Headlines

    ඉන්දියාවෙන් කොරෝනා මර්දනයට දියරයක්..

    ඉන්දියාවේ පර්යේෂණ ආයතනයක් විසින් කොරෝනා මර්දනය සඳහා දියරයක් නිෂ්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මේ වන විටත් එම දියරය හදිසි භාවිතය සඳහා ඉන්දියානු සෞඛ්‍ය අංශවල අවසරය ලැබී ඇති බවයි. ඒ අනුව මෙම නව දියර ඖෂධ මාත්‍රා 10,000ක් මේ වනවිටත් ඉන්දියානු රෝහල් වෙත යවා ඇති බව වාර්තා වේ. මෙම ඖෂධය…

    Read More

    අරගලයේ නායකයින්ට පොහොට්ටුවෙන් ආරාධනයක් 

    එළඹෙන මහමැතිවරණයේ දී ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා ලබා ගැනීම සදහා අරගලය නියෝජනය කරන තරුණ තරුණියන්ට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි. නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී අද (07) පෙරවරුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. සියලු දෙනා අපේක්ෂා කළ තරුණ නායකයෙකු ඉදිරියේ දී රටට නායකත්වය දීමට සුදානම් බව මන්ත්‍රීවරයා කීය. “අරගලය…

    Read More

    අගමැතිගෙන් ඉතිහාසගත මනාප වාර්තාවක්

    2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ. මෙම මනාප ගණන මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ එක් මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ගණන ලෙස ඉතිහාස ගත වේ.  මීට පෙර වැඩිම මනාප ඡන්ද ගණනක් ලබාගෙන තිබූ මන්ත්‍රි ධුර අපේක්ෂකයා…

    Read More

    පළමු කාර්තුවේ කොළඹ වරායේ ආදායම ඩොලර් මිලියන 50 පනී

    කොළඹ වරාය මේ වසර තුළ විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කරමින් මෙහෙයුම් කාර්ය සාධනයේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මේ වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය අමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් ලබාඇති බවය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…

    Read More

    මැතිවරණ කොමිසම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ව කොළඹට කැඳවයි

    රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ සංස්ථාවල සභාපතිවරුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නියමිත බවය. අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා අදාළ රාජ්‍ය…

    Read More

    පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වර්ජනයක් අරඹයි

    ‍සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිදුකළ අසාධාරණය, උසස් වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන් අද (27) පෙරවරු 08 සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. පරිපූරක  වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර…

    Read More

    පියුමි හංසමාලි ගෙන් පෙත්සමක්

    තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් සිදු කරන විමර්ශන අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පිණියක වන පියුමි හංසමාලි විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් නම් කර ඇත. තමන්ට එරෙහිව විමර්ශනය සිදු කරන ආකාරය යුක්ති සහගත…

    Read More

    ණය සහ බදු ගැන රජයේ ස්ථාවරය

    ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය තහවුරු කිරීම සඳහා සියලු ණයහිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකිවනු ඇතැයි රජය දැඩි විශ්වාසයෙන් පසුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.  අමෙරිකාවේ, වොෂින්ටන් හී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැසිවරායකට සමගාමීව පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.  මුදල් රාජ්‍ය අමාත්‍ය  ශෙහාන් සේමසිංහ මහතා, “අපි ලොව අඩුවෙන්ම බඳු අයකරන…

    Read More

    නෙළුම් කුලුනේ පැරෂුට් අනතුර

    නෙළුම් කුලුනෙන් පහළට පැරෂුට් ආධාරයෙන් පැනීමේ අවස්ථාවකට එක්වූ පුද්ගලයෙකු ඉන් ඇදවැටී අනතුරට ලක්ව තිබේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විදෙස් ජාතිකයෙකි. නෙළුම් කුලුන මුදුනේ සිට පහළට පැනීමේදී නිසි වේලාවට ඔහුගේ පැරෂුටය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ එම විදෙස් ජාතිකයා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

    Read More

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 20යි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

    රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීය. ඒ ඊයේ (05) පැවති සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත් කිරීමත් සමගය. අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය තරග වැදීමට නියමිතව තිබේ. ඒ අනූව ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම්…

    Read More