Headlines

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (19) පෙ.ව 8.30 සිට එම නිවේදනය නිකුත් කර තිබේ. එම නිවේදයේ දැකවෙන්නේ, බස්නාහිර සහ වයඹ පාළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇතිවය හැකි බවය. එමෙන්ම සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100ට…

    Read More

    ශ්‍රී ලංකා  – නවසීලන්ත කාන්තා තෙවන 20යි 20 තරගය අතහැර දමයි

    සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර තෙවන සහ අවසන් 20යි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබේ. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කාන්තා කණ්ඩායමට ලබාදුනි. ඒ අනුව ඔවුන් පන්දුවාර 14යි එක්පන්දුවක් තුළ කඩුලු 3ක් දැවී ලකුණු 101ක් ලබා සිටිය දී තරගයට වර්ෂාවෙන් බාදා…

    Read More

    සිමෙන්ති සෙස් බද්ද පහළට

    ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද අඩු කර තිබේ. මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑමයකට රු.01/-කින් එම බද්ද අඩුකර ඇති බවය. මෙම අඩුකිරීම සැතැම්බර් මස 06 වනදා සිටි ක්‍රියාත්මක ය.

    Read More

    අද සවස තද වැස්සක්

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.  බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය….

    Read More

    විදුලි ගාස්තු සංශෝධනයට කුමක් වෙයිද ?

    විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමට අදාළ වාචික සැසි ලබන 27 වනදා සිට ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊට අදාළව ඉදිරිපත් කළ ප්‍රතියෝජනාව පිළිබදව මෙම සැසිවලදී මහජන අදහස් ලබා ගැනීමට නියමිතය. ඉදිරි මාස 6ක කාලය…

    Read More

    ට්‍රම්ප් රටවල් 3කට සැරවෙයි  

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකෝවට හා කැනඩාවට 25% බැගින් ද, චීනයට 10%ක් වශයෙන් තීරු බදු පනවන බව පවසා ඇත. කෙසේ නමුත් කැනේඩියානු තෙල් සඳහා 10%ක අඩු තීරු බද්දක් පැනවීමක් සිදුවන බවත්, එය පෙබවාරි 18වනදා සිට ක්‍රියාත්මක වියහැකි බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මීට අමතරව අනාගතයේදී යුරෝපීය සංගමයට ද තීරු බදු…

    Read More

    ලුණු නිෂ්පාදය සියයට 40කින් පහළට?

    මෙරට ලුණු නිෂ්පාදනය අඩු වීම සම්බන්ධයෙන් සොයාබැලීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ පසුගිය වසරේ සහ මේ වසරේ මෙරට ලුණු නිෂ්පාදනය අඩු වී ඇති බවට ලුණු නිෂ්පාදන සමාගම් විසින් වාර්තාවක් ලබාදී ඇති බවය. ඒ සම්බන්ධයෙන් වහාම සොයාබලා ඊට පිළියම් යෙදීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍යංශය…

    Read More
    ශ්‍රී ලංකාවේ ආර්ථීකය ස්ථාවර වීමේ ලකුණු පෙන්වන නමුත් දිළිඳුකම ඉහළ මට්ටමක පවතී – ලෝක බැංකුව

    ශ්‍රී ලංකාවේ ආර්ථීකය ස්ථාවර වීමේ ලකුණු පෙන්වන නමුත් දිළිඳුකම ඉහළ මට්ටමක පවතී – ලෝක බැංකුව

    2022 වර්ෂයේ දි ශ්‍රී ලංකාව මුහුණදුන් බරපතල ආර්ථීක පසුබෑමෙන් පසුව 2024 වර්ෂයේදි ශ්‍රී ලංකාවේ ආර්ථීකය ස්ථාවර වීමේ ලකුණූ පෙන්වමින් 2.2% ක මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බවට ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. නමුත්, රට තුල තවමත් ඉහළ දරිද්‍රතා මට්ටම්, අදායම් අසමානතාවයන් සහ ශ්‍රම වෙළඳපොළ ගැටළු පවතින බව ලෝක බැංකුවේ නවතම ද්වි-වාර්ෂික සංවර්ධන ඇගයුම සඳහන් කරයි….

    Read More

    අමෙරිකාවේ හිටපු ජනපති ජිමි කාටර් මියයයි

    අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වු ජිමි කාටර් මියගොස් තිබේ. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 100කි. අමෙරිකාවේ ජීවතුන් අතර සිටි වයස්ගතම ජනාධිපතිවරයා ලෙස කාටර් නම් කිරීම පසුගියදා සිදුකෙරුණි. වර්ෂ 1977 සිට 1981 දක්වා කාලයේ දී ජිමී කාටර් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. කලක් රෝගාතුරව සිටි ඔහු ඊයේ (29) පස්වරුවේ ජෝරිජියාවේ සිය නිවසේ දී අභාවප්‍රාප්ත වු බව X…

    Read More

    සංචාරක පැමිණීම ලක්ෂ 14ට ආසන්න වෙයි

    මේ වසරේ ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත්තේ ජනවාරි පළමු වැනිදා සිට සැප්තැම්බර් 08 වැනිදා දක්වා දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,395,773ක් බවය. සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් පසුගිය පෙබරවාරි මාසයේ දිවයිනට පැමිණි ඇති අතර එම සංඛ්‍යාව 218,350කි. එමෙන්ම ජනවාරි…

    Read More