Headlines

    ගෙදරින් කෑම ගන්න දේශබන්දු කළ ඉල්ලීමට බන්ධනාගාරය දුන් පිළිතුර

    නිවසින් ආහාර ලබාගැනීමට දේශබන්දු තෙන්නකෝන් සිදුකළ ඉල්ලීම සලකාබලන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිවසින් ආහාර ලබාදෙන ලෙස සිදුකර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබලන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ තමාගේ ආහාර වේල නිවසින් ගෙන ඒමට අවසර…

    Read More

    කබ්රාල් ඇතුළු පිරිස නිදහස් කෙරේ

    2012 වසරේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනයක් සිදුකිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු…

    Read More

    වෙළෙඳ ඇමති ආනයනකරුවන්ට දුන් පොරොන්දුව

    සහල් හිඟය තවමත් පැවතීම හේතුවෙන් එළැඹෙන ජනවාරි මස 10 වැනිදා දක්වා සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට වෙළෙඳ අමාත්‍යවරයා එකඟ වූ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඊයේ (23) පැවති සාකච්ඡාවකින් පසු ආනයනකරුවන් පැවසුවේ, ඊට අදාළ යෝජනාව අමාත්‍යවරයා අද රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවය. වෙළෙඳපොළේ පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස සහල් ආනයනය…

    Read More

    සූරියප්පෙරුම මහතාගේ අවසන් කටයුතු අද

    අභාවප්‍රාප්ත ආචාර්ය ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතාගේ අවසන් කටයුතු අද (5) බොරැල්ල පොදු සුසාන භූමියේ සිදුකිරීමට නියමිතව ඇත. ඒ මහතාගේ දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබේ. සූරියප්පෙරුම මහතා පසුගිය 2වනදා අභාවප්‍රාප්ත වූ අතර, මිය යනවිට 96 වියේ පසුවිය.

    Read More

    දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් – පළාත් 03 කට ප්‍රබල අකුණු..

    මේ වන විට රටේ පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 3ක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව මහනුවර, කෑගල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය. මහනුවර දිස්ත්‍රික්කයේ…

    Read More

    මැතිවරණ දිස්ත්‍රික්ක 22කට කණ්ඩායම් 690ක් තරගයට

    2024 මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. මාධ්‍ය අමතමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි. යම් අසාධාරණයක් වී ඇතැයි හැඟේ නම් එම කණ්ඩායම් වලට අධිකරණයට යා හැකි බවද රත්නායක මහතා පැවසීය. වැඩිම දේශපාලන කණ්ඩායම ගණනක් තරග කරනු…

    Read More

    මහා පරිමාණ විදෙස් රැකියා ජාවාරමක්

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කර විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මූල්‍ය වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, සිය කාර්යාංශයේ උසස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් වට්ස්ඇප් සබැඳි නිර්මාණය කර ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මෙම මූල්‍ය ජාවාරම සිදුකෙරෙන…

    Read More

    දිවයිනේ දිස්ත්‍රික්ක 8 ක ප්‍රදේශ හුදකලා කරයි – ඊයේ ආසාදිතයින් 1466 යි මරණ 06 යි..

    දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 1466 දෙනෙකු ඊයේ (28) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ඒ අතරින් පුද්ගලයින් 15 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 1451 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි….

    Read More

    සජිත් ගැන කලකිරී අජිත් යන්න යයි

    සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.  ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පවසා සිටියේ, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය. “මම මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවේ ඉන්න…

    Read More

    ගාසා තීරයට දරුණු ප්‍රහාරයක් – දරුවන් ඇතුළු 200කට අධික පිරිසක් මරුට

    සටන්විරාම එකඟතා කඩකරමින් ඊශ්‍රායලය ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 200කට වැඩි පිරිසක් මියගොස් තිබේ. සිය ඉලක්කය හමාස් සංවිධානය බවට ඊශ්‍රායලය පැවසුවත්, එම ප්‍රහාරවලින් දැනටත් සිවිල් වැසියන් ඇතුළු විශාල පිරිසක් මියගොස් ඇත. පසුගිය ජනවාරි 19 වැනිදා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර අත්සන් තැබූ සටන්විරාම ගිවිසුමට පසු ගාසා වෙත එල්ල වූ දැවැන්තම ප්‍රහාරය ලෙස මෙම…

    Read More