Headlines

    පාකිස්තානයේ ත්‍රස්ත ප්‍රහාරයක්

    පාකිස්තානයේ ආරක්ෂක අංශ පිරිසක් ඉලක්ක කර එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආරක්ෂක නිලධාරීන් 10දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් ය. ඩෙරා ඉස්මයිල් ඛාන් නම් නගරයේ පිහිටි ආරක්ෂක අංශ මුරපොළකට එම ප්‍රහාරය එල්ලකර තිබුණි. එම ප්‍රහාරය සම්බන්ධයෙන් Tehreek-e-Taliban Pakistan නම් ත්‍රස්ත කණ්ඩායම වගකීම භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    Read More

    ජාතික අලුත් සහල් මංගල්‍යය..

    ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී ඊයේ (04) පෙරවරුවේ දී පැවැත්වුණි. ඒ, 54 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යයයි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස වූ පීඨිකාවේ ස්ථාපිත රන් ආලේපිත පාත්‍රයට ජනාධිපතිතුමා අතින් අලුත් සහල් පිරවීම සිදු කළේ, සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේය. තව ද ආදිවාසී ජනතාව සාම්ප්‍රදායිකව පූජාකරන…

    Read More

    අදත් මිමී 100 ට වැඩි තද වැසි

    අද (5) දිවයිනේ බොහෝ  ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ.  බස්නාහිර, දකුණු  සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටින්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය…

    Read More

    රුසියා – යුක්‍රේන යුද්ධය මැද තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මිය ගිහින්

    රුසියානු – යුක්‍රේන යුද්ධයේ කුලී හමුදාවන්ට එක්වී සිටි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ කොට්ඨාසය ඒ බව පවසයි. මේ අතර රුසියාවට ගිය තවත් විශ්‍රාමික සෙබළුන් දෙදෙනකු අතුරුදන්වී ඇති බවට අද (11) වාර්තා විය.  ඥාතීන් පවසන්නේ, මාර්තු 29 වනදා සිට ඔවුන්ගෙන් කිසිදු…

    Read More

    දමිතා සජබ ජාතික ලැයිස්තු පුටුවක් ඉල්ලයි

    පක්ෂයේ මහ ලේකම්වරයා පවසන පරිදි තමන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් නම් සමගි ජනබලවේගයේ කටයුතු කරන්නේ ලියන්න කියන්න බැරි සහ බිහිරි පිරිසක් දැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය විමසයි. අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ එවැනි සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට…

    Read More

    දකුණු කොරියානු ගුවන් අනතුරින් මිය ගිය පිරිස තවත් ඉහළට

    පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමේදී අනතුරක් සිදුව තිබේ. කොරියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.  දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විට පුද්ගලයින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය. කෙසේ නමුත් දකුණු කොරියානු බලධාරීන් සැක පළකර ඇත්තේ බේරාගත්…

    Read More

    ඡන්දය ප්‍රකාශ කිරීමට මෙයින් එකක් ප්‍රමාණවත්

    අද (21) පැවැත්වෙන 2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබේ. ඒ අනුව, * ජාතික හැඳුනුම්පත* වලංගු විදේශ ගමන් බලපත්‍රය * වලංගු රියදුරු බලපත්‍රය* රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත* වැඩිහිටි හැඳුනුම්පත* පූජ්‍ය / පූජක හැඳුනුම්පත* ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය* ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත්…

    Read More

    රාජාංගනයේ වාන් දොරටු 10ක් විවෘත කරයි

    අයහපත් කාලගුණය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත කර තිබේ. අප වාර්තාකරු පවසන්නේ අධික වැසි තත්ත්වය නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයට දැඩි බලපෑමක් ඇතිවී තිබෙන බවය. රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10 විවෘත කිරීමට තුළින් තප්පරයට ගණ අඩි 11,800ක ජල ධාරිතාවක් කලා ඔයට මුදාහැරෙන බවද වාර්තා වෙයි. මේ අතර අංගමුව ජලාශයේ වාන් දොරටු වසා තැබීමටද කටයුතු කර තිබේ. …

    Read More

    අපනයන වෙළෙඳපොළ වෙනුවෙන් කාබනික සීනි නිෂ්පාදනය කිරීමට අවධානය

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද (03) ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා නිරීක්ෂණයට එක් විය. එහිදී මෙම කර්මාන්තශාලාවල මේ වනවිටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් Eco Tourism ප්‍රවර්ධනය කිරීමටත් දැනට ලංකාව තුළ සිදුවන නීති විරෝධී මත්පැන් භාවිතය අවම කිරීමට විසඳුමක් ලෙස ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනිවල…

    Read More

    උද්ධමනය යළි ඉහළ යනු ඇති බවට මහ බැංකුවෙන් අනාවරණයක්

    පුහුණු ශ්‍රමිකයින් රට හැර යාම තුළ ශ්‍රම බළකායේ හිඟයන් ඇතිවීම හේතුවෙන් සමස්ත ආර්ථිකයට බාධා සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් විශාල වශයෙන් පිටත්ව යාම සහ වෘත්තිකයින් සංක්‍රමණය වීම හේතුවෙන් පළපුරුදු පිරිස් අහිමි වීම හරහා ව්‍යාපාරවල ශ්‍රම බළකායේ හිඟයන් ඇතිවීම තුළ එය ඵලදායීතාවයේ අඛණ්ඩ පහත වැටීමක් ඇතිකිරීමට හේතුවනු ඇති බව…

    Read More