Headlines

    චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි පොලිස් අත්අඩංගුවට..

    රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි පොලිස් අත්අඩංගුව ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. පසුව ඔවුන් දෙදෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප මත මුදා හැර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ඊයේ (30)…

    Read More

    මියන්මාරයේ භූකම්පනයෙන් මියගිය ගණන 2000 ඉක්මවයි

    පුද්ගලයින් 2000කට අධික පිරිසකට මරුකැඳවමින් සිදුවූ භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. මියන්මාර හමුදා පාලනය විසින් අප්‍රේල් මස 06 වන දින දක්වා එම ශෝක කාලය ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය 28 වනදා මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 2000කට අධික පිරිසක් මියගොස් ඇති බවට මේ වන…

    Read More

    පාස්කු ප්‍රහාරය ගැන සභාව කල්තැබීමේ විවාදයක්

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයක් අප්‍රේල් 24, 25 හා 26 යන තෙදින පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම තීරණය ගත් බවය. ඒ අනුව අප්‍රේල් 24 වන බදාදා පෙ.ව 9.30 සිට 10.30 දක්වා අපරාධ නඩු…

    Read More

    පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට තියන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට

    පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවට වන යෝජනාවක් අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර හෙට (07) දිනයේ ආණ්ඩු පාර්ශ්වය විසින් ‘වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව’ සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය…

    Read More

    ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

    ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ලබාදෙන පොලී අනුපාතය ඉහළ නැංවීම පිළිබඳ කඩිනමින් සොයා වාර්තාවක් සකස් කිරීම සඳහා පත් කළ කමිටුව මුදල් අමාත්‍යාංශයේ දී රැස් වූ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන්…

    Read More

    චීනයේ පැතිර යන නව වෛරසය ගැන ලංකාව අවධානයෙන්

    චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. අද (03) දිනයේදී මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ලැබුණු බවත් නිසි අධ්‍යයනයකින් පසු මාධ්‍ය වෙත තොරතුරු ලබා දීමට කටයුතු කරන බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙයි. කොවිඩ් -19 වසංගතයෙන් වසර 5කට පසු චීනය තුළ තවත් වෛරස…

    Read More

    රාජ්‍ය අංශය ඩිජිටල් කිරීම එළැඹෙන වසරේ සිට

    එළැඹෙන වසරේ දී මෙරට රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. කොළඹ ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එමඟින් මෙරට විශාල සමාජ පරිවර්තනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවය.  “අපි ලබන වසරේ සිට සූදානම් වෙනවා අපේ…

    Read More

    කොටහේන වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    කොටහේන ප්‍රදේශයේදි වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරුවන් දෙදෙනා නිතීඥවරුන් මාර්ගයෙන් පොලීසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. පසුගිය 16වන දින කොටහේන ප්‍රදේශයේදි  යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පුද්ගලයෙකුට සහ කාන්තාවකට බරපතළ තුවාල සිදුකර තිබුණි….

    Read More

    “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ්” කොවිඩ් එන්නත රැගත් ගුවන් යානය කටුනායකට

    ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබෙන “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ්” එන්නත් තොගය අද (28) පෙ.ව 11.35 ට පමණ ඉන්දීය ගුවන් සේවයේ A I – 281 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ළඟා විය. එම තොගයේ එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අඩංගු වේ. එම එන්නත් පුද්ගලයින් 250,000 කට එන්නත් කළ හැකි අතර තොගයේ බර කිලෝග්‍රෑම් 1323…

    Read More

    බොරුකාරයන්ට අහුවෙන්න එපා – තැපෑලෙන් SMS එවන්නේ නෑ

    දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS පණිවුඩයක් ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදුකර නොමැති බව තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී සත්කුමාර මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ, එහෙත් වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්‍රමිකව සකස් කරගත් ව්‍යාජ ජංගම දුරකථන අංක යොදා ගනිමින් මහජනතාව රවටන වංචාවක්…

    Read More