Headlines

    ජී.එල් ට එරෙහිව පොහොට්ටුවෙන් විනය ක්‍රියාමාර්ගයක්

    මහාචාර්ය ජී.එල් පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. එම පක්ෂයේ විධායක සභාව මඟින් එම තීරණය ගත් බව එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේය. සමගි ජන බලවේගය සමග එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව හෙතෙම කියා සිටියේය. ශ්‍රී ලංකා…

    Read More

    අයහපත් කාලගුණයෙන් දුම්රිය ගමනටත් බාධා

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ සහ මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනය සීමා කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තු සඳහන් කළේ, මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමය පොළොන්නරුව දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බවය. උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය නානුඔය දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු වැඩිදුරටත් පැවසුවේය. මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ…

    Read More

    O/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල එන දිනය ඇමති කියයි

    සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවෙනි සතියේ ආරම්භවීමට නියමිතව බවය. “සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවෙනි සතියේ ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඊට පෙර සියලු නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන බවට විභාග…

    Read More

    කොළඹ උද්ධමනය ඉහළ යයි

    2024 ජූලි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  2024 ජූලි මාසය සඳහා 2.4% ක් දක්වා වැඩි වී ඇත.  එය 2024 ජුනි මාසය සඳහා 1.7% ක් ලෙස වාර්තා වී තිබුණි. 2024  ජුලි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික…

    Read More

    ලංවිම දූෂිත ගනුදෙනු රැසක් කෝප් කමිටුවේ දී දිග හැරෙයි

    ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් 130 දෙනෙකු පමණ මෑත කාලය තුළ සේවය හැර ගොස් ඇති බව අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී මේ බව අනාවරණය වී ඇති බව සඳහන්ය. එහිදී මධුර විතානගේ මන්ත්‍රීවරයා කළ විමසීමේදී ප්‍රතිචාර දැක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාම්‍යාධිකාරී පාලිත පෙරේරා මහතා පැවසුවේ, මුළු ඉංජිනේවරු 330 දෙනෙකුගේ පුරප්පාඩු…

    Read More

    බස් සහ ත්‍රීවිල් ගාස්තු අඩු කරන්න බැහැ කියයි

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් අඩු කළේය.  එම මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සමාගම සිය මිල ගණන්ද සංශෝධනය කර ඇති අතර සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබුණි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති…

    Read More

    ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

    මේ මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළැඹෙන සඳුදා දිනයේ දී ප්‍රකාශයට පත්කරන බව එම සමාගම දැනුම්දෙයි. බොහෝවිට මෙම මාසය සඳහා ගෑස් මිල නොවෙනස්ව පැවතිය හැකි බව ද එම සමාගම සඳහන් කළේය. මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව ද ඔවුන් වැඩිදුරටත් පැවසීය.

    Read More

    මහ බැංකු පොලී අනුපාත ගැන තීරණයක්

    ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (27) පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 8.50 සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)සියයට 9.50 ලෙස දැනට…

    Read More

    ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

    තමන් ජූලි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසයි. මේ වනවිට එම සමාගම කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් අලෙවි කරනු ලබයි. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම්…

    Read More

    දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් – පළාත් 03 කට ප්‍රබල අකුණු..

    මේ වන විට රටේ පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 3ක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව මහනුවර, කෑගල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය. මහනුවර දිස්ත්‍රික්කයේ…

    Read More