Headlines

    අමෙරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. එහිදී අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා වී ඇති බව සඳහන් ය.  එසේම, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සමාජයීය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳවද එහිදී…

    Read More

    සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක්

    ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත්විය. ඒ, F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

    Read More

    ධීවර කටයුතුවලට හෙට සිට අවසර..

    මා ඔය, මීගමුව ප්‍රදේශයේ සිට පානදුර දක්වා තහනම් කළ කලාපයක හැර සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වීම සඳහා හෙට(01) සිට ධීවරයින්ට අවස්ථාව හිමි වන බව ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේය. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මීගමුව කලපු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වීම තවදුරටත් තහනම් වන බවයි. X-PRESS PEARL නෞකාවේ ගින්නත් සමග…

    Read More

    වීසා ගාස්තුව ගැන රජයෙන් විශේෂ තීරණයක්

    විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එසේම ක්‍රියාත්මක කිරීමටද එහිදී කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති…

    Read More

    තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානයේ සහාය

    වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ මහතා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක ජගත් වික්‍රමරත්න මහතා හමු වූ අවස්ථාවේදීය. එමෙන්ම, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නව පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ද කඩිනම් කිරීමට අපේක්ෂා කරන බව ද…

    Read More

    බස් ගාස්තුව ගැන ගත් තීරණය

    ඉන්ධන මිල අඩු වුව ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ශෂී වෙල්ගම මහතා සඳහන් කළේ, ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට ප්‍රමාණවත්  ඉන්ධන මිල අඩුවීමක් සිදුව නොමැති බවය. පසුගිය 31 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින්ද, සුපර්…

    Read More

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉහළම බදු ආදායම රැස් කරයි

    දේශීය ආදයම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම පසුගිය 2024 වසරේදී රැස් කිරීමට සමත්ව තිබේ. දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනුයේ එය රුපියල් මිලියන 1,958,088ක් බවය. මෙය 2023 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 392,229ක වැඩි වීමක් වන අතර එහි වර්ධන වේගය සියයට 25.1ක් බවද එම නිවේදනයේ සඳහන් ව තිබේ.

    Read More

    කඩුගන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයකට දින 03ක සිට ජල සැපයුමට බාධා..

    කඩුගන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයකට දින 03ක සිට ජල සැපයුම ඇනහිට ඇත. මීවතුර සිට මරදන්ගොඩ දක්වා ජලය පොම්ප කරන පොම්පයේ පිපිරීමක් හේතුවෙන් එම ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව එම ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, අදාළ පොම්පයේ පිළිසකර කිරීම් මේ වනවිටත් ක්‍රියාත්මක අතර…

    Read More

    වාර්තා පොත් අලුත් කරමින් අරුණ අවසන් පූර්ව වටයට

    පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජන කරමින් සහභාගි වූ අරුණ දර්ශන එහි අවසන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. ඒ අනුව ඔලිම්පික් ඉතිහාසයේ මීටර 400 ඉසව්වකින් අවසන් පූර්ව වටයක් දක්වා ඉදිරියට ගිය පළමු ශ්‍රී ලාංකිකයා ලෙසින් වාර්තා අතරට යාමට අරුණට හැකිවිය. අරුණ සහභාගි වූ තරගය මෙරට වේලාවෙන් ඊයේ…

    Read More

    ඩයනා ට මන්ත්‍රී ධුරය අහිමිවෙයි 

    රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය. ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.  තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා…

    Read More