Headlines

    මෙරට පැතිරෙන්නේ බ්‍රිතාන්‍යයේ COVID ප්‍රභේදය බව තහවුරු වෙයි – ඊයේ මෙරට දෛනික ආසාදිතයින් 1000 ඉක්මවා යයි..

    දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 1111 දෙනෙකු ඊයේ (27) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ඒ අනුව මෙරට දිනක් තුළ කොවිඩ් අසාදිතයින් 1000 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි. ඒ අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 15 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව කොවිඩ්-19…

    Read More

    මිලියන 50ක කෘෂි රසායන නීතිවිරෝධීව ගෙන්වූ 4ක් කොටුවෙයි

    ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් ගෙන්වූ කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස ඊයේ (04) යාපනය වේලනෙයි, තුරේයුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. නීතිවිරෝධීව කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් ගෙන්වූ බවට යුධ හමුදා බුද්ධි තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අදාළ වැටලීම සිදුකර තිබේ. පොලීසිය පැවසුවේ එහිදී නිලධාරීන් භාරයට ගත් කෘමි…

    Read More

    හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීම ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

    හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද අහිමි කිරීම සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තමාට කිසිදු වරප්‍රසාදයක් අවශ්‍ය නොවන නමුත් අනෙක් ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව රජය අවධානය යොමුකළ යුතු බවය.  මාතලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය. “ජනාධිපතිවරුන්ගේ ගෙවල් ඉවත් කරනවාලු. මට ප්‍රශ්නයක් නෑ. මම…

    Read More

    ජපන් වාහනවල අලුත්ම මිල ගණන් ගැන හෙළිදරව්වක්

    ජපන් වාහනවල මිල ඉහළ යාමට බලපාන මූලික හේතුව එරට නිෂ්පාදිත වර්ෂයේ සිට වසර 5ක් හෝ 7ක් පරණ වාහන ආනයනය කිරීම වෙනුවට රජය විසින් වසර 2ක් පරණ වාහන ආනයනය කිරීමට තීරණය කිරීම බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පවසයි. ආනයන සීමා ඉවත් කරමින් ඊයේ (1) සිට වාහන ආනයනය කිරීමට රජය ගත් තීරණය…

    Read More

    උසස් පෙළ ශිෂ්‍යත්ව ප්‍රධානයට අදාළ අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කරයි.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ තාක්ෂණ සිසුන්ට ජනපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ප්‍රධානයට අදාළ අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කර තිබේ. 2024 -2025 වර්ෂ සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය ජුනි මස 07 වන දින දක්වා දීර්ඝ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. මෙම ශිෂ්‍යත්ව වැඩසටහනේ අයදුම්පත් භාර ගැනීම මැයි මස 22වන දින අවසන් වීමට…

    Read More

    අද කාලගුණය

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (16) වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද ,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල හිමිදිරි උදෑසන කාලයේදී ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවය. දිවයිනේ තැනින් තැන උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

    Read More

    ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. 2024 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම පිළිබඳව සිදුකරනු ලැබූ විශ්ලේෂණවලට අනුව 2025 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගින් මෙම නම්කිරීම සිදුකර ඇති බව වාර්තා වෙයි. ආර්ථික විද්‍යාව සහ සාමය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය විසින් ත්‍රස්තවාදයේ බලපෑම මත රටවල් ශ්‍රේණිගත කිරීම මෙම ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගින් සිදුකර…

    Read More

    දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් නාය යෑමේ අනතුරු ඇඟවීම්

    දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් වෙත නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (02) පස්වරු 04.00 සිට හෙට පස්වරු 04.000 දක්වා ක්‍රියාත්මක බවය. ඒ අනුව අදාළ ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම නිවේදනයක් නිකුත් කිරීමට එම සංවිධානය පියවර ගෙන තිබේ….

    Read More

    කොටහේන වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    කොටහේන ප්‍රදේශයේදි වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරුවන් දෙදෙනා නිතීඥවරුන් මාර්ගයෙන් පොලීසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. පසුගිය 16වන දින කොටහේන ප්‍රදේශයේදි  යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පුද්ගලයෙකුට සහ කාන්තාවකට බරපතළ තුවාල සිදුකර තිබුණි….

    Read More

    ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ පිළිබඳ යළි විමර්ශන 

    ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ පිළිබඳ යළි විමර්ශන ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයයට එක්වෙමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. “යහපත් රාජ්‍යක් ගොඩනගනවා නම් එහි ප්‍රධානම පදනමක් බවට නීතියේ විධානයේ ආධිපත්‍ය සහතික විය යුතුයි. ඒ නිසා අපි රාජ්‍යක් හැටියට ජනාධිපතිවරයා ලෙසත්…

    Read More