Headlines

    ඉන්දියාවේ කොරෝනා මරණ ගණන ලක්ෂ 03 සීමාව අභිබවා යයි..

    අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 03 සීමාව අද (24) දිනයේ දී ඉක්මවා ගියේය. ඒ ගත වූ පැය 24 තුළ එරටින් කොරෝනා මරණ 4,452 ක් වාර්තා වීමත් සමගයි. ඊයේ දිනයේ ඉන්දියවෙන් නව කොරෝනා ආසාදිතයින් 222,835ක් වාර්තා වූ අතර මේ වන විට එරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 303,751 කි. මේ වන…

    Read More

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට තම උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කිරීම සිදුකළ දිනය ලෙසට මැදින් පුර පසළොස්වක පොහොය සැලකේ. එහිදි උන්වහන්සේ විසින් සුද්ධෝදන රජතුමා ප්‍රමුඛ ශාක්‍යවාංශිකයින්ට ධර්මය දේශනා කරනු ලැබීය. මේ අතර එෆ්.එම්.දෙරණ 123 වන අසපුව සජීවි පෝදා විකාශය හෝමාගම පුරාණ විහාර පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින්…

    Read More

    රුපියල් 1350ක වතු සේවක අවම දෛනික වැටුපට එකඟතාව

    වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක් සහ අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමට අද (10) පඩි පාලක සභාවේ පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ. ඊට කම්කරු රා‍ජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා, වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති ඇතුළු පිරිසක් එක්වී තිබුණි. ඒ අනුව මෙම තීරණය අද සිට ක්‍රියාත්මක කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට…

    Read More

    හැකියාවන් ඇති අය සිර කළ රාමුව කැඩුවා – අම්බිකා

    තමන් පළමුවරට දේශපාලනයට පැමිණීමත් සමග මින් ඉදිරියට වතුකරයේ තරුණ ප්‍රජාව දේශපාලනයට අවතීර්ණ වීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක කාන්තා නියෝජනයක් වන අම්බිකා සැමුවෙල් පවසයි. ඇය පැවසුවේ හැකියාවන් ඇති තරුණ තරුණියන් පිරිසක් වතුකරයේ සිටි නමුත් ඔවුන් යම් රාමුවක කොටු කර තැබූ බවය. “පළවෙනි වතාවට මම දේශපාලනයට ආවත් එක්කම මගේ නංගිලා මල්ලිලා අනිවාර්යයෙන්ම දේශපාලනයට එනවා….

    Read More

    ජපාන ණය ගිවිසුම් සංශෝධනයට කැබිනට් අනුමැතිය

    විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර හුවමාරු පත්‍ර සහ ශ්‍රී ලංකා රජය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) අතර සංශෝධන ගිවිසුම අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකා රජය විසින් නිල ණයහිමි කමිටුව සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡා අවසන් කර අවබෝධතා ගිවිසුම්කට එළඹීමෙන් අනතුරුව ජපාන රජය…

    Read More

    අඩුපීඩන කලාපය උතුරු වෙරළ ආසන්නයේ – මි.මී 100 ඉක්මවූ තද වැසි

    නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇත. උතුරු,උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට…

    Read More

    දඹුල්ලට අලුත් හිමිකරුවෙක්

    LPL තරගාවලියට සහභාගී වෙන දඹුල්ල කණ්ඩායමේ හිමිකරුවන් ලෙස අමෙරිකානු සමාගමක් තෝරාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. එම කණ්ඩායමේ නව හිමිකරු වන්නේ, ලොස් ඇන්ජලිස් හි පිහිටි ප්‍රධාන පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් වන Sequoia Consultants ආයතනයයි. ඒ අනුව එළැඹෙන LPL තරගාවලිය සඳහා “දඹුල්ල සික්සර්ස්” නමින් දඹුල්ල කණ්ඩායම තරග වැදීමට නියමිතය. Sequoia Consultants සමාගමේ බහුතර…

    Read More

    පළාත් පාලන නාමයෝජනා ගැන ජනපති ගන්න යන තීරණය

    පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ නාමයෝජනා අවලංගු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නාමයෝජනා භාර දී වසරක් ගතවීමෙන් පසු නැවත ඡන්දය විමසීම පැවැත්විය නොහැකි බවත් නව අපේක්ෂකයින්ට ද අවස්ථාව ලබාදීමේ අරමුණින් එම පියවර ගැනීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිපතිවරයා සමග…

    Read More

    ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි

    ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදට (15) යෙදී තිබේ. පාරිභෝගික ආරක්ෂාව, සාධාරණ වෙළෙඳාම සහ තිරසාර පරිභෝජනය ප්‍රවර්ධනය යන කෙරෙහි මෙම දිනයේ දී වැඩි අවධානය යොමු කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. අදට යෙදී ඇති ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය  පිළිබඳව කරුණු පැහැදිලි කරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු  හා පාරිභෝගික කටයුතු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා. “මෙවර…

    Read More

    දකුණු කොරියානු ජනපති පුටුව රැකගනී

    දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව විපක්ෂය ගෙනආ දෝෂාභියෝගය අද (07) එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණි. දකුණු කොරියානු විපක්ෂය එරට ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේ ජනාධිපතිවරයා පසුගිය අඟහරුවාදා රාත්‍රීයේ දී හදිසියේ හමුදා නීතිය පැනවීමේ සිදුවීම මුල් කරගනිමිනි. දෝෂාභියෝගයට අදාළ ඡන්ද විමසීම එරට වේලාවෙන් අද පස්වරුවේ පැවැත්වුණි. දෝෂාභියෝගය සම්මත කරගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන්…

    Read More