Headlines

    රූපරැජින ලෙස කිරුළු පැළඳ මිනිත්තු කිහිපයකින් කිරුල අහිමි වී ගිය රුවැත්තී..

    ශ්‍රී ලංකා විවාහක රූරැජින තරඟාවලිය ඊයේ (04) පැවති අතර එහි විවාහක රූරැජින ලෙස කිරුළු පැළද මිනිත්තු කිහිපයකින් එම කිරුළ අහිමි වීම පිළිබඳ ලංකාවේ බොහෝ දෙනෙකු කතා වේ. ඇය නමින් පුෂ්පිකා සඳමාලි ද සිල්වා වේ. ඇගේ උපන් ගම පොළොන්නරුව වන අතර ඇය 2011 වසරේ මිස් ශ්‍රී ලංකා ලෙස ද කිරුළු පැලඳ ඇත. එහි දී ඇගේ උපන්…

    Read More

    ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට සියයට 44ක ආනයන බද්දක්

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02) ප්‍රකාශයට පත්කර ඇති අතර අනිද්දා (05) දිනයේ සිට එම බදු පැනවීම ක්‍රියාත්මක බව වාර්තා වේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම ඊයේ දිනයේ සජීව…

    Read More

    මහ බැංකු අධිපතිගෙන් ඉඟියක්

    ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමෙන් පසුව ද්වි පාර්ශ්වික ණය හිමියන්ගෙන් ඉහළ සහායක් ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකි වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.  තිරසාර ස්ථාවරත්වය නමින් මහ බැංකුවේ පැවැති වැඩසටහනකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.  ශ්‍රී ලංකා මහ බැංකුව සංවිධානය කළ තිරසාර ස්ථාවරත්වය නම් සංවාදාත්මක වැඩසටහන ඊයේ (09) පැවැත්වුණේ මහ බැංකු…

    Read More

    ඉන්දියාවේ තවත් ඛේදවාචකයක්

    වායූ දුෂණය හේතුවෙන් සෑම වසරකම ඉන්දියාව තුළ මරණ 33,000ක් පමණ සිදුවන බවට අනාවරණය වී තිබේ. “Lancet Plenary Health” සඟරාවේ වාර්තාවක් මඟින් මෙය අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  ඉන්දියාවේ නගර 10ක් තුළ වායූ දූෂණය හේතුවෙන් මරණ වාර්තාවීම් සිදුව තිබේ. අහමාදාබාද්, බැංග්ලෝර්, චෙන්නායි, දිල්ලි, හයිද්‍රාබාද්, කොල්කටා, මුම්බායි, පූණේ, ශිම්ලා සහ වරණාසි යන නගරවලින් එම…

    Read More

    විදෙස්ගත ශ්‍රමිකයින්ට නිකුත්කළ විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ගැන විගණනයක්

    විදෙස්ගත ශ්‍රමිකයින්ට සම්පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීමට ක්‍රියාත්මක කළ යෝජනාක්‍රමය සම්බන්ධයෙන් විශේෂ විගණනයක් සිදුකර තිබේ. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව කථානායක අශෝක රන්වල මහතා අද (05) පැවසීය.   ඒ සම්බන්ධයෙන් 2022 මැයි 01 වනදා සිට 2023 සැප්තැම්බර් 15 වනදා දක්වා ක්‍රියාත්මක කළ එම යෝජනාක්‍රමය ඔස්සේ බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් එම විගණනය සිදුකර තිබේ.

    Read More

    මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්

    ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අනාවරණය කරයි. අද (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම අනාවරණය කරමින් ඔහු කියා සිටියේ, මෙම කරුණු සඟවමින් වැටුප් වැඩි කරගත් මහබැංකු අධිපතිවරයා සහ පාලනාධිකාරිය ඉල්ලා අස්විය යුතු බවය.  මෙහිදී වැඩිදුරටත්…

    Read More

    මැදපෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගැන දැනුම්දීමක්

    ඊශ්‍රායල අර්බුදයත් සමග මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අර්බුදය උත්සන්න වුවහොත් එම කලාපයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවය.

    Read More

    නවසීලන්තයට ආසන්න දූපතක ප්‍රබල භූකම්පනයක්

    නවසීලන්තයට අයත් දූපතක් ආසන්නයේ ප්‍රබල භූකම්පයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 6.7 ක ප්‍රබලත්වයකින් යුතුව එම භූකම්පනය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවලින් ජනතාවට ඉවත් වන ලෙසට දැනුම්දී තිබේ. කෙසේවෙතත් භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නොමැති බව වාර්තා වෙයි.

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-02) – ඊයේ ආසාදිතයින් 310 යි මරණ 05 යි

    අද දින (02) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 310 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 07 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 303 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (01) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    මෝටර් රථවලට ලියාපදිංචි අංක තහඩු නිකුත් නොකිරීම

    නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ දී අංක තහඩු නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ අංක තහඩු වල හිඟතාවයක් හේතුවෙන් පසුගිය අප්‍රේල් මස 28වනදා සිට මෙය තාවකාලිකව අත්හිටුවා ඇති බවය. ඒ අනුව ලියාපදිංචි චැසි අංක දරණ මෝටර් වාහන සඳහා අංක තහඩු සහ ස්ටිකර් නිකුත් නොකරන බව සඳහන්ය. මෝටර් රථ…

    Read More