Headlines

    අමෙරිකාවේ ප්‍රබලයෙක් ඉන්දු – ලංකා සංචාරයක

    දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (10) ඉන්දියාවට පැමිණීමට නියමිතය. අද සිට 15 වනදා දක්වා දකුණු ආසියානු කලාපය තුළ රැ‍ඳී සිටින ඔහු ඉන්දියාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට ද පැමිණීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඔහුගේ සංචාරයේ අරමුණ එක් එක් රටවල් සමග ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරගැනීමය. ඔහුගේ…

    Read More

    රුපියල ට ලෝකයෙන් සහතිකයක්

    2024 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහළම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත්වී ඇති බව බ්ලූම්බර්ග් වෙළඳපොළ දත්ත පෙන්වාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එය වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද එහි සඳහන් ය.

    Read More

    බදු ගහන අලුත්ම ක්ෂේත්‍ර 14 මෙන්න

    මෙතෙක් කිසිදු සැලකිල්ලකට භාජන නොවූ ක්ෂේත්‍ර 14ක් පිළිබඳව අවධානය යොමු කර ඔවුන්ගෙන් බදු අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඊයේ(08) කෑගල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඒ ඔස්සේ ඉදිරියටත් විමර්ශන ආරම්භ කර ඇති බවය. බදු ගෙවීම් පැහැර හැරීමට කිසිදු අයෙකුට අවස්ථාවක් ලබාදී නොමැති බවත් බදු ගෙවීම…

    Read More

    මත්පැන් හල් බලපත්‍ර සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්

    සුරාබදු රෙගුලාසිවලට පටහැනි ආකාරයට මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම සහ බලපත්‍ර නිකුත් කිරීම වළක්වමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළේය.  සුරාබදු රෙගුලාසිවලට පටහැනිව නිකුත් කර තිබෙන මත්පැන් බලපත්‍ර අභියෝගයට ලක් කරමින් මත්පැන් හල්හිමියන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් විභාගයට ගැනීමට අවසර…

    Read More

    බදු ගෙවීම සම්බන්ධව විශේෂ නිවේදනයක්

    2024 වසරේ නොවැම්බර් මාසයට අදාළ එකතු කළ අගයම මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවීම සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ 2023/2024 තක්සේරු වර්ෂයේ ආදායම් බදු වාර්තා මත ගෙවිය යුතු බද්ද තවදුරටත් ගෙවීමට අතපසු වී ඇත්නම් එය දෙසැම්බර් මස 26 වන දිනට පෙර ගෙවීමට කටයුතු කරන ලෙසය. එමෙන්ම…

    Read More

    ප්‍රදේශ කීපයක හුදකලා තත්ත්වය ඉවතට- මතුගම ග්‍රාම නිලධාරී වසමක් හුදකලා වෙයි

    අද (05) උදෑසන 10 සිට මාතලේ පොස්ලේන්, ඉසුරු මාවත හා එක්සත් ජනපදය යන ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කර ඇති බව කෙවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ ය. තවද අද (05) උදෑසන සිට මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් බොන්දුපිටිය 727 ග්‍රාම නිළදාරී වසම හුදකලා…

    Read More

    අම්බලන්ගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරුවෙක් අධිකරණයට එයි

    අම්බලන්ගොඩ පොලිස් වසමේ ඌරවත්ත ප්‍රදේශයේදී සිදුකළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත්වී තිබේ. 2024.11.10 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේ ඌරවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයෙකුට හා කාන්තාවකට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි. වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරුවන් පලාගොස් තිබූ අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය විමර්ශන…

    Read More

    සත්ව සංගණනයේ සැබෑ හේතුව හෙළිකරයි

    සත්ව සංගණනය සම්පුර්ණයෙන් නිවැරදි දත්ත ලබාගැනීමේ අරමුණින් සිදුකරන්නක් නොවන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. අද වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු පැවසුවේ මෙමගින් ලබාගන්නා දත්ත කෘෂිකාර්මික ඵලදාව වැඩි කරගැනීම සඳහා උපයෝගී කරගැනීමට අපේක්ෂා කරන බවය. “ඇතැම් විට තවත් වටයකින් අපිට මේක බලන්න වෙයි. තව වෙලාවක් දාන්න වෙයි. යම් අදහසක් අපිට ගන්න පුළුවන් ඒත් 100%ක්…

    Read More

    අයවැයෙන් යෝජිත වැටුප් වැඩිවීම ලබා දිය නොහැකි බව ව්‍යාපාරිකයින් කියයි

    අයවැය මඟින් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට රජය යෝජනා කළ ද එලෙස වැටුප් වැඩි කිරීමේ හැකියාවක් නොමැති බව ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය පවසයි. එහි සභාපති ටානියා එස්. අබේසුන්දර මහත්මිය සඳහන් කළේ, ව්‍යාපාරිකයින්ට බංකොලොත් වූ සිය ව්‍යාපාර නඟාසිටුවීම සඳහා කාලයක් අවශ්‍ය බවය. “අපි ඔබතුමන්ලාගෙන් බලාපොරොත්තු වෙන්නේ අයවැයක දාන දත්ත ටිකක් නෙමෙයි. කළ හැකි යම්කිසි වැඩපිළිවෙලක්….

    Read More

    ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීමට නිලුෂා බාලසූරිය ව පත්කෙරේ

    බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත් කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස සේවය කළ අයි. එස්. එච්. ජේ. ඉලුක්පිටිය මහතා සැප්තැම්බර් 25 වනදා සිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත රක්ෂිත…

    Read More