පෙති රංග අත්අඩංගුවට
කළුතර හා අවට ප්රදේශ රැසක අයිස් මත්ද්රව්ය සහ මත්පෙති ජාවාරමේ නිරතත වූ “පෙති රංග” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර උතුර පොලිස් වසමේ දෙදියවල සුනාමි නිවාස සංකීර්ණයේදී කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් ඊයේ (24) සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ජම්බුවාගේ මදුරංග සිල්වා නොහොත් “පෙති රංග” යන…