Headlines

    පැනවූ බදු ගැන අමෙරිකාව සමග සාකච්ඡාවට රජය සූදානම්

    ට්‍රම්ප් විසින් මෙරටට පැනවූ නව බදු සම්බන්ධව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව රජය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය පැවසුවේ සාධාරණ ආකාරයකින් වෙළඳ ශේෂය කළමනාකරණය කිරීමේ ක්‍රම ගවේෂණය කිරීමට හැකි ඉක්මනින් අමෙරිකානු පරිපාලනය සමඟ සම්බන්ධ වීමට රජය සූදානම් බවය. සම්පූර්ණ නිවේදනය පහතින්.

    Read More

    වෙඩින් දා උදේ මොරටුමුල්ල මනාලිට කොරෝනා

    මොරටුමුල්ල, කුසගිනිවත්ත ප්‍රදේශයේ කාන්තාවට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවට තහවුරුවීමෙන් පසු ඇයත් සමග විවාහ උත්සවයකට සහභාගී වූ සියලුදෙනා ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා විය.මෙම තරුණිය ඊයේ දින විවාහ ගිවිස ගැනීමට නියමිතව සිටි අතර මංගල දිනයේ පාන්දර කොරෝනා ආසාදනය දැනගෙන තිබේ. ඇගේ සමීපතමයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ වලින් තවත් 27 හැවිරිදි තරුණියකට ද වෛරසය ආසාදනය…

    Read More

    ශ්‍රී ලංකා 20/20 කණ්ඩායම පිටත්වෙයි

    20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත්විය. එම තරගාවලිය මෙවර අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලදී පැවැත්වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස වනිඳු හසරංග කටයුතු කරයි.

    Read More

    පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට තියන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට

    පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවට වන යෝජනාවක් අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර හෙට (07) දිනයේ ආණ්ඩු පාර්ශ්වය විසින් ‘වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව’ සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය…

    Read More

    ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය මැයි 13 සිට යළිත්

    ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය දක්වා මෙම මගී යාත්‍රා සේවය වසර 40කට පසුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී නැවත ආරම්භ කෙරුණි. කෙසේවෙතත් මෝසම් වැසි හේතුවෙන් සතියකට පමණ පසු එම සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ අතර යළිත් ලබන…

    Read More

    අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක්

    වර්ථමානය වන විට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි. අද (08) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අත්‍යවශ්‍ය ඖෂධ 862ක් හඳුනාගෙන ඇති බවත් ගිය වසර වන විට එම ඖෂධ 250ක හිඟයක් පැවති බවය. නමුත් වර්ථමානය වන විට ජාතික මට්ටමේ හිඟතාවක් ලෙස වාර්තා වී ඇත්තේ ඖෂධ 52ක…

    Read More

    සැප්තැම්බර් මාසයේ විදේශ ප්‍රේෂණ අඩුවෙයි

    අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය සුළු වශයෙන් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අගෝස්තු මාසයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 577ට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 556 දක්වා අඩු වී ඇති බව මහ බැංකුව පෙන්වාදෙයි. කෙසේවෙතත් 2023 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024…

    Read More

    හමාස් අද නිදහස් කරන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නම් කෙරේ

    ගාසා සටන් විරාම ගිවිසුම යටතේ අද (25) නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙකුගේ නම් හමාස් සංවිධානය විසින් මේ වනවිට ප්‍රසිද්ධ කර ඇත. කරීනා අරීව්, ඩැනියෙලා ගිල්බෝවා, නාමා ලෙවි සහ ලිරි ඇල්බග් යන අය මෙලෙස නිදහස් කිරීමට නියමිත අතර, ඔවුන් සියලු දෙනාම ඊශ්‍රායල සෙබළියන් බව වාර්තා වේ. ඒ අනුව මෙම ප්‍රාණ ඇපකරු හුවමාරුව වෙනුවෙන් ඊශ්‍රායලය විසින්ද…

    Read More

    ලොව වේගවත්ම T20 ශතකය වාර්තා කෙරෙයි

    එස්ටෝනියා කණ්ඩායමේ සාහිල් චව්හාන් ලොව වේගවත්ම T20 ශතකය රැස්කළ ක්‍රීඩකයා බවට පත්විය. ඒ සයිප්‍රස් කණ්ඩායමට එරෙහිව පන්දු 27කදී සිය ශතකය වාර්තා කරමිනි. මීට පෙර ලොව වේගවත්ම T20 ශතකය වාර්තා කර සිටියේ නැමීබියාවේ Jan-Nicol Loftie Eaton ය. ඔහු පන්දු 33කින් සිය ශතකය වාර්තා කළේය. ඔහුගේ ලෝක වාර්තාව පැවතියේ මාස 4ක් පමණි. සයිප්‍රස් කණ්ඩායම සහ එස්ටෝනියාව අතර…

    Read More

    රට ගොඩනැගිය හැක්කේ තමාට පමණක් බවට සජිත්ගෙන් ප්‍රකාශයක්

    රට ගොඩනැගිය හැකි එකම බලවේගය සමගි ජන බලවේගය බව එහි ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය. “දැන් රටේ ජනතාවට බොහෝම පැහැදිලි තීන්දුවක් තියෙන්නේ. ඒ පැහැදිලි තීන්දුව තමයි, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක ජෝඩුවට කතිරේ ගහනවා ද? එහෙම නැත්නම් රට ගොඩනගන සමගි…

    Read More