Headlines

    මෑත ඉතිහාසයේ ගොඩබිම ලොකුම මත්ද්‍රව්‍ය වැටලීම

    රුපියල් කෝටි 500කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් ගාල්ල, මාපලගම ප්‍රදේශයේදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිය භාරයට ගෙන තිබේ. ඒ සමග සැකකරුවන් 10 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මාතර, ගන්දර නූන්නවැල්ල ප්‍රදේශයට බෝට්ටුවක් මගින් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට තොරතුරක් ලැබී…

    Read More

    නිදහස් දිනයට සියල්ල සුදානම් – විශේෂ රථවාහන සැලැස්මකුත්

    හෙට (04) උදෑසන නිදහස් චතුරස්‍රය හා නිදහස් මාවත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් 77 වන නිදහස් දින සැමරුම පැවැත්වීමට නියමිතව තිබේ. අද (03) උදෑසන පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ හෙට දින ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1,000කට අධික පිරිසක් යොදවා ඇති බවය. ඒ අනුව පැමිණෙන පුද්ගලයින්ව පරීක්ෂාවකින්…

    Read More

    අදානි ව්‍යාපෘතිය ගැන යෝජනාවක් හෙට කැබිනෙට්ටුවට

    අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. බලශක්ති අමාත්‍යශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ එළැඹෙන හෙට (06) රැස්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවය. මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත එම සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව…

    Read More

    සචිත්‍ර ගේ කටහඬ පරීක්ෂණ වාර්තාව පමා වෙයි

    මුදලට ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියක සැකකරු වශයෙන් නම්කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ට අදාළ පරීක්ෂණවලට අදාළ කටහඬ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය අද (17) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි. ඒ ඊට අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.  එහිදී ක්‍රීඩා දුෂණ වැළැක්වීමේ…

    Read More

    සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු බව ජනපති කියයි

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ශෝක් මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (25) පෙරවරුවේ සිදු ව තිබේ. ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර මෙරටට පැමිණ සිටින සංචාරකයින්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව මේ වන විටත් තහවුරු කර ඇති බව ජනාධිපතිවරයා එහිදි සඳහන් කර…

    Read More

    මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (09) නියෝග කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබීය. එහිදී නඩුවට අදාළ…

    Read More

    ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය මැයි 13 සිට යළිත්

    ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය දක්වා මෙම මගී යාත්‍රා සේවය වසර 40කට පසුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී නැවත ආරම්භ කෙරුණි. කෙසේවෙතත් මෝසම් වැසි හේතුවෙන් සතියකට පමණ පසු එම සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ අතර යළිත් ලබන…

    Read More

    ලුණු මෙට්‍රික්ටොන් 20000ක් ආනයනයට හෙට සිට ටෙන්ඩර් විවෘත කරයි

    ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව (STC) හරහා ලුණු මෙට්‍රික්ටොන් 20,000ක් ආනයනය කිරීම සඳහා අද (03) සිට ටෙන්ඩර් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.  අදියර 2ක් යටතේ එලෙස ලුණු ආනයනය කිරීමට පියවර ගන්නා අතර පළමු අදියර යටතේ මෙට්‍රික්ටොන් 20,000ක් සහ දෙවන අදියර යටතේ මෙට්‍රික්ටොන් 10,000ක් ආනයනය කෙරෙනු ඇත. ඒ අනුව පළමු අදියර යටතේ ලුණු මෙට්‍රික්ටොන් 20,000ක් ආනයනය කිරීම…

    Read More

    චීනයේ පැතිරෙන වෛරසයේ අලුත්ම තත්ත්වය

    චීනයේ මේ වනවිට පැතිර යන හියුමන් මෙටානියුමෝනියා (HMPV) වෛරසය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් චීන බලධාරීන් වාර්තාවක් නිකුත් කර තිබේ. චීනය පවසන්නේ එම වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නොමැති බවයි. ශීත සමයේ දී මෙවැනි වෛරස පැතිරයාම සාමාන්‍ය කරුණක් බවත්, මෙවර ශීත සමයේ දී එහි යම් අවම වීමක් දක්නට ඇති බවත් චීනය පවසයි. එමෙන්ම චීනයට සංචාරය…

    Read More

    එන්නත් ගෙන්වීම රජයෙන් පමණයි – ජනාධිපති උපදේශක හා කොවිඩ් එන්නත් සම්බන්ධ මෙහෙයුම් ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසයි.

    මෙරටට කොරෝනා එන්නත් ගෙන්වීම හෝ අලෙවි කිරීමට පුද්ගලික අංශයට අවසර ලබා නොදෙන බව ජනාධිපති උපදේශක හා කොවිඩ් එන්නත් සම්බන්ධ මෙහෙයුම් ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පැවසුවේය. එම එන්නත් හදිසි තත්ත්වයන් යටතේ, මෙරටට ගෙනඑන බැවින්, එම කටයුතු රජයේ පාලනය මත සිදුකිරීමට නියමිත බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි. කෙසේවෙතත්, දැනට ඉන්දියාවෙන් ගෙන්වා ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත…

    Read More