍රතිපාදනවල ඉතිරි මුදල් අවලංගු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඊයේ (23) දිනයේ නිකුත් කර ඇති බව වාර්තා වෙයි. 2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ වියදම් පියවීම සඳහා රුපියල් බිලියන 1,402 ක අතුරු සම්මත ගිණුමක්…

    Read More

    ශානි ගේ FR පෙත්සම – නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

    සිය වැඩතහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ හිටපු ආරක්ෂ ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපතිවරයා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, ඒ….

    Read More

    වතු නිවාස වෙනුවට සියලු යටිතල පහසුකම් සහිත මහල් නිවාස ක්‍රමයක්

    වතු ආශ්‍රිත ජනතාවට ඉදිරියේදී සියලු යටිතල පහසුකම්වලින් සමන්විත මහල් නිවාස ක්‍රමයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. වතු ප්‍රජාවගේ නිවාස හා යටිතල පහසුකම් වැඩි දියුණු වෙනුවෙන් පසුගිය 24 වැනිදා වැවිලි මානව සංවර්ධන භාරය සමග වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව…

    Read More

    ඩිජිටල් ගෙවීම්වල නව යුගයක ඇරඹුම

    රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදුකෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමඟින් අපේක්ෂා කෙරේ.

    Read More

    පළාත් පාලන නාමයෝජනා අවලංගු කිරීමට තීරණයක්

    2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම පිණිස පළාත් පාලන ආයත ඡන්ද විමසීම් පනත් කෙටුම්පතක් සකස්  කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ පිළිබඳව පසුගිය මස 25 වැනිදා පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද පිළිගත් දේශපාලන පක්ෂ නායකයින් ද සහභාගී…

    Read More