Headlines

    නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික බෝම්බයෙන් බේරුණු පිරිසකට

    ජපානයට හෙලන ලද න්‍යෂ්ටික බෝම්බවලින් බේරුණු කණ්ඩායමකට 2024 සඳහා වූ නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. එම කණ්ඩායම “Nihon Hidankyo” නමින් හැඳින්වුණි. හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙලූ න්‍යෂ්ටික බෝම්බවලින් දිවිගලවාගත් එම පිරිස ලෝකයේ න්‍යෂ්ටික අවිහරණය වෙනුවෙන් සිදුකරන මෙහෙවර වෙනුවෙන් ඔවුන්ට මෙවර නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කළ බව නොබෙල් කමිටුව පැවසීය.

    Read More

    විදෙස් ජාතිකයින් මෙරටදී සිදුකරන අන්තර්ජාල ජාවාරම් ගැන පොලීසියෙන් හෙළිදරව්වක්

    විදෙස් ජාතිකයින් විසින් මෙරට දී සිදුකරනු ලබන අන්තර්ජාල ජාවාරම්වල ඉහළ යෑමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසයි. අද දෙරණ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “අපිට සුවිශේෂ තත්ත්වයක් මෙතෙනදී අත්දකින්නට ලැබුණා. ස්කෑමින් කෑම්ප්. මේවා කෑම්ප් විදිහට සකස්වෙලා තියෙන්නේ. මේක නව…

    Read More

    ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර වලින් පලස්තීන ජාතිකයින් 137 දෙනෙකු මියයයි..

    ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර සිදුවන ප්‍රහාර හේතුවෙන් පලස්තීන ජාතිකයින් 137 දෙනෙකු මියගොස් ඇති අතර ඊට ළමුන් 36 දෙනෙකු ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායලයේ පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර පසුගිය සඳුදා සිට එල්ල කරන ලද ප්‍රහාර හමුවේ තුවාල ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 920 කට අධික බව වාර්තා වේ. පසුගිය සඳුදා සිට එල්ල කරන…

    Read More

    වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේදැයි හෙළි කරන්න’ මාමා ඉල්ලයි

    මධුෂ්ගේ හිසට පිටුපසින් එල්ල වූ වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේදැයි හෙළි කරන්න යනුවෙන් මාකඳුරේ මධුෂ්ගේ මාමා කෙනෙකු වන සුනිල් සමරසිංහ මහතා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඉල්ලා සිටියි. පොලීසියට වෙඩි ප්‍රහාර එල්ල වූයේ ඉදිරිපස සිට නම්, මධුෂ්ට පමණක් පසුපසින් වෙඩි ප්‍රහාර එල්ල වූයේ කෙසේද යන්න පිළිබඳවද ඔහු ප්‍රශ්න කර සිටියේය. පසුගියදා කොළඹ, මාළිගාවත්ත නිවාස…

    Read More

    වෛද්‍යවරියව දූෂණය කළ සැකකරු අල්ලයි

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැක පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසූවේ අදාළ සැකකරුව අද (12) උදෑසන ගල්නෑව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවය. සැකකරු හමුදාවෙන් පළා ගිය අයකු බවට ඊයේ (11) දිනයේ දීම හඳුනාගෙන තිබූ අතර ඔහු සොයා පොලිස් කණ්ඩායම් පහක් මඟින්…

    Read More

    ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන IMF ප්‍රධානියාගෙන් ඇගයීමක්‍

    ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්රිස්ටලීනා ජෝර්ජිඒවා විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.  ඇය පවසන්නේ ශ්‍රී ලංකා බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව බලාපොරොත්තු සහගත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවය. එමඟින් ණය තිරසරබව ඇතිකර ගැනීම, වඩාත් පුළුල් සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිකර ගැනීම මෙන්ම, ආර්ථිකය වඩාත් හොඳින් පාලනය සහ විනිවිඳබව…

    Read More

    තැන් තැන්වල වෙඩි තිබ්බාට ජාතික ආරක්ෂාවට මහ බලපෑමක් නෑ – ආරක්ෂක නියෝජ්‍ය ඇමති

    දිවයින පුරා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම්වලින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් ඇති නොවන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. අද (25) පැවැති උත්සවයකට එක්වූ අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,  “ජනතාවගේ ආරක්ෂාව අපි සහතික කරලා තියෙනවා. ඒ සම්බන්ධව අපි විශේෂ වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි මුළු…

    Read More

    ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 2,859ක්..

    ගෙවුණු දිනය (30) තුළ කොවිඩ් අසාදිතයින් 2,859 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම පිරිස අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්විය. ඊයේ (30) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    Starlink පැකේජ සඳහා TRCSL අනුමැතිය

    ‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, අවමය මසකට රුපියල් 9,200 සිට උපරිමය රුපියල් මිලියන 1.8 ක් දක්වා වන පැකේජ 5කට අනුමැතිය හිමිව ඇත. අදාළ පැකේජවල තොරතුරු පහතින් දැක්වේ.

    Read More

    පිලිප් කුමරුගේ අවසන් කටයුතු ලබන 17 වැනිදා..

    එංගලන්ත දෙවන එලිසබෙත් රැජිණගේ ස්වාමිපුරුෂයා වන එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 17 වැනි සෙනසුරාදා පස්වරු 3.00 ට වින්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී රාජකීය අවමංගල්‍ය උළෙල පැවැත්වෙන බව බකිංහැම් මාළිගය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම අවස්ථාවේ විනාඩියක ජාතික නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට ද නියමිත බව රාජකීය නිලධාරීන් සඳහන් කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,…

    Read More