Headlines

    ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකිය. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වලත් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී….

    Read More

    WTC එකට රෑට රෑට පනින Batman අල්ලයි

    කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ (WTC) කාර්යාල 4කට අළුයම් කාලයේ ඇතුළු වී සොරකම් රැසක් සිදුකළ පුද්ගලයෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු විසින් සිදුකළ සොරකම් අවසානයේ බිත්තිවල ‘බැට් මෑන්’ යනුවෙන් තබා තිබූ සටහනක් ඇසුරින් සිදුකළ සූක්ෂම විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම අතටම හසුකර ගැනීමට පොලීසියට හැකිව ඇත. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුනේ 26වන මහලේ පවත්වාගෙන…

    Read More

    සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද දිවයිනට..

    සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගත් ගුවන් යානයක් අද(04) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබේ. එම එන්තත් තොගයත් සමඟ චීනයේ රජය මඟින් මෙරටට ලැබී ඇති සමස්ත සයිනෝෆාම් මාත්‍රා ගණන ලක්ෂ 41ක් වේ. මේ අතර ඇමෙරිකාවේ නිෂ්පාදනය කෙරෙන ” ෆයිසර්” එන්නත් පළමු තොගය හෙට(05) මෙරටට ලැබීමට නියමිත බව සඳහන්ය. සෞඛ්‍ය ආරංචිමාර්ග සඳහන් කළේ, එම තොගයට එන්නත්…

    Read More

    රිදියගම හැඩකරන ඩෝරා සහ ලාරාගේ සිංහ පැටව්

    හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට අලුතෙන් සිංහ පැටව් 6 දෙනෙකු මේ වනවිට එක්ව තිබේ. ඒ එම සෆාරී උද්‍යානයේ සිංහ ධේනුවන් දෙදෙනෙකු පැටව් තුන් දෙනා බැගින් බිහි කිරීමත් සමග. මෙලෙස පැවව් බිහිකර ඇත්තේ ලාරා සිංහ සහ ඇගේ දියණිය ඩෝරා වන අතර, පැටව්න්ගේ වයස මසකට වැඩි බව සෆාරි උදානයේ නිලධාරින් පවසයි. ඩෝරා යනු මීට වසර කිහිපයකට පෙර ලාරා…

    Read More

    ශ්‍රී ලංකා 20/20 කණ්ඩායම පිටත්වෙයි

    20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත්විය. එම තරගාවලිය මෙවර අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලදී පැවැත්වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස වනිඳු හසරංග කටයුතු කරයි.

    Read More

    එක්සත් අරාබි රාජ්‍යයෙන් සතුන් කිහිපයක් මහජන ප්‍රදර්ශනයට මෙරටට ගෙන්වයි

    එක්සත් අරාබි රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවලක්, හයිනා යුවලක් හා මියර්කැට් යුවල් 03ක් සත්ව හුවමාරු ජාතික වැඩසටහන යටතේ මෙරට සත්වෝද්‍යානයන්හී ප්‍රදර්ශනය සඳහා ගෙන්වා තිබේ. අදාළ සතුන් ඊයේ (10) දින මෙරටට ගෙන්වා ඇත. හයිනා සතුන් රිදීගම සෆාරි උද්‍යානය වෙතද, අනෙක් සතුන් දෙහිවල සත්ව උද්‍යානය වෙතද මසක කාලයක් සඳහා නිරෝධායනය සඳහා යොමු කර තිබේ. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව…

    Read More

    මිනින්දෝරුවන්ගේ අත්හිටවූ වැටුප් ගැන තීරණයක්

    රජයේ මිනින්දෝරු සංගමය විසින් දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වනවිට අත්හිටුවා තිබෙන රජයේ මිනින්දෝරුවන්ගේ වැටුප් කොන්දේසිවලට යටත්ව ගෙවීම් සිදුකිරීමට සූදානම් බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සිය වැටුප් අත්හිටුවීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා රජයේ මිනින්දෝරු සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (03) කැඳවූ අවස්ථාවේදී…

    Read More

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත

    පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබේ. ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේය.

    Read More

    යාපනය ප්‍රදේශයේ වායු ගුණත්වය පිළිබඳව පරීක්ෂාකර අධිකරණයට දන්වන්නැයි නියෝගයක්

    යාපනය ප්‍රදේශයේ වායු ගුණත්වය පිළිබඳව මාසයක් පුරා අඛන්ඩව පරීක්ෂණ කර එහි අහිතකර කාරක තිබේදැයි අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් අද (17) මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළේය.  එවැනි පරීක්ෂණයකදී යාපනය ප්‍රදේශයේ වායුවේ අහිතකර කාරක අන්තර්ගත වන බවට තොරතුරු අනාවරණය වන්නේ නම් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට ඇති හැකියාව සොයාබලා…

    Read More

    ජාතික ජන බලවේගය පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරන අයුරු පැහැදිලි කරයි

    2019 වර්ෂයේ අප්‍රේල් මස 21 පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව එම පක්ෂය විසින් ප්‍රසිද්ධ කර තිබේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් එම කරුණු සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවටත් එම ප්‍රහාරයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධවූ පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් අවධාරණය කරයි. සම්පූර්ණ තොරතුරු පහතින්

    Read More