Headlines

    පවතින වියළි කාලගුණයේ අද තත්ත්වය

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (15) දිනයේ ද වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම උතුරු, උතුරු-මැද ,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය. උතුරු-මැද, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

    Read More

    ජනපති සහ නීතිපති අතර හමුවක්?

    ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා සහ නීතිපතිවරයා අතර සාකච්ඡාවක් හෙට (06) පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී පසුගිය සමයේ ආන්දෝලනයට තුඩු දුන් නඩුවල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.  මෙ අතර අපරාධ නඩු පවත්වාගෙන යෑමේදී සිදුවන අපහසුතා පිළිබඳවද මෙහිදී අවධානයට ලක් වනු ඇති බව සඳහන්ය.

    Read More

    ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – මාස 03ක බිළිඳියක් කොරෝනා වෛරසයට බිලිවෙයි..

    ගෙවුණු දිනය (10) තුළ කොවිඩ් අසාදිතයින් 2,624 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඒ අනුව මෙරට දෛනික කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා ගිය දෙවන දිනය ලෙස සටහන් වේ. ඊයේ (10) දිනයේ හමු වූ අසාදිතයන් අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 51 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති…

    Read More

    73 ජාතික නිදහස් උත්සවය හෙට දිනයේ දී අභිමානවත්ව පැවැත්වීමට සියළු කටයුතු සූදානම් – අදත් කොළඹ අවට විශේෂ රථ වාහන සැලැස්මක්

    73 වන නිදහස් දින සමරු උත්සවය අභිමානවත් සහ චාම් අයුරින් 73 පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව හෙට (04) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් පරිශ්‍රයේ දී නිදහස් දින සමරු උළෙල ආරම්භ වේ. වෙනත් වසර වලට සාපේක්ෂව අවම භට පිරිස් ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් මෙවර නිදහස් දින ත්‍රිවිද…

    Read More

    හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි නඩුවක් කල්යයි

    හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවට අදාළව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පිළිතුරු දේශනය පිළිබඳ නියෝගය පෙබරවාරි මස 21 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය.  2012 වසරේ ග්‍රීක ආර්ථිකය බිඳ වැටෙන බව දකිමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා…

    Read More

    නව විදුලිබල පනත් කෙටුම්පත ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

    නව විදුලිබල පනත් කෙටුම්පතින් පාරිභෝගික ආරක්ෂණයට සහ ජල විදුලි බලාගාර පිළිබඳ රජයට ඇති අයිතියට කිසිදු හානියක් නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරයි. නව කෙටුම්පතට එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා අද (19) පැවසුවේ එම පනතින් ගැටලු ඇතිවන්නේ විදුලිබල වෘත්තිය සමිති නායකයින්ට බවය. මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විධි විධාන…

    Read More

    රටේ ඉන්ධන හිඟයක් නෑ – ආණ්ඩුවෙන් විශේෂ පැහැදිලි කිරීමක්

    රටතුළ ඉන්ධන සංචිතවල කිසිදු හිඟයක් නොමැති බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. ඉන්ධන පිරවුම්හල් අසල ඇතිවී තිබෙන පෝලිම් පිළිබඳ අද (1) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදී අනිල් ජයන්ත මහතා පෙන්වා දුන්නේ රටතුළ ඉන්ධන හිඟයක් තිබෙන බව පෙන්වීම සඳහා ඇතැම් සංවිධානාත්මක කණ්ඩායමක් කෘත්‍රිම ඉන්ධන…

    Read More

    ලබන 14 වැනිදා අලුයම 4 ට සංචරණ සීමා ඉවතට – යුද හමුදාපති..

    ලබන 14 වැනිදා අලුයම 4 ට සංචරණ සීමා ඉවත්කරන බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ, ජූනි 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට නියමිත බවට සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි. ඒ අනුව ජූනි…

    Read More

    ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය මැයි 13 සිට යළිත්

    ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය දක්වා මෙම මගී යාත්‍රා සේවය වසර 40කට පසුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී නැවත ආරම්භ කෙරුණි. කෙසේවෙතත් මෝසම් වැසි හේතුවෙන් සතියකට පමණ පසු එම සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ අතර යළිත් ලබන…

    Read More

    ඉන්දියාව හා කැනඩාව අතර අර්බුදය උග්‍ර වෙයි

    කැනඩාවේ හින්දු කෝවිලකට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබේ. අදාළ ප්‍රහාරය හිතාමතා සිදුකර ඇති ප්‍රහාරයක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත. මෙවැනි ප්‍රචණ්ඩක්‍රියා මඟින් ඉන්දීය අධිෂ්ඨානය කිසිවිටෙකත් දුර්වල කිරීමට හැකියාවක් නොමැති බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගැටලුකාරී…

    Read More