Headlines

    ජනපතිගේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළට ඔස්ට්‍රේලියාවේ ප්‍රසාදය

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ  “ක්ලීන් ශ්‍රී ලංකා”  වැඩපිළිවෙළ අගය කරන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා පවසයි. ඒ සඳහා ඕනෑම අවස්ථාවක අවශ්‍ය සහාය ලබා දීමට ද කටයුතු කරන බව පැවසූ ඔහු අල්ලස් දූෂණවලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කිරීමට හේතුවන බව පැවසීය. අද (27) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය…

    Read More

    ගර්භනී මව්වරුන්ට කොරෝනා මර්දන එන්නත් දීම අද සිට..

    ගර්භනී මව්වරුන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබා දීම අද(09) සිට ආරම්භ විය. විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ, කොරෝනා ආසාදනය වී පසුගිය සති කිහිපයේ ගර්භනී මව්වරුන් කිහිපදෙනෙකු මිය යාමත් සමග ඔවුන්ට එන්නත්කරණය සිදු කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ බවයි. ඒ අනුව ගර්භනී මව්වරුන්ගේ කැමැත්ත විමසා මෙම එන්නත්කරණය සිදු කෙරෙන බව පවුල්…

    Read More

    ජනපතිගේ සැලසුම මේකයි – අනුර දිසානායක

    විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා තම ආණ්ඩුවක් යටතේ කිසිදු අතගැසීමක් නොකරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අනුර කුමාර දිසානායක මහතා ඒ බව සඳහන් කළේ  ජතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි. අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) කොළඹදී එම වැඩසටහන පැවැත්වුණි. “අගවිනිසුරු විශ්‍රාම යන තෙක්…

    Read More

    ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායට අයත් නෞකාවක් කොළඹට

    ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායට අයත්  ‘MURASAME’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබේ. සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ එම නෞකාව අද (22) උදෑසන කොළඹ වරායට සේන්දු වී ඇත. මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් ‘MURASAME’ නෞකාව, දිගින් මීටර් 151ක් හා නැවේ කාර්යමණ්ඩලය 200ක ගෙන් සමන්විතය. නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කොමාණ්ඩර්…

    Read More

    හිටපු ජනපතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ගැන සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක්

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.  කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, දැනට පවතින අණපනත් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බවයි. එම කමිටුවේ සාමාජිකයින් වන්නේ,  විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා (සභාපති)විශ්‍රාමික අමාත්‍යාංශ…

    Read More

    අනියත බිය ලුණු හිඟයට හේතුවක් 

    ලුණු හිඟයක් ගැන පාරිභෝගිකයා තුළ ඇති අනියත බිය හේතුවෙන් ඔවුන් වැඩි වැඩියෙන් මිලදී ලුණු හිඟයට හේතු වී ඇති බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක මහතා පවසයි. ඔහු පවසන්නේ ජනතාව ලුණු පැකට් 10 – 12 රැගෙන ගොස් මාස 5කට 6කට ඇතිවෙන්න ලුණු රැසකර ඇති බවයි. තවදුරටත් අදහස් දැක්වූ නන්දනතිලක මහතා, “වෙළෙඳපොළට අපි ලුණු නිකුත්කරගෙන යනවා. අද රටේ…

    Read More

    මන්නාරමේදී උරුමය ඉඩම් ඔප්පු බෙදා දෙයි 

    “උරුමය ” වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයට ඉඩම් ඔප්පු 5,000ක් ලබාදීමට නියමිත අතර මේ වනවිට ඉඩම් ඔප්පු 442ක් ලබාදී අවසන් බව ජානාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. “උරුමය ” සින්නක්කර ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික් ජනතාවට සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම නගර ශාලා ශ්‍රවණාගාරයේ අද (16)  සිදු…

    Read More

    සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු  කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පහත නම් සඳහන් සැකකරුවන් දෙදෙනාව ඊයේ (28) මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව අපරාධය මෙහෙයවීමට භාවිත කරන ලද සිම්පත් ලබාදී මනුෂ්‍ය ඝාතනයට ආධාර…

    Read More

    වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්

    දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (19) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක…

    Read More

    පාකිස්තානයේ ආපදා මරණ තවත් ඉහළට

    පාකිස්තානයේ ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් තිබේ. ගංවතුර, අකුණු සහ ගොඩනැඟිලි කඩාවැටීම් හේතුවෙන් සිදුවු අනතුරුවලින් මෙම මරණ සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වැඩිම මරණ සංඛ්‍යාවක් වයඹ දිග පාකිස්තානයෙන් වාර්තාවන අතර ගොඩනැගිලි කඩාවැටීම හේතුවෙන් එම පළාතේ ළමුන් 15 දෙනෙකු, කාන්තාවන් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් තිබේ. ආපදා තත්ත්වය…

    Read More