Headlines

    ශ්‍රී ලාංකිකයන් මුදාගැනීම වෙනුවෙන් රාජ්‍ය ඇමති අද මියන්මාරයට

    මියන්මාරයේ ත්‍රස්ත කඳවුරු 03ක රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කරගැනීම සඳහා අද (08) රාත්‍රියේ එරටට යෑමට සුදානමින් පසුවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා පවසයි. එමෙන්ම තායිලන්ත රජය සමග ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය. කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ කටයුතු රාජ්‍ය…

    Read More

    අයවැයෙන් ගොවියාට සුබ පණිවුඩයක්

    වී ගොවිතැන ආරක්ෂා කිරීමේ අරමුණින් මෙවර අයවැයෙන් තීන්දු රැසක් ගෙන තිබේ. 2024 – 2025 මහ කන්නයේ සිට ප්‍රමාණවත් වී තොග පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසීය. එම කන්නය සඳහා රු මිලියන 5,000ක් වී මිලදී ගැනීමට වෙන්කර ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා, පොහොර සහනාධාරය සඳහා මේ වසරට රු…

    Read More

    බලපෑමට ලක්වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලැබෙන සහන

    පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය සහ මෑතකාලින අහිතකර සාර්ව ආර්ථික තත්ත්වයන් හේතුවෙන් බලපෑමට ලක්වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ ණය සහන සැලසීම සිදු කෙරෙමින් පවතින බැවින්, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම 2025 වසරේ මාර්තු මස 31 වැනිදායින් ඔබ්බට සිදුකිරීමේ…

    Read More

    නාමල් ට ඇති එකම අභියෝගය කියයි

    මෙරට ගොවීන් සහ ධීවරයින් ආරක්ෂා කිරීම තමන්ට ඇති එකම අභියෝගය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාරපක්ෂ මහතා පවසයි. අලි – මිනිස් ගැටුම අවසන් කිරීමට තම රජයක් තුළ කටයුතු කරන බවද වව්නියාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.

    Read More

    කර්මාන්ත ශාලාවක ගින්නකින් 52ක් මරුට..

    බංග්ලාදේශයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයින් 52නෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය 08 වන දා හටගත් මෙම ගින්නෙන් මේවන විට පුද්ගලයින් 50 දෙනකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බංග්ලාදේශයේ කාර්මික නගරයක් වන රුප්ගන්ජ් හි ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්න හටගෙන ඇති බවයි. ගින්නට හේතුව තවම සොයාගෙන නොමැති…

    Read More

    දඹුල්ල කණ්ඩායමට නව හිමිකාරීත්වයක්

    එළඹෙන LPL තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයින් නිවේදනය කරයි. දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ලංකා ප්‍රිමියර් ලීග් ඊයේ (22) කටයුතු කළ අතර, එහි හිමිකාරීත්වයේ වෙනසක් සමග මෙම තරගාවලිය ඉදිරියේ දී පැවැත්වෙන බව අදාළ නිවේදනයේ දැක්වේ. LPL තරගාවලියේ විනිවිඳභාවය සහ ගුණාත්මක භාවය ආරක්ෂා කරගැනීම…

    Read More

    ආණ්ඩු හිතවාදී ප‍්‍රකට හිමිවරුන් 07ක් ජනපතිට තීරණාත්මක ලිපියක් යවති..

    20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය මතය පැහැදිලි කරමින් ප‍්‍රකට භික්‍ෂූන් වහන්සේලා 07 නමක් විසින් අත්සන් තබමින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත. අදාල සම්පුර්ණ ලිපිය මෙසේය. ශ්‍රී ලංකා ජනරජයේ ජනාධ්පත් අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,ජනාධිපති ලේකමි කාර්යාලය,කොළඹ.2020-10-15 අතිගරු ජනාධිපතිතුමනි, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ ජනතාව ඔබ තුමාගෙන් අපේක්ෂා කරන ලද්දේ බුද්ධ…

    Read More

    හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික නායකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.බේ. කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 82 වන වියේ පසු විය. දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන හෙවත් හැරී ජයවර්ධන මහතා 1942 අගෝස්තු 17 වැනි දින ජා-ඇළ ප්‍රදේශයේ දී උපත ලබා ඇත. 2008 වසරේදී ශ්‍රී ලංකාවේ පොහොසත්ම පුද්ගලයා ලෙස ලැයිස්තු අතරට…

    Read More

    කලා – බලලු වැව රක්ෂිතයේ ආඩම්බරකාරයා “රේවත” අවසන් ගමන් යයි..

    අනුරාධපුර, කැකිරාව අලියාවැටුණු වැව ප්‍රදේශයේබඩ ඉරිඟු හේනක ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් කලා – බලලු වැව රක්ෂිතයේ සැරිසැරූ “රේවත“ නැමැති ඇතා මියගොස් ඇති බව වාර්තා වේ. බොහෝ දෙනාගේම නෙතට කඳුළක් එක් කළ මෙම ඇතා කලා – බලලු වැව රක්ෂිතයේ ආඩම්බරකාරයා යන විරුධාවලියෙන් ද හදුන්වනු ලැබීය. ගනේවල්පොල වනජීවි නිලධාරීන් පැවසුවේ මෙම “රේවත“ ඇතා මියයන විට අවුරුදු 50…

    Read More

    මහ පාරේ දී රියැදුරෙකුට පහර දුන් කොස්තාපල් රිමාන්ඩ් කෙරේ..

    ඊයේ (29) දින පන්නිපිටියේදී ලොරි රථ රියැදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයා ලබන 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වේ. ඔහු අද නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර ලොරි රථ රියැදුරා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙසට ද නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත්…

    Read More