Headlines

    බාර් ලයිසන් වැරදි ක්‍රමයට පිනට දීලා නැහැ – රනිල්ගෙන් නිවේදනයක්

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු මත්පැන් බලපත්‍රයක් නියමිත ක්‍රමවේදයෙන් බැහැරව කිසිවකුට පිනට ලබා දී නොමැති බවත්, එමගින් රජය රුපියල් බිලියන 3කට වැඩි ආදායමක් උපයා ඇති බවත් ඒ මහතාගේ කාර්යාලය නිවේදනය කරයි. එම නිවේදනය නිකුත් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන අල්ලස් ලෙස මත්පැන් බලපත්‍ර නිකුත්කර ඇතැයි එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින්ය. එහි අවධාරණය කර…

    Read More

    කොළඹ අඩු ආදායම්ලාභීන් 250,000කට නිවාස අයිතිය

    එළැඹෙන මාසයේදී කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන් 250,000කට ඔවුන් සිටින තට්ටු නිවාසවල සින්නක්කර අයිතිය ලබාදීමට තමා පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ අද (17) පැවති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව අනාවරණ කළේය. “උරුමය” සින්නකර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහනේ තවත් අදියරක් ලෙස මහවැලි වලව කලාපයේ ජනපදිකයින් 1,524 දෙනෙකුට ඔප්පු ලබාදීමේ…

    Read More

    චීන රෝහලක නින්ජා ප්‍රහාරයක්

    නිරිතදිග චීනයේ රෝහලකදී සිදුකළ පිහි ඇනුමකින් දෙදෙනෙක් මියගොස් තවත් 21 දෙනෙක් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. Yunnan පළාතේ පිහිටි රෝහලකදී එම පිහි ඇනුම සිදුකර ඇති බව වාර්තා වෙයි. කළු ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් පිහි දෙකක් භාවිත කර එම ප්‍රහාරය සිදුකර තිබුණි. එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්ද නැත්ද සම්බන්ධයෙන් වාර්තා නොවෙයි.

    Read More

    කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශන ප්‍රමාදයට රේගුවෙන් වැඩපිළිවෙළක්

    කොළඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.  ජනාධිපතිවරයා උපදෙස් පරිදි එම වැඩපිළිවෙළ ආරම්භ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ, ඊයේ (13) දිනට කොළඹ වරායෙන් බහාලුම් 459ක් නිදහස් කර ඇති බවය. මීට අමතරව RCT, ග්‍රේලයින්…

    Read More

    සා පෙළ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

    2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන සැප්තැම්බර් මාසයේ දී නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය. මේ වනවිට උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේ ප්‍රායෝගික පරීක්ෂණ අවසන් සතියේ ඇති බවත්, උත්තරපත්‍ර පරීක්ෂා කර අවසන් බැවින් විභාග දෙපාර්තමේන්තුවට සැප්තැම්බර් වන විට ප්‍රතිඵල ලබාදිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 2025 ජනවාරි සහ පෙබරවාරි යන මාස…

    Read More

    ජල විදුලිය උත්පාදනයේ අඩුවීමක් – විදුලි ඉල්ලුම සපුරා ගැනීම සඳහා අතිරේක විදුලිය මිලදී ගැනීමට තීරණය කරයි.

    රටේ පවතින වියළි කාළගුණය හේතුවෙන් මෙරට ජල විදුලි නිෂ්පාදනය 20% ක් දක්වා පහතවැටී ඇති බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මෙරට විදුලි බලයෙන් 42%ක් තාප විදුලි බලාගාර ආශ්‍රිතවද 2% ක් සුළං බලාගාර අශ්‍රිතවද රජය සතු අනෙකුත් බලාගාර සහ පුද්ගලික අංශයේ බලාගාර තුළින් 38% ක ප්‍රමාණයක්ද ජාතික පද්ධතියට එක් කරනු ලබන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය…

    Read More

    වඳ මදුරුවන් ලක්ෂයක් සමාජයට..

    ඩෙංගු මර්දනය වෙනුවෙන් අද (30) සිට දින 03 ක කාලයක් ලංකාව පුරාම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව බස්නාහිර පළාතේ අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 29ක එම වැඩසටහන අද සිට ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේය. මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 4700 ක් වාර්තා…

    Read More

    CIDයට ප්‍රකාශයක් දීමට ජොන්ස්ටන් සුදානම්

    පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හෙට (23) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අද (22) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා…

    Read More

    රුසියාවෙන් යුක්‍රේනයට තවත් දරුණු ප්‍රහාරයක්

    යුක්‍රේනයට එල්ල කළ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 40කට වැඩි පිරිසක් මියගොස් 180ක් කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත්තේඑම ප්‍රහාරය යුක්‍රේනයේ පොල්ටාවා නගරයට එල්ලවී තිබෙන බවය.

    Read More

    ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් වාර්තාවට යුරෝපා සංගමයේ සහාය

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිගන්නා බව යුරෝපා සංගමය පවසයි. යුරෝපා සංගමය ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පෙරේදා (09) දැනුම් දී ඇති බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවාංහිදී ඊයේ ආරම්භ වුණි. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව…

    Read More